(ටී.කේ.ජී.කපිල
කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද(08) අලුයම කටුනායක ගුවන් තොටුපළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු ඉන්දියාව , නාගලන්ත ප්‍රාන්තයේ පදිංචි 34 හැවිරිදි පරිගණක ක්‍රියාකරුවෙකි .
ඔහු විසින් රැගෙන පැමිණ තිබූ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක රුපියල් 1,50,75,000 වටිනා කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 05 ක් බර කොකේන් තොගයක් සඟවා ගෙන සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම ඉන්දීය ජාතිකයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු පවත්වමින් සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ හැම ව්‍යාපාරයක්ම අසාර්ථක වෙලා පාඩු ලබනවා. එකක් ඇරෙන්න. මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ඇරෙන්න.. මේ ව්‍යාපාරය දවසින් දවස අති සාර්ථකව රට පුරා ව්‍යාප්ත වෙනවා.
සංචාරක ව්‍යාපාරය දියුණු වෙලා මෙච්චර සංචාරකයෝ අවා අච්චර අවා කියල උදේ හවා බෙරිහන් දුන්නට ඇත්තටම ලංකාවට 85% එන්නේ ඉන්දීය,පකිස්තාන්,ඇෆ්ගනිස්ථාන් වගේ රටවල ඉන්න වැලේ වැල් නැති මන් පහරන්නෝ සහ මේ වගේ මත් ද්‍රව්‍ය වෙළෙන්දෝ.......
මධුෂ් නැතිවෙලාවේ කීයක් හරි හොයා ගන්න හිතන්න ඇති අනේ. ඔන්න ඔහේ ඔය ඉන්දියන් කාරයට සහයෝගේ දක්වන්න.