විනීතා එම් ගමගේ
කළුතර දිස්ති‍්‍රක් නියෝජ්‍ය කම්කරු කොමසාරිස්වරයා විසින් එම දිස්ත‍්‍රික්කයේ කම්හල් ඇතුළු ආයතනවල මානව සම්පත් කළමණාකරුවන් එක්කර සංසදයක් පිහිටුවීමට කටයුතු කිරීම පිළිබඳ විරෝධය පළකරමින් රාජ්‍ය සේවා එක්සත් කම්කරු නිලධාරින්ගේ සංගමය කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට පැමිණිලි කර ඇත.
කළුතර දිස්ත‍්‍රික් කම්කරු කොමසාරිස්වරයා විසින් ඉකුත් 12 වැනිදා තම නිල කාර්යාලය තුළ දී මෙම සංගමය පිහිටුවා ඇති බවත් මෙකී සංගමය හේතුවෙන් කම්කරු නිලධාරින්ට බැඳීම්වලින් තොරව නිදහසේ තම වෘත්තිය කරගෙන යාමට නොහැකි වී ඇතැයි රාජ්‍ය සේවා එක්සත් කම්කරු නිලධාරින්ගේ සංගමය පැමිණිලි කර තිබේ.
මෙසේ හාම්පුතුන් සම්බන්ධකර ගනිමින් සංවිධාන හැදීමෙන් වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝණය වන බවත් මෙය දූෂණයක් සේ තම සංගමය දකින බවත් රාජ්‍ය සේවා එක්සත් කම්කරු නිලධාරින්ගේ සංගමයේ සභාපති අයී සී ගමගේ මහතා අද (15) පැවසීය.
මේ පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළුතර දිස්ති‍්‍රක් නියෝජ්‍ය කම්කරු කොමසාරිස්, කළුතර jmc ජාත්‍යන්තර පාසලේ මැනේජ්මන්ට් එකත් එක්ක එකතුවෙලා ඩීල් දානවා වගේ. ගුරුවරුන්ට, jmc ජාත්‍යන්තර පාසලේ මැනේජ්මන්ට් එක කරන බලපෑම් ගැන පැමිණිලි කළත් කෙළින් ඇක්ෂන් ගන්නේ නෑ. ඊපීඑෆ්, ඊටීඑෆ් ගෙවන්නේ නෑ.