(විනීතා එම් ගමගේ)
වතු කම්කරුවන්ගේ දිනයක මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩිකිරීමට වැවිලි සමාගම් හා වතුකම්කරු වෘත්තිය සමිති අද (25) එකඟතාවකට පැමිණියේය.
ඒ අනුව රුපියල් 500 ක්ව පැවැති දිනයක මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩිකිරීමට නියමිත අතර රුපියල් 50ක දෛනික දීමනාවක් ද එයට එක්වන බව කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා ලංකාදීපයට පැවැසීය.
අර්ථසාධක අරමුදලට හාම්පුතුන් වෙන් කරන මුදල ද සමඟ දෛනික වැටුප රුපියල් 850 ක් වන බව කි අමාත්‍යවරයා වැඩිපුර කඩන දළු සඳහා මෙතෙක් ගෙවූ කිලෝවකට රුපියල් 25 ක මුදල රුපියල් 40 ක් දක්වා වැඩි කිරීමට ද වැවලි සමාගම් එකඟ වූ බව ද සඳහන් කළේය.
නව එකඟතා සහිත සාමූහික ගිවිසුමට සඳුදා (28) අස්සන් කරන බව කී සමරවීර මහතා සාමූහික ගිවිසුම අස්සන් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් ගෙවීමට සිදුවන හිඟ වැටුප් ගෙවීම සඳහා රුපියල් මිලියන 150 ක් රජයෙන් ගෙවීමට කටයුතු කරන බව ද කියා සිටියේය.
කම්කරු අමාත්‍යංශයේ දී කම්කරු සහ වෘත්තිය සමිති සබඳතා ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ පිලිබඳ සාකච්ඡාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා, වතු කම්කරු වෘත්තිය සමිති සහ වැවිලි සමාගම් නියෝජිතයෝ සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කම්කරු වැටුප් සහ සේවා වැඩිකිරීම හොඳ දෙයක්... ඒ වගේම දහසක් ප්‍රශ්න මැද කටයුතු කරන කුඩා තේවතු හිමියාද රැකගත යුතුයි. ඔහුගේ ප්‍රශ්න දෙසත් සාධාරණව බලා... අමු දළු සඳහා වැඩිපුර ගෙවීමක් සිදුකළ යුතුයි.
කම්කරු වියදම වැඩිවෙන්න වැඩිවෙන්න එම ව්‍යාපාරත් අස්ථාවර වෙන්න පටන් ගන්නවා. ලංකාවට පිටරට ව්‍යාපාර ගෙන්න ගන්න අපහසු වෙලා තියෙන්නෙත් ඒකයි. බංග්ලාදේශය වගේ රටවල් එක්ක බලද්දි. ආණ්ඩු උත්සහ කල යුතුයි අඩු මිලට මේ අයට කෑම බීම ගන්න ක්‍රමයක් හදලා දෙන්න. බොහෝමයක් කෑම බීම වල සිල්ලර මිල කියන්නේ තොග මිල වගේ දෙගුණයක්. ප්‍රවාහන ගාස්තු සහ නරක්වීම වගේ දෙවල් නිසා මිලක් එකතුකරගන්න වෙනවා ඇති. ඉතින් ආණ්ඩුවේ සතොස හරහා මේ දේවල් බෙදා හරින ක්‍රමයක් හදගන්න පුලුවන් නම් සැලකියයුතු ගණනකින් වියදම අඩු කරගන්න පුලුවන්.
වතු කම්කරු ජනතාවගේ බලය පෙන්වූ මෙය ඉතා හොඳ තීරණයක්..
කළු කඩයෝ ප්‍රවේශමෙන්... අපි මහජන සෞඛ්‍ය පරීක්ෂකයින්ට කෝල් කරලා කියනවා... කළු මුදලාලි කුණු කරවල, අතුගාපු තේ කොළ, ගස්ලබු කොළවලින් හදපු බීඩි ඒ වගේම ෆෝමලීන් දාපු කරවල විකුනනවා කියලා.