(අජන්ත කුමාර අගලකඩ)
ඇමැතිවරුන්ගේ විෂය පථයන් ගැසට් කිරීමේදී අකිල විරාජ් කාරියවසම් මහතාගේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පැවරී තිබූ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය සහ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලය ඉන් ඉවත් කර රාවුෆ් හකීම් මහතාගේ නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉකුත් 10 වැනිදා නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම විශ්ව විද්‍යාල දෙක උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා තිබේ.
මේ අතර ලක්ෂ්මන් කිරි ඇල්ල මහතාගේ රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශයේ විෂය පථයට කන්ද උඩරට උරුමය සුරැකීම සඳහා ව්‍යවස්ථාපිත මණ්ඩලය පිහිටුවීම සහ ඊට අදාල කටයුතු වෙනුවෙන් අයතනයක්ද අලුතින් එකතු කර ඇත.
ජනාධිපතිවරයා විසින් ඉකුත් 16 වැනිදා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් මෙම පැවැරීම සිදුකර තිබේ.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශයේ විෂය පථයන් ගැසට් කිරීමේදී ලංකා පිඟන් සංස්ථාව (ගඩොල් සහ උළු අංශය), සීමා සහිත කහගොල්ල ඉංජිනේරු සේවා සමාගම , සීමා සහිත බී සී සී සමාගම සහ රාජ්‍ය සම්පත් කළමනාකරණ සංස්ථාව යන ආයතන හතර පමණක් මීට පෙර පවරා තිබිණි.
අමාත්‍යාංශ විෂය පථයන් බෙදීමේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව ලක්ෂ්මන් කිරි ඇල්ල ඇමැතිවරයා මීට පෙර ප්‍රකාශ කර තිබූ අතර සාධාරණයක් ඉටුකරන්නැයි ඔහු අගමැතිවරයා මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.
එහෙත් ඔහුගේ අමාත්‍යාංශය යටතට අලුතින් කිසිඳු ආයතනයක් පත් නොකිරීමද විශේෂත්වයකි.
මේ අතර ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොසු සැපයීම් කැබිනට් නොවන ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා , කම්කරු හා වෘත්තීය සමිති සබදතා කැබිනට් නොවන ඇමැති රවී සමරවීර යන මහත්වරුන්ගේ අමාත්‍යාංශවලට පැවරෙන ආයතන හා විෂය පථයන්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
මේ අතර කම්කරු හා කම්කරු සබදතා සහ සාමාජ සවිබල ගැන්වීමේ ඇමැති ලෙද දිවුරුම් දුන් දයා ගමගේ මහතාගේ කම්කරු හා කම්කරු සබදතා විෂය පථය ඉවත් කර ප්‍රාථමික කර්මාන්ත හා සාමාජ සවිබල ගැන්වීමේ ඇමැතිවරයා ලෙස පත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි කීපදෙනෙකුගේ විෂය පථයන් වෙනස්වේ! කොහොමත් ඉතින් මාසෙකට දෙහෙකට සැරයක් වෙනස්වෙන නිසා මුදල් නාස්ති වෙන්නෙත් නැහැනේ ගැසට් කරන්න, නැවත නම් ගම වෙනස් කරන්න, විශාල බෝඩ් ලෑලි වල සාදරයෙන් පිලිගනිමු වැනි දෑ සදහා. එසේ වෙනස් උනාම කාර්ය මණ්ඩලයත් වෙනසක් නැහැනේ නේද ? කොච්චර මුදල් ඉතිරියක් ද.
විද්‍යානුකූලව වෙන්න ඇති විෂය පථ එහාට මෙහාට කරන්නේ... "නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන" එකට තැබීම නම් හරියට " කේක් සහ මඩ්ගාඩ්" වගේ කියලා කවුදෝ හයියෙන් කියනවා ඇහුණා.
බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය සහ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලය වෙනත් අයෙකුට පවරලා. දහම් පාසල්වල උගන්වන්න වෙනත් අය එවන රටක මේක පුදුම නැත... රනිල් බුද්ධාගම විනාශ කරන්න හදනබව සිංහල බෞද්ධ එජාප කොටළුවන්ට නොපෙනෙන්නේ ඇයි? ඒ අය කොටළුවන් නිසාද? ආගමට නින්දාවක් නේද?
අපේ රටේ ජනාධිපතිට ඇති මූලික කාර්යය තමා සතියෙන් සතිය ගැසට් ගහන එක... අනිත් එක රට පෙරට තියලා සවාරි යන එක... තවත් බොහෝ දේ තිබුණත් ලියන වැකි පවා අපතේ යනවා...
දාම් පෙතේ ඉත්තෝ අදිනවා වගේ, ජනාධිපතිවරයා සෙල්ලම් කරමින් සිටිනවා! 2018 ඔක්තෝබර් මාසයේ සෙල්ලම් රජයකට, සෙල්ලම් අගමැතිවරයෙක් සමග සෙල්ලම් කැබිනට් මණ්ඩලයක් පත්කරලා ලස්සන සෙල්ලමක් පටන් ගත්තා. අපේ රටේ ස්වාධීන අධිකරණයට පින්සිද්ද වෙන්න එම "සෙල්ලම් රජය" අහෝසි කරන්න ඔහුට සිදු වුණා! සිරිසේන මහත්තයා පරාජය බාරගන්න අකමැති නිසා, දැන් දාම් පෙතේ සෙල්ලම පටන් අරන් ඉන්නවා. කමක් නැහැ මහත්තයෝ පිටරට යන්නේ නැති වෙලාවට ජනාධිපතිට කරන්න වැඩකුත් තියෙන්න ඕනෑනේ! තව කී දොහක්ද තියෙන්නේ ඔය විදියේ සෙල්ලම් කරන්න. ඉත්තෝ අදිමින් ඉන්නකෝ ඒ කාලේ එනකම්......
වසර හතරට මේ හරක් නායකයන් ඇමැතිවරු, ලේකම්වරු කී සැරයක් වෙනස් කළාද? ඉතින් පඩි අරගන වැඩ නොකර හිටියා, මහා දෙන්න තරඟෙට රට ගිය අන්‍යාගමිකයන්ට බුද්දාගම පාවල දුන්නා. මුන්ගේ ඔලුවේ අසූචි. උගත්කමක් නැති පාලකයන්
බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය එක රවුෆ් හකීම් මහත්තයට දුන්නම, චුටි වෙනසක් කරලා, පොඩි රූල් එකක් එහෙ මෙහෙ කරලා ෂරියා විශ්ව විද්‍යාලයට පර්මිට් එක ගන්න පුළුවන්. මෙයින් රටේ සහජීවනයට විශාල ඉදිරි පිම්මක් ලබා ගන්න පුළුවන්. චිරං ජයතු ජනාදිපති තුමනි!!
බෞද්ධ විරෝධී රාවුෆ් හකීම් ට බෞද්ධ සම්බන්ද දේවල් දෙන්න තරම් මේ ආණ්ඩුව පිරිහිලා. මෙව්වා කාටනම් කියන්නද. මෙයාගෙන් කිසි වැඩක් මේවට වෙයිද ඉතින්. මේක බෞද්ද කටයුතු ඇමතිට දෙන්න තරඟ මොලයක් නැති හරක් පාලකයන් ඉන්න රටක.
හුනියමක්, කොඩි විනයක්, සෙත් කවියක් කියන්න දන්නා හොද වැඩ කරුවකු ඉන්නවනම් අමතන්න. මේ හරක් 225 අංගවිකල කරන්නයි අංගවිකල වූ රට කෙලින් කරන්නයි. මොකද ඡන්දයකින් නම් මේ හොර මි හරක් ටික පන්නන්න අමාරුයි අංග විකල වූ ජනතාවක් ඉන්න නිසා.
බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය අන්‍ය අගමිකයෙකුට දෙන්න? බුද්ධාගම වනසන්නද හදන්නේ? උතුරේ පන්සල් විනාශ කරනවා. නැගෙනහිර පන්සල් විනාශ කරනවා. බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය අන්‍ය අගමිකයෙකුට බාර දෙනවා.. අපේ හාමුදුරුවෝ මේ අයට සෙත් පතනවා...
උළු ගඩොල් වලටත් ඇමති කෙනෙක් ඉන්නවා නේද? අනේ අම්මපා මෙහෙමත් රටක්...
ඉස්සර නම් ඇමති පත්කරන්නේ අවුරුදු පහටම. දැන් මාසෙන් මාසෙට ඇමති වෙනස් වෙනවා . ඒක නිසා වැඩිය හිතන්න එපා