( ඉන්දිකා රාමනායක)
බටහිර අප්‍රිකානු රටක් වන මාලි රාජ්‍යයේ සාම සාධක කටයුතුවල නිතර ශ්‍රී ලංකා හමුදා පිරිසක් ගමන් ගත් රථ පෙළක් බෝම්බයකට හසු වීමෙන් ශ්‍රී ලංකා යුද හමුදා කපිතාන්වරයකු හා සෙබළකු මියගොස් තවත් සෙබලුන් තිදෙනකු තුවාල ලබා ඇතැයි හමුදා ප්‍රකාශක බ්‍රිග්‍රේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය.
මෙම බෝම්බය දුරස්ථ පාලකයක් මගින් පුපුරුවා ඇති අතර ඩුවෙන්සා කාන්තාරය ආසන්නයේදී අද(25) එරට වේලාවෙන් පෙරවරු 6.30 ට පමණ සිදු වී ඇතැයි හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිතක්ෂයට පත් නිලධාරීයගේ සහ සෙබලාගේ පවුලේ සියලු දෙනාටම හදපිරි ශෝකය... තුවාල ලැබූ සෙබලුන් සියලු දෙනාට ඉක්මන් සුවය පතමි.
උතුරේ යුද්ධය නිමවී අස්වැසිල්ලක් ලබපු මේ පවුල් සාමාජිකයන්ට නොකල්හි ඇතිවූ මේ අභාග්‍යසම්පන්න සිදුවීමට මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි. 'අපි වෙනුවෙන් අපි' මෙන් මුදල් කොල්ල නොකා මේ අයට හැකි උපරිම සාධාරණය ඉෂ්ඨ වේවා යයි සිතමි.
මෙම විරෝදාර රණවිරුවන්ට ඇතිවූ ඉරණම පිළිබඳව අපගේ බලවත් කණගාටුව පල කරන්නෙමු. ඔවුන්ගේ ඥාතීන්ටද අපගේ ශෝකය ප්‍රකාශ කරන්නෙමු.
වහාම අපේ හමුදාවන් කැඳවනු