(ඞී.කේ.රත්න)
පොලිස් කොස්තාපල්වරයෙකුට බණ්ඩාරවෙල නගරයේදී පහරදීම සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ රියදුරා මෙම මස 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අද (11) නියෝග කළේය.
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු සහ රියදුරු තමන්ට පහරදුන් බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු වන ගෝවින්දපිල්ලෙයි දිල්ශාන් සිවරාසා නැමති අය බණ්ඩාරවෙල දිසා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර එම නිලධාරිවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පහරදීම සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා බණ්ඩාරවෙල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලුවන්ගේ රියදුරන් දේශපාලුවාගේ බලය අතට අරගෙන රගපෑම පිලිබදව මෙයත් එක හොද උදාහරණයක්.
බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය අද ඉතා පහත් තත්වයකට අද වැටී ඇත. පසුගියදා මේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී කල පිහි හරඹ කිරීම්, මිරිස් කුඩු ගැසීම සහ පාරේ ගමන් කරන මහජනයාට පහර දීම වැනි දෙයින් මෙය හොඳින් පැහැදිලි වේ. මෙවැනි අයගේ විනය පිහිටුවිය හැක්කේ ජේ. ආර්. ජයවර්දන කලාක් මෙන් දින නොමැති ඉල්ලා අස්වීමේ ලිපි සියලු මන්ත්‍රීවරුන්ගෙන් ලබා ගැනීමෙනි. එවිට, වරදක් කල විට පක්ෂ නායකයා විසින් ලිපියට දිනය දමා තනතුරින් පහ වීමට ඇති බිය නිසා මොවුන්ගේ හැසිරීම යහපත් කර ගත හැකියි.
දේශපාලන හැතිකරේ කෝවේ දාලා මැකුවත් හදන්න බැහැ
විනය ගැන කතා කරලා වැඩක් නැහැ. මේ අය හැදෙන්නේ ජනතාව පත් කරන්න වගේම අස් කරන්නත් පුළුවන් ක්‍රමයක් හදාපු දාටයි. රියදුරෙක් නිකම්ම චන්ඩිපාට් දාන්නේ නැහැ අරගොල්ලන්ගේ උපදෙස් නැතිව.