පෙම්වතිය ඝාතනය කර ගිනි තියයි පානදුර වළාන දූෂණ මර්ධන අංශයට අනියුක්තව සේවය කළ 23 හැවිරිදි කාන්තා පොලිස් කොස්තාපල්වරියක් හාලිඇල ජගුල්ල පිහිටි සිය නිවස තුළදීම පිහියකින් ගෙළ කපා සිරුරට ගිනි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා බව කියන 27 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි. 02 September 2018
එයාර් බස් ගුවන් යානයක් කටුනායකට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට අබුඩාබි බලා ගුවන් ගත් ඉටිහාඩ් ගුවන් සේවයට අයත් A- 380 එයා බස් වර්ගයේ ගුවන් යානයක් අද (2) අලුයම ඉන්ධන ලබා ගැනීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ රාජකාරි කළමනාකාරිවරයා ප්‍රකාශ කළේය . 02 September 2018
ගලහ රෝහලට පහර දී අලාභ හානි කළ 7 ක් අත්අඩංගුවට වයස අවුරුදු එකහමාරක දරුවෙකු මිය යාමෙන් කුපිත වී පසුගිය 28 වැනි දා ගලහ ප්‍රාදේශීය රෝහලට පහර දී අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 7 දෙනෙකු ගලහ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 02 September 2018
මඩේ එරී අලි පස් දෙනෙක් මිය ගිහින් සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ විසූ සද්ධන්තයින් පස් දෙනෙකු මහවැලි ගගේ ප්‍රධාන අතු ගංඟාවක් වූ පෙරියආරු ගඟට අයත් පොලොන්නරුව ඕනෑගම පුදූර් ප්‍රදේශයේ වගුරු බිමක මඬේ එරී මියගොස් සිටියදී ඒ මළසිරුරු අද (01) දහවල් හමුවූ බව වනජීවි නිලධාරිහු කියති. 01 September 2018
කීඩෑවන් වැනසූ කුඹුරට ගිනි තියයි අම්පාර දිස්ත්‍රික්කයේ කීඩෑ උවදුර නිසා කුඹුරු අක්කර 14000 ක් පමණ විනාශ වි ඇති බව දිගාමඩුල්ල වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති සී.එච්. කුමාර මහතා පැවසිය. 01 September 2018
මුහුදේ ගිලී එක්දරු මවක් මරුට හලාවත මුහුදු වෙරළෙ පාගමින් සිටි පිරිසක් අතර සිටි 33 වියැති තරුණ එක් දරු මවක් අද (01) පස්වරු මුහුදෙහි ගිලි මියගොස් ඇති බව හලාවත පොලිසිය කියයි. 01 September 2018
කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක පදවියට පත්වෙති කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය ගෞරව ශාස්ත්‍රෙව්දී ගරු වල්ගම රතනසිරි හිමිපාණන් වෙත පිළිගැන්වීමේ උත්සවයක් අද (01) පස්වරුවේ කෝට්ටේ රජමහා විහාරස්ථ සිරි මංගල උපොසථාගාරයේදී පැවැත්විණි. 01 September 2018
මාලිංග යළි කැඳවයි ලබන මස 15 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලිය සඳහා නම් කරන ලද 16 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට ලසිත් මාලිංග යළි කැඳවා තිබේ. 01 September 2018
නාඋල සොබා දහම් ගොවිපොළ කාබනික හෝ කිසිදු රසායනික ද්‍රව්‍යයක් නොයොදා කන්ද උඩරට වගාකෙරෙන කැරට් ඇතුළු එළවළු වගාවන් රැසක් නාඋල හාඩුව ප්‍රදේශයේ ගොවිපලක අස්වනු නෙලීම මේ දිනවල සිදු කෙරේ. 01 September 2018
හදිසි ගින්නකින් පොලිස් කාන්තාවක් මරුට හාලිඇල කැටවල ජගුල්ල ප්‍රදේශයේ නිවසක ඇතිවූ හදිසි ගින්නකින් අද (1) හවස අභිරහස් අන්දමින් පොලිස් කාන්තාවක් මිය ගොස් ඇතයි හාලිඇල පොලීසිය පවසයි. 01 September 2018
හම්බාවෙක් හාලිඇලින් හමුවෙයි ශ්‍රී ලංකාවෙන් වදවී යන ඉතා දුර්ලභ ගණයේ හම්බාවකු හාලිඇල නුගසෙවනගම ප්‍රදේශයේ නිවසකින් හමුවී ඇතැයි හාලිඇල පොලීසිය පවසයි. 01 September 2018
පොලිස් අනුරූ සොරකම් කළ තරුණයින් අත්අඩංගුවට වේග මීටරය සහිත පුත්තලම කොළඹ මාර්ගයේ පාලවිය- වන්තිව් ප්‍රදේශයේ තබා පොලිස් නිළධාරින්ගේ සමාන රුව සහිත අනුරූ (ඩමිය ) විහිළුවට සොරකම් කල තරුණයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලීසියේ රථවාහන කියයි. 01 September 2018
විල්ගමුව සිට රිවස්ටන් දක්වා මාර්ගය පුළුල් කරන්න යයි රත්තොට, විල්ගමුව සිට රිවස්ටන් දක්වා මාර්ගය පුළුල් කිරිමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා වන මූලීක සාකච්ඡාවක් පසුගියදා රත්තොට ප්‍රාදේශීය ලේකම්කාර්යාලයේ දී පැවැත්විණි. 01 September 2018
පිළිකා ඖෂධ 10 ක - ඖෂධ නිෂ්පාදන 13 ක - වෛද්‍ය උපකරණ 02 ක මිල අඩුවෙයි ඉතා මිල අධික පිළිකා ඖෂධ 10 ක්, තෝරා ගත් ඖෂධ නිෂ්පාදන 13 ක සහ වෛද්‍ය උපකරණ 02 ක මිල නියාමනය සැප්තැම්බර් 01 වන දා සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. 01 September 2018
සුසැදි දේශයක් උදෙසා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් සංවිධානය කළ ’’ සුසැදි දේශයක් උදෙසා ජනතා මෙහෙවර ’’ යන මැයෙන් අල්ලස සහ දුෂණය නිවාරණය පිණිස දිවයිනෙහි පළමු වරට සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (1) පෙරවරුවේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 01 September 2018
ගජමුතු 12 ක් සමඟ සැකකරුවන් 4 ක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 11 1/2 ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කරතිබූ ගජමුතු 12 ක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු අද (01) අලුයම දෙහිඅත්තකණ්ඩිය, සිරිපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව පොලොන්නරුව පොලිසිය කියයි. 01 September 2018
ශ්‍රීලනිප 67 වැනි සංවත්සරය ඉරිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වැනි සංවත්සරය ඉරිදා (2) යෙදී ඇති අතර මෙවර එම සංවත්සර සැමරුම ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සිදුකරන බව එහි මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය. 01 September 2018
රංජන් රාමනායකගෙන් හිටපු අගවිනිසුරුට එරෙහි පැමිණිල්ලක් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කර ඇතැයි වර්තමාන අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පැවැසීය. 31 August 2018
පාර්ලිමේන්තුව පිටුපස ලඳු කැලයේ කොළ දිවි රංචුවක් පාර්ලිමේන්තු සංකිර්ණය පිටුපස ලඳු කැලයේ කොළ දිවි රංචුවක් මේ දිනවල නිතර සැරිසරන බව වාර්තා වේ. 31 August 2018
තිරිඟු පිටි මිල නගී තිරිඟු පිටි කිලෝ එකක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම පියවර ගෙන තිබේ. අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට මෙම මිල ඉහළ දැමීම ක්‍රියාත්මක වේ. 31 August 2018
ඒකාබද්ධයේ උද්ඝෝෂණය පවත්වන ස්ථානය 4 වැනිදා ප්‍රකාශයට ආණ්ඩුවට එරෙහිව ලබන 5 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය පවත්වන ස්ථානය 4 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත. 31 August 2018
පාර්ලිමේන්තුවට පුටු 232ක් අලුතින් ගන්න යෝජනාවක් පාර්ලිමේන්තු සභා ගර්භය සඳහා පුටු 232ක් අලුතින් මිලදී ගැනීමට යෝජනාවක් ඉදිරිපත්වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 31 August 2018
සේරුවිල පුදබිම නව සැලසුම් අනුව දියුණු කරන බව අගමැති කියයි සේරුවිල පුදබිමේ පෞරාණික අගය ආරක්ෂා කර ගනිමින් නව සැලසුම් අනුව දියුණු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සේරුවාවිලදී අද (31) පැවැසීය. 31 August 2018
රට රැකියා දෙනවායැයි කියා සල්ලි ගත් අයෙක් අත්අඩංගුවට විදෙස් රැකියාවන් ලබාදෙන බව පවසා කාන්තාවන් විශාල පිරිසක් රවටා මුදල් වංචා කළ පුද්ගලයකු පොලිසියට ලැබුණු තොරතුරක් මත පේරාදෙණිය පොලිසිය විසින් අද (31) අත්අඩංගුවට ගනු ලැබීය. 31 August 2018
ඉන්දීය රුපියල කඩා වැටේ ආසියානු කලාපයේ සියලු මුදල් ඒකක පහත වැටෙද්දි ඊට සමගාමීව ඉන්දීය රුපියල ද වාර්තාගත අයුරින් අද (31) නැවත වරක් පහත වැටිණි. 31 August 2018
රාජ්‍ය දේපළට හානි කළැයි හිමිවරු සිව්දෙනෙක් අත්අඩංගුවට ගන්න නියෝග ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයක් අතුරතුර රාජ්‍ය දේපළවලට හානි කළැයි කියන සිද්ධියකට අදාළව භික්ෂූන් වහන්සේ සිව් නමක් ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (31) නියෝග කළාය. 31 August 2018
මැණික් වලින් වතුර පෙරණ ෆිල්ටරයක් ජලයේ බැර ලෝහ ඉවත් කිරීම සඳහා මැනික් ගල් යොදා ගනිමින් ජල පෙරණයක් නිපදවීමට ශ්‍රී ලාංකික මැණික් විද්‍යාඥයෙක් සමත්ව ඇත. 31 August 2018
නැ’හිර මුස්ලිම් දේශපාලකයින් සතුව ආයුධ ඇතැයි කියන චෝදනා ගැන පරීක්ෂණයක් ඉල්ලයි නැගෙනහිර පළාතේ මුස්ලිම් දේශපාලඥයින් සතුව අවි ආයුධ ඇති බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් කඩිනම්, පුළුල් පරීක්ෂණයක් පවත්වා සත්‍ය හෙළි කරන්නැයි ඉල්ලා මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එම්. එල්. ඒ.එම්. හිස්බුල්ලාහ් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කර තිබේ. 31 August 2018
යුද අපරාධ සිදු වු බව පිළිගන්නා ලොව එකම ඇමැතිවරයා ලංකාවේ විදේශ ඇමැතිවරයායි යුද අපරාධ සිදු වූ බව පිළිගන්නා විදේශ ඇමැතිවරයෙක් ලොවෙහි සිටී නම් ඒ ශ්‍රී ලංකාවේ විදේශ ඇමැතිවරයා පමණක් යැයි ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ කැඳවුම්කරු හිටපු රියර් අද්මිරාල් හිටපු නියෝජ්‍ය ඇමැති සරත් වීරසේකර මහතා පැවසීය. 31 August 2018
කොළොන්නාව ගබඩාවේ දැවි තෙල් අතුරුදන්වීම ගැන පරික්ෂණයක් කොළොන්නාව තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම් පරිශ්‍රයේ (සී.පී.එස්.ටී.එල්) තිබූ රුපියල් දසලක්ෂ පනස්දහසක් වටිනා දැවි තෙල් ලීටර් 13,200ක් අතුරුදන්වීම සම්බන්ධව එම ආයතනය පරීක්ෂණයක් අරඹා තිබේ. 31 August 2018
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026