මේජර් ජෙනරාල් ජානක පෙරේරා නඩුව කල් යයි මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුලු 31 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප්රාහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ නඩුව ලබන අප්‍රේල් මස 5 වැනි දින යළි කැඳවීමට අනුරාධපුර විශේෂ මහාධිකරණයේ හිටපු විනිසුරු සහ ගම්පහ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය නියෝග කළාය. 14 February 2019
ඇටෝර්නි බලපත්‍ර ආඥා පනත සංශෝධනයට පියවර ඇටෝර්නි බලපත්‍ර ආඥා පනත සංශෝධනය කිරීමට රජයේ අනුමැතිය හිමිව තිබේ. 14 February 2019
නීතී විරෝධීව රටින් පනින්න ගිය 22 ක් අත්අඩංගුවට නීතී විරෝධී අයුරින් විදේශ ගත වීමට සූදානම්ව සිටි පුද්ගලයින් 22 දෙදෙනකු අද (14) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 14 February 2019
ලොව විශාලම මගී ප්‍රවාහන ගුවන් යානය නිෂ්පාදනය නවතයි ලොව විශාලම මගී ප්‍රවාහන ගුවන් යානය වන එයාර් බස් සමාගමේ A 380 වර්ගයේ තට්ටු දෙකේ මගී ගුවන් යානයේ නිෂ්පාදන කටයුතු නවතා දමා ඇති බව වාර්ථා වේ. 14 February 2019
‘යාල‘ ආපන ශාලාව හෙට සිට විවෘතයි යාල ජාතික වනෝද්‍යානයේ වසා දමා තිබූ ආපන ශාලාව වන ජීවි අමාත්‍යාංශයේ උපදෙස් පරිදි හෙට (15) පෙරවරුවේ යළි විවෘත කෙරේ. 14 February 2019
ලංකා බැංකු සභාපති වැඩ අරඹයි ලංකා බැංකුවේ නව සභාපති ලෙස ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී පෙරේරා මහතා තම ධූරයේ රාජකාරි ඇරඹීම කොළඹ පිහිටි ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේ දී අද (14) සිදුකෙරිණි. 14 February 2019
අල්ලස් කොමිසම රවීගෙන් ප්‍රකාශයක් ගනී බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (14) අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට පැමිණ තිබේ. 14 February 2019
පිලිපීන මාධ්‍යවේදිනී මාරිසා රෙසාට ඇප සම්මානලාභී පිලිපීන මාධ්‍යවේදීනියක වන මාරිසා රෙසා මහත්මිය ඇප මත මුදා හැරිමට එරට අධිකරණය අද (14) නියම කළේය. 14 February 2019
නෙවිල් රෝහල රජයේ රේඛීය රෝහලක් වෙයි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයේ රේඛීය ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ. 14 February 2019
අල්ලස් ගත් විදුහල්පතිනිය රිමාන්ඩ් රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබා ගැනිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ගාල්ලේ විදුහල්පතිනිය ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය. 14 February 2019
තල්ගස් 50කට මන්දගාමී මරණය දකුණේ කප් රුක පොල් ගස නම් උතුරේ කප් රුක තල් ගස යයි හඳුන්වනු ලැබේ. මේ හේතුවෙන් ආහාර හා කෘෂිකර්ම ආඥා පනතින් රට දෙල් ගසට, බත් ගස හෙවත් කොස් ගසට ලබාදී ඇති ආරක්ෂාවම තල් ගසට ද ලබාදී තිබේ. ඒ සා වටිනාකමක් ඇති ඡායා හෙවත් ගැහැණු තල් ගස් ද ඇතුළු තල් ගස් 50ක් මිය යෑමට සැලස්වීම සම්බන්ධ සිදුවීමක් කල්පිටිය ප්‍රදේශයෙන් වාර්ථා වේ. 14 February 2019
සැප රියෙන් ගිය ලක්ෂ 68 ක කේරල ගංජා සොයා ගනී මරදාන මගී ගුවන් පාලමේ ගැටී අනතුරට ලක්ව තිබු සුඛෝපභෝගී ජිප් රථයේ තිබි රුපියල් ලක්ෂ 68 කට ආසන්න වටිනා කේරල ගංජා කිලෝ 68 ක් අද (14) අලුයම සොයා ගත් බව මරදාන පොලිසිය කියයි. 14 February 2019
දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 235 කට සීමාවෙයි ඩර්බන්හිදී අද (13 වැනිදා) ආරම්භවූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි වාසී ශ්‍රී ලංකාවට ලබාදුන් වේග පන්දු යවන්නන් තරගයේ පාලනය සියතට ගනිමින් සත්කාරක දකුණු අප්‍රිකානුවන් පළමු ඉනිමේදී ලකුණු 235 කට සීමා කිරීමට සමත්වූහ. 13 February 2019
ත්‍රීකුණාමලයේ වැලි කැණීම් බලපත්‍ර තාවකාලිකව අත්හිටුවයි ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ වැලි කැණීම් බලපත්‍ර අනිද්දා (15) සිට තාවකාලිකව අත්හිටුවන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි. 13 February 2019
සිංහරාජයෙන් ශාක කොටස් ගෙන යාමට තැත්කළ විදේශිකයන්ට කෝටියක දඩයක් සිංහරාජ වනාන්තරයෙන් සත්ත්ව සහ ශාක කොටස් පිටතට රැගෙන යාම සම්බන්ධයෙන් චෝදනා 37 කට වරද පිළිගත් ස්ලෝවැකියානුවන් පස් දෙනෙකුට අද (13) රුපියල් එක්කෝටි අට ලක්ෂ හතළිස් දහසක දඩයක් නියම කළ කලවාන මහේස්ත්‍රාත් ඩිලාන් වීරවර්ධන මහතා බරපතල වැඩ සහිතව මාස තුනක දඩුවම්ක් නියම කර එය වසර දහයකට අත්හිටුවීය. 13 February 2019
මධුෂ්ට අයත් වාහන දෙකක් කැලණියේ නිවසකින් හමු වෙයි මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳ යැයි කියන කාන්තාවකගේ පුංචි අම්මාගේ නිවසේ තිබී මධුෂ්ට අයත් බව කියන වෑන් රියක් හා ජීප් රියක් පොලිස් විශේෂ කාර්ය බළකා භාරයට ගෙන තිබේ . 13 February 2019
20 වැනි සියවසට ගැළපෙන නව අධ්‍යාපනයක් ඕනා 21 වැනි ශතවර්ශයේ අභියෝග වලට මුහුණදීමට 20 වන ශත වර්ශයේ අධ්‍යාපනයට හැකියාවක් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කුරුණෑගලදී පැවැසීය. 13 February 2019
කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙක් අත්අඩංගුවට ඩුබායි හෝටලයකදී පාතාල නායක මාකදුරේ මධූෂ් සමඟ අත්අඩංගුවට ගත් පාතාල ක්‍රියා කාරකම් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මාලිගාවත්තේ කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ සමීපතම ගෝලයෙකු අද (13) පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් මාලිගාවත්තේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 13 February 2019
මාවනැල්ලේ බුදු පිළිම කැඩූ 17 දෙනා තවදුරටත් රිමාන්ඩ් මාවනැල්ලේ ප්‍රදේශ කිහිපයක බුදු පිළිම වලට හානි කිරීමේ සිද්ධියේ සැකකරුවන් මාවනැල්ල දිසා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු පෙබරවාරි 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා අද (13) නියෝග කළේය. 13 February 2019
‘රැකියා විරහිත උපාධිධාරීන්ට ආණ්ඩුව දැක්වු ප්‍රතිචාරය අනුමත කළ නොහැකියි‘ රැකියා ඉල්ලා උද්ඝෝෂණය කළ උපාධිධාරීන්ට එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ප්‍රතිචාර දැක්වූ ආකාරය කිසිසේත්ම අනුමත කළ නොහැකියැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 13 February 2019
ගාල්ලේ පාසලක විදුහල්පතිනියක් අල්ලස් දැලේ ගාල්ල ප්‍රධාන බාලිකා විදුහලක පළමු වැනි ශ්‍රේණියට දරුවෙකු ඇතුලු කර ගැනිම සදහා රුපියල් ලක්ෂයක අල්ලසක් ගැනීම සම්බන්ධයෙන් එම බාලිකා විදුහලේ විදුහල්පතිනිය අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමේ නිලධාරින් විසින් අද (13) අත්අඩංගුවට ගෙන ඇත. 13 February 2019
මන්ත්‍රි චමින්ද විජේසිරි ගැන පළ වු වාර්තා ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සම්බන්ධයෙන් පළව ඇති වැරදි වාර්තා පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන ලෙසට පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලිමක් කරයි. 13 February 2019
ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට උප්පුරල් ප්‍රදේශයේදී ගිනි අවියක්, ගිනිපෙට්ට් 47 ක් සහ ඊයම් බෝල053 ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 13 February 2019
දින 144ට මන්නාරම සමූහ මිනීවලෙන් පුද්ගලයන් 321ගේ අස්ථි කොටස් මතුවෙයි දින 144කදී මන්නාරම සමූහ මිනීවලේ කළ කැණීම්වලින් පුද්ගලයන් 321 දෙනෙකුට අයත් අස්ථි කොටස් හමුවූ බව මන්නාරම අධිකරණ වෛද්‍ය විශේෂඥ සහ ප්‍රධාන විමර්ශක සමින්ද රාජපක්ෂ මහතා ලංකාදීපයට පැවසීය. 13 February 2019
වතුකම්කරු වැටුප 50 කින් ඉහළට ඉදිරි අය වැයේදී වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුපට රුපියල් 50 ක් එකතු කිරීමට රජය තීරණය කර ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි. 13 February 2019
ඉදිරි මුදල් වර්ෂයේ අය වැය සම්මත කර ගැනීමේ ශක්තිය එජාපය සතුයි ඉදිරි මුදල් වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය පහසුවෙන් සම්මත කරගැනීමේ ශක්තිය එක්සත් ජාතික පක්ෂය සතු බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවැසීය. 13 February 2019
මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප පොලිස් නිළධාරියකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අද (13) අධිකරණයට ඉදිරිපත් වු බණ්ඩාරවෙල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා රුපියල්10000ක මුදල් ඇපයක් සහ ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන මහතා නියෝග කළේය. 13 February 2019
මිනිස් ජාවාරම සඳහා බෝට්ටු යොදා ගැනීම නැවැත්වීමට නව නීතී පැනවීමට යයි මිනිස් ජාවාරම සදහා ධිවර බෝට්ටු යොදාගැනීම නැවත්වීමට නව නීති සම්පාදනය කරන බව ධීවර රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා පවසයි. 13 February 2019
නගර ශාලාව අවට මාර්ග තදබදය දිගටම විරෝධතාවක් හේතුවෙන් මේ වන විට කොළඹ වෝඩ් පෙදෙස සිට කොළඹ නගර ශාලාව දෙසට මාර්ගයේ එක් මං තීරුවක් වසා දමා ඇත. 13 February 2019
ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති ලංකාවට ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති හාර්ට්විග් ශේෆර් මහතා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටී. 13 February 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026