අංජුල මහික වීරරත්න සහ මඩුකන්ද සිතුම් චතුරංග යාපනය සිට
දේශපාලන ප්‍රශ්නයට විසඳුමක් ලෙස මේ වනවිට සාකච්ඡා කර ඇත්තේ මහින්ද රාජපක්ෂ රජය ඉදිරිපත් කළ සර්ව පාක්ෂික යෝජනා පමණක් යැයිද අද සංහිඳියාව ගොඩනැගීම සඳහා අප එම යෝජනා ගැන කතාකරන විට එදා එම යෝජනා හොද යැයි කියූ පිරිස අපට ද්‍රොහීන් යැයි හංවඩු ගසන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (14) යාපනයේදී පැවසීය.
එක්සත් ජාතික පක්ෂය කිසිවිටක බලය බෙදාහැරීම ගැන කිසිදු ලියවිල්ලක් හෝ යෝජනාවක් ලබාදී නැතැයි කී අග්‍රාමාත්‍යවරයා අද ද්‍රවිඩ සංධානය කතාකරන්නේ මහින්ද රාජපක්ෂ යුගයේ ගෙනආ සර්වපාක්ෂික යෝජනා පිළිබඳව බව සියලූ දෙනා දැනගතයුතු යැයිද පැවසීය.
මේ පිළිබඳ විවේචන එල්ල කරන සමහර මාධ්‍ය මහින්ද රාජපක්ෂ යුගයේදී ” දුටුගැමුණු රජ්ජුරුවන්ට රට එකතුකරන්න යෝජනා ගෙනවිත් තිබෙන බව” පැවසූයේ යැයි සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ නියඟයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කවල කාන්තාවන් විසින් මූල්‍ය ආයතන වලින් ලබාගෙන ඇති ණය නිදහස් කිරීමේ රාජ්‍ය උත්සවයට සහභාගී වෙමිණි.
රුපියල් මිලියන 1400ක මුදලක් වෙන්කර මුදල් අමාත්‍යංශය විසින් මෙම වැඩසටහන සංවිධානයකර තිබිණ.
යාපනය වීරසිංහම් ශාලාවේ පැවති මෙම උත්සවය පිළිබඳ තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උතුරු පළාත් සංචාරයේදී යාපනය, කිලිනොච්චි, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවල සංචාරය කරමින් දෙදිනක් පුරා සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීමට නියමිතව ඇත.
(ඡායාරූප - ශාන්ත රත්නායක)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යෝජනා කරපු අය පස්සේ තමයි තේරුම් ගන්නේ මේ සංහිඳියාවත් යුද්දකාලේ රනිල් ගේ සාම සාකච්චා වගේ කියලා. මෙහෙ සාම සාකච්චා යනවිට උන් යුද්දේ සංවිධානය කරගත්තා. දැන් සංහිදියාව ක්රීයාත්මක වෙනවිට උතුරෙන් සිංහලයාගේ උරුමය නැතිකරනවා. සංහිදියාව ඕනෙනම් 1980 කලින් උතුරේ තිබුන සිංහලයා ගේ උරුමය පිහිටුවලා වැඩපටන් ගන්න කියමු නැතිනම් ඔය සංහිදියාවෙන් අපිට කමක් නැත
ඔයා කියන වගේ මේ රටේ දේශපාලන ප්‍රශ්නයක් නැහැ. තියන්නේ දේශපාලකයන්ගේ හොරකම්, මැරකම් වංචා, දුෂණ. දේශපාලකයෝ නැත්නං, මේ රට මේ වෙනවිට දියුණු වෙලා. එදා ඒගොල්ල යෝජනා කරනකොට ඕගොල්ලෝ විරුද්ධ වුනා. අද ඕගොල්ලෝ යෝජනා කරනකොට ඒගොල්ල විරුද්ධ වෙනවා. මේක තමයි අවුරුදු 71 ම වුනේ. දෙගොල්ලම එකයි. අනික රාජපක්ෂලාට දොස් කියමින්, ඇයි රාජපක්ෂලාගේ යෝජනාව ඕගොල්ලෝ ගේන්නේ?
අර මුක්කු ගහන අනාගත යූ.එන්.පී.. නායක සුමන්තිරනුත් ළඟ...
ඔය කියන සංහිඳියාව අවශ්‍ය වන්නේ දේශපාලකයින්ට මිස රටේ ජනතාවට නොවේ. රටේ ජනතාවගේ ප්‍රශ්න දෙමළද, සිංහලද, මුස්ලිම්ද කියලා වෙනසක් නැහැ. ඔවුන් අතරේ ඔය තරම් විරසකයකුත් නැහැ. ඔය විරසකය ඇතිකරන්නේ දෙතුන්පැත්තේම දේශපාලකයින්....
මගේ නම සූත්තර පුංචා බව දන්නවනේ... ඉඳහිට මහදැනමුත්තා කියලත් කියන්නේ.. පැරදුණු ගණන කීමටවත් මතක නැතේ... පෙරපින නිසා පුටුවේ මම ඉන්නවනේ..
සංහිදියාව කෙසේ වෙතත් මහා බැංකුව නම් හිස් කොරල දැම්මා නේද ?
මමත් ගිය සුමානේ යාපනයේ ගියා. මම හිතුවා ඒ අයට සිංහල බැහැ කියාලා.. සියලුම කඩ සාප්පු වල අයට සිංහල පුළුවන්... ගිය රජයේ කළ සංවර්ධනයට ඔවුන් ස්තුති කළා... මේ රජය අාවට පසු කිසිදෙයක් වුනේ නැහැ කිව්වා. ඔවුන්ට රට බෙදන්නවත් අනුන්ගේ බිම් අඟලක්වත් වුවමනා නැහැ. මේ වගේ නිදහසේ ජීවත් වෙන්න තිබුණා නම් ඇති. මෙයා සහ ගෝලයෝ පිරිස ගෙදර ගියා නම් ප්රශ්නය ඉවරවෙනවා...
සූත්තර පුංචා කිසි දේකින් විශ්වාස කළ නොහැක...
ඔබ තුමාට හිතෙන්නේ නැද්ද දැන් ඇති කියලා
ඡන්ද ටිකක් කඩාගන්න කාව හරි වැරදි කියල උතුරේදී දෙකට නැමෙන එක අපේ ලොක්කන්ගේ හැටිනේ නේද?
අනේ මේ, කෙහෙල්මල් සංහිඳියාව, මිනිසුන්ට ආර්ථිකේ දරාගන්න බැහැ. දැන් ඔය දොඩවලා වැඩක් නැහැ. ඡන්ද ගන්න බොරු පිඹිනවා කියලා මිනිස්සුත් දන්නවා.
ලොක්කා, මගුල්ගෙදර ගිහින් එකට වාඩිවෙලා හොඳට කාලාබීලා ඇවිත් දැන් මහින්ද මහත්මයාට බනින එක සංහිඳියාවට හරි මදිනේ...? ඔය විකාර දොඩවලා අපිව ගොනාට අන්දවන්න එදාපාර නම් එන්න එපා. පක්ෂය සුදුසුකෙනෙකුට පක්ෂනායකකම දීලා ඔබතුමා විශ්‍රාම යන්න. වැඩ බැරි බොරුකාරයන් අපට එපා...