(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කඩවත පොලිසිය ආසන්නයේදී පොලිස් අණ නොතකා ගමන් කළ ත්‍රී රෝද රථයක් පිටුපස හබා ගිය පොලිස් නිලධාරියාගේ රාජකාරී ගිනි අවිය උදුරා ගත් ත්‍රීරෝද රථ රියදුරා සිදුකළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියා බරපතල තුවාල ලබා ඇතැයි කඩවත පොලිසිය කියයි.
එම ත්‍රීරෝද රථයේ මත් ද්‍රව්‍ය තිබූ බව පොලිසිය පවසයි.
ඡායාරූප - කවිතා සුබසිංහ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රියදුරා අනිවාර්යයෙන්ම දරුණු මැරයෙකු විය යුතුයි. අනෙක, එස්.ටී.එෆ්. එකේ සහ හමුදාවේ අය ගිනි අවිය අල්ලන ක්‍රමයක් හා අතේ හා උරේ රඳවන ක්‍රමයක් තියෙනවා. එවැනි අයගෙන් අවිය උදුරන්නට බැහැ. ඒත් සාමාන්‍ය පොලිස් නිලධාරීන්ගෙන් සමහර දෙනා මේ ක්‍රමය නොදන්නවා විය හැකියි. නොඑසේනම්, ඒ ගැන වැඩි තැකීමක් නොකරනවා විය හැකියි. මෙවැනි අඩුපාඩු ගැන ඔවුන් දැනුවත් කිරීම ඉහළ නිලධාරීන්ගේ වගකීමයි.
සියලුම පොලිස් නිලධාරීන් එස්. ටී. එෆ් එකට ලබාදිය යුතුයි.....
සමහර පොලිස් නිලධාරින් දැක්කම දුක හිතෙනවා. ජීවත් වෙන්න සිකියුරිටි ජොබ් එකක් කරනවා වගෙයි. කිසිම තේජාන්විත පෙනුමක් නැහැ පොලිසියේ කියලවත්... ටිකක්හරි ගැස්මක් දැනෙන්නේ කාකි ඇදුම දැක්කම විතරයි. මැරයන්ට පුළුවන් මේ අයගේ දුර්වල තැන් ක්ෂණිකව අඳුනගෙන ක්‍රියාත්මක වෙන්න...