දූෂණය මැඩලීම සඳහා වන ජාතික සැලැස්මට කැබිනට් අනුමැතිය අල්ලස් හා දුෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම මේ වසරේ සිට 2023 දක්වා කාලයේදී ක්‍රියාවට නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. 06 February 2019
අස්වනු සමයේ වැසි ඇද හැළීමෙන් උතුරේ ගොවීන් අමාරුවේ මහකන්නයේ වී වපුරා අස්වනු නෙළීමේ කාලය පැමිණ ඇතත් මේ දිනවල උතුරේ ප්‍රදේශ රැසකට ඇදහැළෙන වර්ෂාව හේතුවෙන් අස්වනු නෙළිය නොහැකිව ගොවීහු පීඩාවට පත්ව සිටිති. 06 February 2019
කැබිනට් තීන්දුව ලැබුණොත් වෘත්තීය ක්‍රියාමාර්ගය අත් හරිනවා හිටපු රේගු අධ්යක්ෂ ජනරාල්වරිය නැවත එම ධූරයට පත් කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීන්දුව නිල වශයෙන් ලැබුණු විගස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හරින බව රේගු වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. 05 February 2019
රේගු අධ්‍යක්ෂවරිය ඉවත් කිරීම අසාධාරණයි - රවි පී.එල්.එස්. චාල්ස් මහත්මිය රේගු අධ්යක්ෂ ජනරාල් ධූරයෙන් ඉවත් කිරීම අසාධාරණ යැයි විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා කොළඹදී අද (5) පැවැසීය. 05 February 2019
මලික් සමරවික්‍රමට විශ්වාසභංගයක් ගෙනෙන්නැයි විමල්ගෙන් යෝජනාවක් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආයුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට අද (5) යෝජනාවක් ඉදිරිපත් කර ඇත. 05 February 2019
ඌවේ දෙමළ පාසල්වල සිටින සිංහල ගුරුවරු හඳුනාගන්න කමිටුවක් ඌව පළාතේ දෙමළ පාසල්වල සිටින දෙමළ භාෂාව කතා කළ නොහැකි සිංහල ගුරුවරුන් හඳුනාගැනීම සඳහා තම අමාත්‍යාංශයේ ලේකම්වරියගේ මූලිකත්වයෙන් විශේෂ කමිටුවක් පත්කරන බව ඌව පළාත් දෙමළ අධ්‍යාපන අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා පැවසීය. 05 February 2019
පුද්ගල ඝාතන තුනක් කළ තරුණයෙක් රිමාන්ඩ් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු දින 11 ක් තුළ දී ඝාතනය කර තවත් කාන්තාවකට බරපතල තුවාල සිදුකළ සැකකාර පුද්ගලයා ලබන 18 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂ පැල්පොල මහතා අද (5) නියෝග කළේය. 05 February 2019
මරණ දඬුවම නියම වූ 18 කගේ වාර්තා ජනපතිට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධව චෝදනාවන්ට වරදකරුවී මරණ දඬුවම නියමවූ චුදිතයින් 18 දෙනෙකුගේ සියලු වාර්තා ජනාධිපතිවරයාට යවා ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය පාර්ලිමේන්තුවේ දී අද (5) පැවසුවාය. 05 February 2019
අග්නිදිග සරසවි සිසුන් පන්දම් අතැතිව විරෝධතාවයක අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුහු එහි පාලනධිකාරියට විරුද්ධව රාත්‍රී කාලයේ විශ්වවිද්‍යාලයේ දොරටුව අභියස පන්දම් අතැතිව විරෝධතා ව්‍යපාරයක් පැවැත්වූහ. 05 February 2019
දෙවසරක සිරදඬුවම් දුන් ගුරුවරිය ගැන අභියාචනයක් පාසල් දරුවකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුරුණෑගල මහාධිකරණයෙන් වසර දෙකක බරපතල වැඩ සහිතව සිරදඬුවම් නියම වූ පාසල් ගුරුවරිය සම්බන්ධ නඩු තීන්දුව පිළිබඳ අභියාචනයක් ඉදිරිපත් කරන බව ලංකා ගුරු සේවා සංගමය පවසයි. 05 February 2019
හික්කඩුව කලුපෙ වෙඩි තැබීමක් හික්කඩුව කලුපෙ ප්‍රදේශයේ දි අද (5) සවස පාතාල කණ්ඩායමක සාමාජිකයකු බව කියන පුද්ගලයකුට වෙඩි තබා ඇතැයි මීටියාගොඩ පොලිසිය පවසයි. 05 February 2019
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ්ට වසරක සේවා දිගුවක් විශ්‍රාම යාමට නියමිතව සිටි විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට අද (5) සිට ක්‍රියාත්මක වන පරිදි වසරක සේවා දිගුවක් ලබා දී තිබේ. 05 February 2019
විපක්ෂ නායක - මාලදිවයින ජනපති අතර හමුවක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ මාලදිවයින ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලී මහතා අතර හමුවක් අද (05) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි. 05 February 2019
විදුලිබිල ඉහළ දැමීමක් - විදුලිය කැපීමක් සිදු නොකරේ කොතරම් අර්බුද පැවැතියද විදුලිබිල ඉහළ දැමීමක් හෝ විදුලි කප්පාදුවක් හෝ සිදු නොකරන බව විදුලිබල බල ශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය. 05 February 2019
රේගු අධ්යක්ෂ ජනරාල්වරිය යළිත් එම ධුරයටම රේගු අධ්යක්ෂ ජනරාල් පී.එල්.එල්.එස්.චාල්ස් මහත්මිය නැවත එම ධූරයට පත්කිරිමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 05 February 2019
දැරිය ඝාතනය කළ මව රිමාන්ඩ් පුත්තලම සාලියවැව නීලබැම්ම ඕලුමඩුවේ අතුරුදන් වූ දැරියගේ මව ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ලහිරු එස්.සිල්වා මහාතා නියෝග කළේය. 05 February 2019
වේයන්ගොඩ ළමා උද්‍යානයේ හිමිකරු ඇතුළු 06 දෙනා රිමාන්ඩ් කතුරු ඔන්චිල්ලාව කඩා වැටිමෙන් මවක හා දියණියක මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වේයන්ගොඩ- නයිවල ළමා උද්‍යානයේ හිමිකරු ඇතුළු 06 දෙනා 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අත්තනගල්ල මහෙස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය අද (05) නියෝග කළාය. 05 February 2019
ජාතික පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ අක්‍රමිකතා සොයාබැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් 2019 වසරේ ජාතික පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සොයාබැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන තිබේ. 05 February 2019
වැස්ස වැඩිවන ලකුණු දැනට පවතින වැසි තත්ත්වය ඉදිරියේදී ද බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 05 February 2019
අතුරුදන් වු විදෙස් ශ්‍රමිකයින් සොයන්න කාර්යාංශය මහජන සහය පතයි විදේශ රැකියාව සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් කිහිප දෙනකු පිළිබඳව තොරතුරු සොයා ගැනීම සඳහා මහජන සහය අවශ්‍ය බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 05 February 2019
ජෙෆ්රි ඇලෝසියස්ට රට ගමන් තහනම තාවකාලිකව ඉවතට පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම් සමූහයේ සභාපති ජෙෆ්රි ජෝෂප් අලෝසියස් යන අයට පනවා තිබූ විදෙස් ගමන් තහනම දින හතක කාලයක් සදහා තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (05) නියම කළාය. 05 February 2019
විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට 2019 වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (5) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. 05 February 2019
පිටකොටුවේ කඩ සාප්පු වසා දමයි රේගු වෘත්තීය ක්‍රියාමාර්ග නිසා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ට සහ තොග වෙළදුන්ට සිදු වී තිබෙන පාඩුව පිළිබඳව පවසමින් ඔවුන් අද ( 05) පිටකොටුවේ සියලු වෙළෙදසැල් වසා දමා තිබේ. 05 February 2019
චීනයෙන් බවුසර් 90 ක පරිත්‍යාගයක් ආපදාවන්හිදී ප්‍රයෝජනයට ගැනීම සඳහා චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු රුපියල් මිලියන 1000 ක පමණ වටිනාකමකින් යුතු බවුසර් රථ 90ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත කොළඹ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේදී අද (05) පිරිනැමිණි. 05 February 2019
‘ආණ්ඩුව නැහැ කිව්වට ව්‍යවස්ථා කෙටුම්පතක් තිබෙනවා‘ ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කර නොමැති බව ආණ්ඩුව නැවත නැවත කියන නමුත් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ව්‍යවස්ථා සභාව නමැති පිටුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් පළ කර ඇතැයි ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ අංශාධිපති නීතිඥ රාජා ගුණරත්න මහතා ප්‍රකාශ කළේය. 05 February 2019
රුපියල යළි හිස ඔසවයි එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අද (5) රුපියලේ විකුණුම් අගය 178 කින් ඉහළ ගියේය. 05 February 2019
හෙරොයින් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට බ්‍රවුන් ෂුගර් වර්ගයේ හොරොයින් මත් කුඩු තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනකු වැල්ලවත්තේදී හා පිළියන්දලදී අද (05) අත්අඩංගුවට ගෙන තිබේ. 05 February 2019
චෛත්‍ය මත නැඟ ඡායාරූප ගත් සිසුන් අධිකරණයේදී වරද පිළිගනී පුරා විද්‍යා වටිනාකමක් ඇති ස්ථානයකට අනවසරයෙන් ඇතුලූවී එම පුරා විද්‍යා භූමියේ පිහිටි කිරලාගල දාගැබ මතට නැග ජායා රූප ලබා ගෙන එම ජායා රූප සමාජ ජාලා මාධ්‍යට මුදා හැර ආගමික ස්ථානයකට අපහාස සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට 05 February 2019
විශාරද එඩ්වඩ් ජයකොඩිට සබරගමු සරසවියෙන් සම්මානයක් සබරගමු විශ්වවිද්‍යාලය විසින් සබරගමුවේ පදිංචි කලාකරුවෙකුට ජීවිතයේ එක් වරකදී පමණක් පිරිනමන ඇගයීම් සම්මානය එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා විසින් ගායන විශාරද එඩ්වඩ් ජයකොඩි මහතාට අද (05) පිරිනමනලදී. 05 February 2019
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට දකුණු අප්‍රිකානු සංචාරයේදී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය සඳහා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න නම්කර ඇති බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් කියැවේ. 05 February 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026