ඉදිරි දින දෙක තුළ වැසි තත්ත්වය වැඩිවිය හැකි බව අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර,උතුර, උතුරුමැද, ඌව සහ මාතලේ දිස්ත්‍රික්කයට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
ඌව,සබරගමුව,මධ්‍යම සහ දකුණු පළාත්වලට පස්වරු 2.00 පසු ගිගුරුම් සහිත වැසි හා අකුණු අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සබරගමුව,මධ්‍යම, ඌව පළාත්වලට සහ කුරුණෑගල, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව අපේක්ෂා කරයි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලිකව තරමක තද සුළං ඇතිවිය හැකිය. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා ප්‍රමාණවත් පුර්වාරක්ෂාවකට යොමුවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd