’පුහුල් හොරා කරෙන් දැනේ’ - මුජිබර් රහුමාන් වංචා දුෂණ නඩු කඩිනමින් අසන්නට ගෙනා විශේෂ අධිකරණයට රාජපක්ෂ කල්ලිය විරුද්ධ විමෙන්ම ‘පුහුල් හොරා කරෙන් දැනෙන බව’ ජනතාව තේරුම්ගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා මාධ්‍ය හමුවකදී අද (28) පැවසීය. 28 August 2018
මින්නේරි - කවුඩුල්ල වනෝද්‍යාන විවෘත කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක් මේ වන විට තාවකාලිකව වසා දමා තිබෙන මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යානය දෙස් විදෙස් සංචාරකයින් සඳහා වහාම විවෘත කර දෙන ලෙස ඉල්ලමින් හබරණ සෆාරි ජීප් රථ සංගම් විසින් අද (28) මින්නේරිය ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් ඇරඹුහ. 28 August 2018
ජොන්ස්ටන්ගේ වත්කම් බැරකම් නඩුව නොවැම්බරයට කල් යයි වත්කම් බැරකම් ප්‍රකාශ සාධාරණ හේතුවක් නොමැතිව ඉදිරිපත් නොකර සිටිමෙන් වරදක් සිදුකර ඇතැයි අල්ලස් චෝදනා ලැබ සිටින හිටපු සමුපකාර අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි අල්ලස් නඩුවේ සාක්කි විභාගය ලබන නොවැම්බර් මස 13 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. 28 August 2018
සීමානිර්ණ වාර්තාව සැකසීමේ දී අස්ථානගත වූ ලක්ෂ 51 ගැන සොයන්නැයි පැමිණිල්ලක් සීමානිර්ණ වාර්තාව සැකසීමට අදාළව වැය කළ මුදල් සම්බන්ධව හෙළි කළ ගණන් හිලව්වල රුපියල් ලක්ෂ 51 ක මුදලක් අස්ථානගත වීම සම්බන්ධව වහාම සොයා බලන ලෙස ඉල්ලමින් සිවිල් සංවිධාන කිහිපයක් අද (28) අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කර තිබේ. 28 August 2018
‘කලණට‘ හිංසා කළැයි දෙවිනුවර විෂ්ණු දේවාලයේ නිලමේවරයාගේ ලේකම්-ඇත් ගොව්වා අත්අඩංගුවට දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ‘කලණ‘ හස්තියාට අවශ්‍ය පහසුකම් ලබා නොදී හිංසාවට පත් කිරීම සම්බන්ධයෙන් එම දේවාලයේ බස්නායක නිලමේවරයාගේ ලේකම් හා ඇත් ගොව්වා අද (28) සැක පිට අත් අඩංගුවට ගත් බව ගන්දර පොලීසිය පවසයි. 28 August 2018
ලක්ෂ 75 ක හෂීස් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 75 ට අධික වටිනා හෂීස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් ආමර්වීදිය ප්‍රදේශයේ දී අද (28) කොළඹ උතුර කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 28 August 2018
මහවැලි කලාප නිර්මාණය කරන මුවාවෙන් සිංහල ජනතාව පදිංචි කරනවා යැයි විරෝධතා මහවැලි කලාප නිර්මාණය කරන මුවාවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල ජනතාව පදිංචි නොකරන ලෙස ඉල්ලා මුලතිව් දිස්ත්‍රික්කයේ දෙමළ ජනතාව සහ සිවිල් සංවිධාන අද (28) මුලතිව් නගරයේ විරෝධතාවක නිරත වූහ. 28 August 2018
මන්නාරම සමූහ මිනීවලේ තොරතුරු වගකීමක් ඇති මාධ්‍යවලට මන්නාරම් සමූහ මිනීවලේ කැණීම් කටයුතු පිළිබඳ මාධ්‍යට ආවරණය කිරීම සඳහා උදෑසන සහ සවස් කාලයේ දී පැය බාගය බැගින් වූ කාලය වෙන් කර ඇති බවට කැණීම් කටයුතු සිදුකරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.රාජපක්ෂ මහතා කියා සිටියේය. 28 August 2018
ලක්ෂ 70 ක ‘අයිස් ‘ සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 70 කට ආසන්න වටිනාකමකින් යුත් ‘අයිස්‘මත් ද්‍රව්‍ය තොගයක් සමඟ කෙසෙල්වත්තේ ඉමිතියාස් බයර් නොහොත් රිස්කියාස් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ ගෝලයකු වැල්ලවත්ත දිසා දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. 28 August 2018
පහරදුන් අය අත්අඩංගුවට ගන්නැයි වන නිලධාරීහු වැඩ වරති මින්නේරියේ ජාතික උද්‍යානයේ සේවයේ නිරත වනජිවි නිළධාරින්ට පහර දුන් සියලු දෙනා අත් අඩංගවට ගෙන නිතිය ක්‍රියාත්මක කරන තුරු පොලොන්නරුවේ ජාතික උද්‍යාන හතර ඇතුළුව අඩවි ආරක්ෂක කාර්යාල සහ බිටිටු කාර්යාල තිහක පමණ සේවයේ නිරත වනජිවි නියාමකවරු සහ ක්ෂේත්‍ර සහායකවරු පිටත රාජකාරිවලින් බැහැරව කාර්යාල තුළ පමණක් සේවයේ යෙදෙන බව සමස්ත ලංකා වනජිවි නියාමක නිළධාරින්ගේ සංගමයේ සභාපති එම් ඉන්දික වසන්ත පිරිස් මහතා පැවසීය. 28 August 2018
දස හැවිරිදි සිසුවා හෝටල් පිහිනුම් තටාකයේ ගිලී මරුට දස හැවිරිදි පාසල් සිසුවකු මාරවිල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක පිහිනුම් තටාකයේ ගිලී මියගොස් ඇතැයි මාරවිල මූලස්ථාන පොලිසිය පවසයි. 28 August 2018
කේරළයට ගංවතුර ආධාර බෙදන්න ආ රථවල ප්රභාගේ රුව ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොට්ටයම්හි ගංවතුර සහනාධාර බෙදාදීමට පැමිණි ට්‍රක් රථ කිහිපයක එල්.ටී.ටී.ඊ සංවිධානයේ ධජයට සමාන ධජයක් තිබූ බවත් ඒ අතර එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ රුව සහිත බැනරයක් ද තිබූ බවත් ඉන්දීය මාධ්‍ය ඊයේ (27) වාර්තා කළේය. 28 August 2018
දිනපතා සුපිරි මඟේ වාහන 90 ක් කාර්මික දෝෂවලට දක්ෂිණ අධිවේගී මාර්ගයේදී වාහන 80-90 ත් අතර සංඛ්‍යාවක් දිනපතා කාර්මික දෝෂවලට ලක්වන බව පවසන දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු සහ මෙහෙයුම් අධ්යක්ෂ සමන් ඕපනායක මහතා දක්ෂිණ අධිවේගී මාර්ගයට 28 August 2018
දෑත් බැඳ ගලක් ගැටගසා වතුරට දැමූ පුද්ගලයකුගේ සිරුර හමුවේ දෑත් බැද පිටෙහි ගලක් ගැටගසා මීගහකිවුල ලොග්ගල්ලා ඔය කොකනච්චි වළේ ගිල්වා තිබූ මළ සිරුරක් අද (27) පස්වරුවේ බදුල්ල පොලිස් අපරාධ ස්ථානීය පරීකෂණ කොට්ටාසය හා කන්දකැටිය පොලීසියේ නිලධාහු ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව පරීක්ෂණ කටයුතු සදහා ලොග්ගල්ලා ඔය ඉවුර ආසන්නයට රැගෙන ඒමට කටයුතු කළහ. 27 August 2018
දුම්රිය වැඩ වර්ජනය අතහරී දුමරිය නියාමක, රියදුරු , ස්ථානාධිපති සහ පාලකවරුන් අනිද්දා (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු දුම්රිය වැඩ වර්ජනය අතිහිටුවීමට දුම්රිය වෘත්තීය සමිති අද (27) පස්වරුවේ තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති ජනක ප්‍රනාන්දු මහතා පැවසීය. 27 August 2018
ජෝන් මැකේන්ගේ අභාවය ගැන අගමැති සොව පළකරයි ශ්‍රී ලංකාව මුහුණ දුන් අභියෝගාත්මක අවස්ථාවලදී සෙනට් සභික ජෝන් මැකේන් හැම විටම මෙරට විශ්වාසනීය මිතුරකු ලෙස කටයුතු කළේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 27 August 2018
‘පළාත් සභා මැතිවරණය අලුත් ක්‍රමයට පවත්වනවා මිස පැරිණි ක්‍රමයට පවත්වන්නේ නෑ’ පළාත් සභා මැතිවරණය අලුත් ක්‍රමයට පවත්වනවා මිස පැරණි දූෂිත මනාප ක්‍රමයට පැවැත්වීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිතන්නේවත් නැතැයි පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා කොළඹදී අද (27) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 27 August 2018
ජනපති වැටුප් සමාලෝචන කොමිසමේ නිර්දේශ ඔක්තෝබර් 30 ට පෙර ඉල්ලයි රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කර සිටින රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසමේ අදාළ නිර්දේශ ඔක්තෝබර් 30 වැනිදාට පෙර ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) එම කොමිසමට දැනුම් දුන්නේය. 27 August 2018
ආරක්ෂක ඇමැති ඉන්දීය ආරක්ෂක නියෝජිත පිරිසක් සමඟ හමුවක් මෙරට විශේෂ සංචරයක නිරත ඉන්දීය ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිත පිරිසක් සමඟ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (27) ආරක්ෂක අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ඡාවක නිරතවිය. 27 August 2018
‘ප්රජාතන්ත්රවාදය යනු විකල්පයක් නොව අනිවාර්ය අවශ්‍යතාවක්‘ ප්රජාතන්ත්රවාදය යනු විකල්පයක් නොව අනිවාර්ය අවශ්‍යතාවක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (27) කොළඹ දී ප්‍රකාශ කළේය. 27 August 2018
ගැටුමකින් කැපුම් තුවාල ලැබු තරුණිය රෝහලේ අසල්වැසි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකට මැදිව කැපුම් තුවාල ලැබූ තරුණිය අද (27) දහවල් මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය කියයි. 27 August 2018
වන නිලධාරීන්ට පහර දුන් දෙන්නෙක් අත්අඩංගුවට මින්නේරිය ජාතික වනොද්‍යානයේ නිලධාරින් පිරිසට පහර දිම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අද (27) අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය පවසයි. 27 August 2018
බංගලාදේශ අගමැතිනියගෙන් ශ්‍රී ලංකා අගමැතිට ආරාධනාවක් බංගලාදේශයේ සංචාරයක නිරත වන්නැයි බංගලාදේශ රජය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට නිල ආරාධනාවක් කර තිබේ. 27 August 2018
‘ශ්‍රී ලංකාව ශක්තිමත් ප්රජාතන්ත්රවාදී පදනමක් ඇති රටක්‘ ශ්‍රී ලංකාව පැහැදිලි ශක්තිමත් ප්රජාතන්ත්රවාදී පදනමක් තිබෙන රටක් බව ඉතා සතුටෙන් සහ ආඩම්බරයෙන් ප්‍රකාශ කළ හැකි යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) කොළඹදී ප්‍රකාශ කළේය. 27 August 2018
හිටපු හමුදාපති රොහාන් දළුවත්ත අභාවප්‍රාප්ත වෙයි හිටපු යුද හමුදාපතිවරයකු වු ජෙනරාල් රොහාන් දළුවත්ත මහතා අද (27) දහවල් අභාවප්‍රාප්ත විය. 27 August 2018
ජාලිය වික්‍රමසුරියට විවෘත වරෙන්තු ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසුරිය අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබේ. 27 August 2018
නිවන්තකචේතිය විදුහලේ හිටපු විදුහල්පති යළිත් එම තනතුරටම ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති නියෝගයක් ප්‍රකාරව අනුරාධපුර නිවත්තෙචිතිය මහ විද්‍යාලයේ හිටපු විදුහල්පති කරුණාරත්න බංඩාර මහතා වාහාම ක්‍රියාත්මක වන පරිදි යළි එම විද්‍යාලයේ විදුහල්පති තනතුරට පත් කරන බව පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබේ. 27 August 2018
‘වඩුන්නාගල‘ බලන්න මනෝ ගනේෂන් යයි පුරාවිද්‍යා ස්ථානයක් වන වවුනියාව - ඕලූමඩු , වඩුන්නාගල කන්දෙහි (වෙඩික්කනාරම්මලෙයි) පුරාවිද්‍යා නිලධාරීන් විසින් ඉදිකිරීම් නවත්වා දැමූ හින්දු කෝවිල පිළිබඳ සොයාබැලීම සඳහා ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා එහි නිරීක්ෂණ චාරිකාවක නියැලිණි. 27 August 2018
අමල් කරුණාසේකර යළි රිමාන්ඩ් මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු හමුදා බුද්ධි අංශ අධ්යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා ලබන මස 10 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කළේය. 27 August 2018
නල්ලූර් කොවිලේ පූඡාවට ලක්ෂයකට අධික බැතිමතුන් යාපනය ඓතිහාසික නල්ලූර් කෝවිලේ වාර්ෂික පුඡාව මේ වන විට ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් සහභාගී වී සිටිති. 27 August 2018
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026