(තරිඳු ජයවර්ධන)
 
මන්නාරම සමූහ මිනීවළේ කාබන් කාල නිර්ණය වර්තාව පෙබරවාරි 14 වැනි දා ලැබීමට නියමිතව තිබුණ ද එය මෙතෙක් ලැබී නැතැයි මන්නාරම අධිකරණ වෛද්‍ය විශේෂඥ සමින්ද රාජපක්ෂ මහතා කියයි.
 
 කාල නිර්ණය සඳහා අස්ථි සාම්පල බාර දෙනු ලැබුවේ ඇමෙරිකාවේ ෆ්ලොරීඩාහි ඩේටා ඇනලටික් ආයතනය වෙතය.
 
 එය අද දිනයේ ලැබෙනු ඇතැයි මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වන උදවිය බලාපොරොත්තු වෙති.
 
මෙම සමූහ මිනීවල සම්බන්ධය විමර්ශනයට එම කාබන් කාලනිර්ණය වාර්තාව ලොකු පිටිවහළක් වනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු වෙති.