ශ්‍රීලනිපයේ නව නිලධාරී මණ්ඩලය පත් කිරීම සැප්තැම්බරයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට පත්කර සිටින නව නිලධාරී මණ්ඩලය වෙනුවට නව නිලධාරී මණ්ඩලයක් පත්කරගැනීම සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන පක්ෂ සම්මේලනයේදී ආසන බල මණ්ඩල නියෝජිතයින්ගේ ඡන්දයෙන් සිදුකරන බව එම පක්ෂයේ උප සභාපති, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 29 August 2018
ඒකාබද්ධයේ උද්ඝෝෂණ පවත්වන්න කොළඹ ස්ථාන 5 ක් වෙන්කර ගනී ඒකාබද්ධ විපක්ෂය විසින් ලබන මස 5 වැනි දා පැවැත්වීමට නියමිත ජනබලය - කොළඹට උද්ඝෝෂණය පැවැත්වීම සඳහා දැනටමත් කොළඹ නගරයේ ස්ථාන පහක් නීත්‍යානුකූලව වෙන්කරගෙන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අද (29) පැවසීය. 29 August 2018
‘පළාත් සභා මැතිවරණය තව මාස තුන හමාරකින් පැවැත්විය හැකියි’ පළාත් සභා මැතිවරණ සීමානිර්ණ කමිටු වාර්තාව සමාලෝචනය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති පංච පුද්ගල කමිටු වාර්තාව නියමිත පරිදි මාස දෙකක් තුළ ලැබුණහොත් පළාත් සභා මැතිවරණය තවත් මාස තුන හමාරකින් පමණ පැවැත්වීමට හැකිවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 29 August 2018
බ්‍රිගේඩියර්වරු 5 ක් - ලුතිනන් කර්නල්වරු 25 කට උසස්වීම් යුද හමුදා බි‍්‍රගේඩියර්වරුන් පස් දෙනෙකු ලූතිනන් කර්නල්වරුන් 25 දෙනකුට උසස්වීම් ලබා දී ඇති බව හමුදාව කියයි. 29 August 2018
‘බස්නාහිර පළාත් සභාවේ පුටු ගැන හොයන්න පත් කළ කමිටුවේ වාර්තාව මාධ්‍ය ඉදිරියට ගේනවා‘ බස්නාහිර පළාත් සභාවට ස්පාඤ්ඤයෙන් ඇණවුම් කළ බව කියන හය ලක්ෂ පනස්දාහේ පුටු සම්බන්ධයෙන් පත් කළ කමිටු වාර්තාව ගැන ඉදිරියේදි සියලූ මාධ්‍ය දැනුවත් කරනවා යැයි හේමකුමාර නානායක්කාර මහතා අද (29) ලංකාදීපයට පැවසීය. 29 August 2018
ණය කපා හරින්නැයි දේශපාලක බලපෑම් රුපියල් ලක්ෂයට අඩු ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීමට රජය තීරණය කර ඇති බැවින් තමන් විසින් එවනු ලබන ලැයිස්තුවේ සඳහන් කාන්තාවන්ගේ ණය වාරික එකතු කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැකිරාව ආසනයේ 29 August 2018
පොලිස්පති හා පොලිස් කොමිසම ව්‍යවස්ථා සභාව හමුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයන් හා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කැඳවීමට එහි සභාපති කරු ජයසූරිය මහතා තීරණය කර ඇත. 29 August 2018
‘කෙසෙල්වත්ත දිනුකගේ‘ මව හෙරොයින් සමඟ අත්අඩංගුවට ඩුබායි රටේ සැගව සිටින කෙසෙල්වත්ත දිනුක නැමැති පාතාල සාමාජියකයාගේ මව හොරොයින් සමඟ අත්අඩංගුවට ගත බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 29 August 2018
ගලහ රෝහලේ දරුවා මිය යාම ගැන පරීක්ෂණයක් අරඹන්නැයි සුව ඇමැතිගෙන් උපදෙස් පේරාදෙණිය ගලහ ප්‍රාදේශිය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළු කළ දරුවකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් හා ඉන් පසුව එහි ඇති වු සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට අද (29) නියෝග කර තිබේ. 29 August 2018
යුද හමුදා ‘දියකාවා අභ්‍යාසය’ ලබන 6 වැනි දා යුද හමුදාව විසින් නවවැනි වරටත් පවත්වනු ලබන දියකාවා යුද අභ්‍යාසය ඒකාබද්ධ කේෂ්ත්‍ර යුද අභ්‍යාසය ලබන 6 සිට 26 වැනි දින දක්වා මින්නේරියේ දී හා ති‍්‍රකුණාමලය කුච්චවේලි හිදී පැවැත්වේ. 29 August 2018
ලක්ෂ 50 ක මැණික් හා ස්වර්ණාභරණ සොරාගත් අයෙක් අත්අඩංගුවට කොළඹ ගාලු මුවදොර මැණික් හා ස්වර්ණාභරණ ජාත්‍යන්තර අලෙවි මධ්‍යස්ථානයක සේප්පුව විවෘත කර රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමින් යුත් මැණික් හා රිදී භාණ්ඩ තොගයක් සොරාගත් එම අලෙවිසලෙහි ම සේවකයෙකු හා තවත් පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. 29 August 2018
රෝහල් සායනික අපද්‍රව්‍ය විනාශ කිරීමට මුතුරාජවෙලින් ඉඩමක් බස්නාහිර පළාතේ රෝහල්වලින් ඉවත් කෙරෙන සායනික අපද්‍රව්‍ය විනාශ කිරීම සඳහා මුතුරාජවෙල ප්‍රදේශයෙන් කැබිනට් අනුමැතිය යටතේ ඉඩමක් ලබාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 29 August 2018
මවු සෙනෙහස වතුරෙ ගිහින් : නංගිත් මල්ලිත් රකින මේ දිරිය දියණියට අත දෙමු මව දරුවන් තිදෙනකු අතහැර යාමත් සමඟ තම මලනුවන් සහ නැගණිය රැකබලාගෙන නිවසේ සියලු වැඩ සිදුකර අධ්‍යාපන කටයුතුවල නිරතවීමට සිදුව ඇති අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන ආදර්ශමත් 13 වියැති දියණියකගේ දුක්බර පුවතක් දඹුල්ල වෑවල වැව අරුණෝදයගම ප්‍රදේශයෙන් වාර්තා වේ. 29 August 2018
නව තානාපති දෙදෙනකුගේ හා සංස්ථා ප්‍රධානියකුගේ සුදුසුකම් පරික්ෂාවකට අලුතින් පත් කෙරුණු තවත් තානාපතිවරුන් දෙදෙනෙකුගේ හා සංස්ථා ප්‍රධානියකුගේ සුදුසුකම් පරීක්ෂා කර බැලීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 29 August 2018
මිය ගිය තරුණියකගේ සිරුරක් වෙලකින් හමුවෙයි කිලිනොච්චිය, පරන්තන් මුරුණ්ගවේණි හි වෙල්යායක තිබී මියගිය විසි හැවිරිදි තරුණියකගේ සිරුරක් අද (29) උදෑසන සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි. 29 August 2018
ජපානයේ අධ්‍යාපනයට සමෘද්ධි ශිෂ්‍යත්ව ලැබු සිසුන් මුදල් නොමැතිව යළි ලංකාවට ජපානයේ උසස් අධ්‍යාපනය ලැබීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ශිෂ්‍යත්ව ප්රදානය කළ සිසුන් තිදෙනාගේ දෙවැනි වසර සඳහා රජයෙන් මුදල් වෙන් නොකිරීම නිසා ඔවුන්ට ද පෙරලා ලංකාවට පැමිණීමට සිදුව ඇතැයි විශ්වාසකටයුතු ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. 29 August 2018
ජපන් විදෙස් ඇමැති-අගමැති රනිල් අතර හමුවක් තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ මහතා ඇතුළු දූත පිරිස අද(29) අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අරලියගහ මන්දිරයේදී සුහද හමුවකට එක්වූහ. 29 August 2018
වස විස නැති ගොවිතැනක් වෙනුවෙන් ජාතික වැඩපිළිවෙළක් ග්ලයිෆොසෙට් වලට විරෝධය දැක්වීමේ හා වස විස නැති ගොවිතැනක් ඇතිකිරීම වෙනුවෙන් ජාතික වැඩපිළිවෙළක් රටට හඳුන්වා දෙන බව එක්සත් ජාතික පක්ෂ පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ‘ලංකාදීපය’ට පැවැසූහ. 29 August 2018
ඉන්දීය රුපියල වාර්තාගත අන්දමින් පහළට දිගින් දිගටම ශක්තිමත් වන එක්සත් ජනපද ඩොලරය හමුවේ ඉන්දීය රුපියල අද (29) වාර්තාගත අන්දමින් පහළ වැටිණි. 29 August 2018
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අත්අඩංගුවට ගන්න යයි සැකකාර නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් ‘නේවි සම්පත්‘ යන අයට සැඟවී සිටීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වත්මන් ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි රවි විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව රහස් පොලීසිය අද ((29) අධිකරණයට දැනුම් දුන්නේය. 29 August 2018
වෛද්‍යවරියට තර්ජනය කළ හමුදා සෙබළා රිමාන්ඩ් මාතර මහ රෝහලේ 9 වැනි වාට්ටුවට ඇතුළත් කළ රෝගීයකුගේ ජීවිතයට යම් හානියක් සිදු වුවහොත් එහි සිටි වෛද්‍යවරිය මරා දමන බවට තර්ජනය කළ බව කියන නාවික හමුදා සෙබලකු ලබන 3 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස මාතර වැඩබලන මහේස්ත්‍රාත් නීතිඥ උපාලි රණසිංහ මහතා නියෝග කළේය. 29 August 2018
පාම් තෙල් බද්ද රු. 20 කින් නංවයි පාම් තෙල් ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා අය කෙරෙන විශේෂ වෙළඳ භාණිඩ බද්ද රුපියල් 20කින් වැඩිකර තිබේ. 29 August 2018
දේශීය ආදායම් පරිගණක පද්ධතිය කැඩී කාර්යාල 16 ක වැඩ නවතී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රැමික්ස් පරිගණක පද්ධතිය අක්‍රීයවීම නිසා දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ සහ ප්‍රදේශීය කාර්යාල 16 ක සියලු කටයුතු ඊයේ අඩාල වූ බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 29 August 2018
‘සිංගප්පූරු ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළොත් අවදානමකට මුහුණපෑමට සිදුවනවා’ ශ්‍රී ලංකා - සිංගප්පූරු ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් ලොකු අවදානමකට මුහුණපෑමට සිදුවන බව ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවසීය. 29 August 2018
නි. පොලිස්පතිගේ උපාධි සහතිකයේ කොස්සක් නියෝජ්‍ය පොලිස්පති නිලයට මේ වනවිට උසස්වීම් ලබා රාජකාරියේ නිරතව සිටින නිලධාරියකු සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස සේවයට බැඳීමේදී ඉන්දියාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් ලබාගත් බව කියමින් ඉදිරිපත් කර තිබූ උපාධි සහතිකය සැබෑ එකක්දැයි යන්න තහවුරු කර ගැනීම සඳහා ඉන්දියාවේ එම විශ්වවිද්‍යාලයේ බලධාරීන්ගෙන් තොරතුරු වාර්තාවක් ඉල්ලා ඇති බව ජාතික පොලිස් කොමිසම පවසයි. 29 August 2018
ඥානසාර හිමිගේ සිරදඬුවමට එරෙහිව අභියාචනයකට අවසර දෙනවාදැයි තීන්දුව 31 වැනිදා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියම වී තිබෙන වසර හයක සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා අවසර දෙන ලෙසට විත්තිකාර පාර්ශවය කල ඉල්ලීම ලබන සිකුරාදා (31) සලකා බැලීමට අභියාචනාධිකරණය අද (29) තීන්දු කළේය. 29 August 2018
සිංගප්පූරු ගිවිසුමට එරෙහිව සාක්කි දෙන්න රතන හිමි ජනපති කොමිසමට ශ්‍රී ලංකා - සිංගප්පූරු වෙළඳ ගිවිසුමට එරෙහිව සාක්ෂි ලබාදීමට එ.ජා.ප. පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ එම ගිවිසුම පිළිබඳ කරුණු සොයා බැලීමට පත් කෙරුණු ජනාධිපති කොමිසම හමුවේ හෙට(30) බ්‍රහස්පතින්දා පෙනී සිටිති. 29 August 2018
ගෝඨා විශේෂ ජනපති කොමිසමට ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදු වු බව කියන දුෂණ වංචා පිළිබඳව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (29) ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ. 29 August 2018
ලක්ෂ 28 ක රන් මාලයක් සමඟ පුද්ගලයෙක් රේගුවේදී අල්ලයි රුපියල් ලක්ෂ 28 ක් පමණ වටිනා රන් මාලයක් නීතිවිරෝධී ලෙස රැගෙන මෙරටට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්අත් අඩංගුවට ගෙන තිබේ . 29 August 2018
හොරෙන් මැණික් ගෙන ආ චීන ජාතිකයන් තිදෙනකු අල්ලයි චීනයේ සිට මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ චීන ජාතික ගුවන් මගීන් තිදෙනකු අද (28) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 29 August 2018
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026