(රංජන් කස්තුරි)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2019 විභාගය සඳහා අයදුම්පත් බාර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙවර එම විභාගය නව සහ පැරණි නිර්දේශ යටතේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර පාසල් අයදුම්පත් මේ මස 25 වැනිදින දක්වාත් පෞද්ගලික අයදුම්පත් මාර්තු මස 01 වැනිදා දක්වාත් බාර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව කියයි.
මේ වනවිට පාසල් අයදුම්කරුවන් සඳහා අයදුම්පත් පාසල් වලට යවා ඇති අතර පෞද්ගලික අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් බාගත කළ හැකි බවද එම විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම පළමුවර කෘෂි විද්‍යා අංශයෙන්ම 2020 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනි සිටියෙමි. රසායන විද්‍යාව යන විෂයය ඉවත් කර ඒ වෙනුවට කෘෂි තාක්ෂණවේදය යන විෂයය සමගින් දෙවනවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෞද්ගලික අයදුම්කරුවෙකු ලෙස පෙනි සිටීමට කැමැත්තෙමි. මෙලෙස සිදු කර හැකිද යන්න විමසා සිටිමි...
2021 උසස් පෙළ සඳහා පෞද්ගලික අයදුම්කරුවෙකු ලෙස අයදුම් කරන්නේ කොහොමද?
2021 උසස් පෙළ විභාගයට අයැදුම් කරන්නේ කෙසේද?
මට තවම අයදුම් කරන්න පුලුවන්ද?
උසස් පෙළ සඳහා අයදුම් කරන්නේ කෙසේද?
2021 උසස් පෙළ අයැදුම් කරන්නේ කොහොමද?
2021 අ.පො.ස.(උ/පෙළ) පෞද්ගලික අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය කවද්ද? එය පුරවන්නේ කෙසේද?
2021 උසස්පෙළ විභාගයට ඉල්ලුම්පත් දාන්න පුළුවන් අන්තිම දවස කවද්ද?
මම 2020 උසස් පෙළ විභාගය කළා. ඒත් 2021 මට ඉංග්‍රීසි දාන්න ඕනි. මං අයදුම්පත් බාරගන්නවා කියලා දැනගත්තේ පරක්කු වෙලා. දැන් කරන්නේ මොකක්ද? ආයේ දාන්න බැරිද? කරුණාකර දන්න කෙනෙක් කියන්න..
උසස් පේළ සදහා අයදුම් කිරීම
අපොස උ.පෙළ ඔන්ලයින් රෙජිස්ටර් වෙන්නේ කොහොමද?
උසස් පෙළ විභාගය සදහා පුද්ගලිකව අයදුම් කරන්නෙ කොහොමද?
2021 උසස් පෙල පාසල් අයදුම් පත්‍ර බාර ගැනීම අවසන් වන දිනය කවදද
මට උසස් පෙළ විභාගය කරන්න තියෙන්නේ 2023දී. ඒත් මට 2022 දී විභාගයට පෙනී සිටීමට අවශ්‍යයි. සාමාන්‍ය පෙළ කළ පාසලෙන් අස්වීමේ සහතිකය ගත් පසුව මට පෞද්ගලික අයදුම්කරුවෙක් ලෙස 2022 වර්ෂයේදී උසස් පෙළ විභාගයට අයදුම් කරන්න පුළුවන්ද?