තායිලන්ත මහ මැතිවරණයේ අග්‍රාමාත්‍ය ධූරය සඳහා තරග වැදීමට රාජකන්‍යා බර්නවාදී රජ කුමරිය නොසුදුසු බව තායි මැතිවරණ කොමිසම අද (11) ප්‍රකාශයට පත් කළ බව විදෙස් මාධ්‍ය කරයි.
මාර්තු 24 වැනි දා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ හා අග්‍රාමාත්‍ය ධූරය සඳහා තරග කරන ඡන්ද අපේක්ෂයන් ප්‍රකාශයට පත්කරමින් මැතිවරණ කොමිසම මෙලෙස තීරණය කර තිබේ.
රාජකන්‍යා කුමරිය පසුගිය දා අග්‍රාමාත්‍ය ධූරය සඳහා තරග වැදීමට ඉදිරිපත් වූ අතර තායි රජු මහා වජිරලොන්කොන් එය දැඩි විවේචනයට ලක් කෙරිණි.
අල්ජසීරා ඇසුරෙනි
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් කතා ඕනෑම නැහැ. ඔන්න රජවරු... කොමිසම නම් ඉතින් රජතුමාට ඉහළින් යන්නේ නැතුව ඇති.
අපේ රටේ වෙන්නේ මේකේ අනිත් එකනේ , මෙහෙ වෙන්නේ රස්තියාදු කාරයෙක් , පික්පොකට් කාරයෙක් දේශපාලනය කරලා යම්කිසි බලයක් ලැබුණ ගමන් ඔහු හදන්නේ නැති රජ පරම්පරාවක් මවාගෙන රජවෙන්න නේ ,