නාලක සංජීව දහනායක
අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආයුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට අද (5 ) යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීමේදී සිදුව ඇත බව ජනාධිපතිවරයා පත්කළ විද්වත් කමිටුවෙන් හෙළි කර ඇති බැවින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙනආ යුතු බවට මන්ත්‍රීවරයා යෝජනා කර තිබේ.
එමෙන්ම විපක්ෂය ලෙසින් රජයට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් මන්ත්‍රී කණ්ඩායමට පවසා ඇත.
ඒ අනුව රජයට විරෝධය පළකරමින් දෙවුන්දර සිට කොළඹට පාගමනක් සංවිධානය කිරීමටද මන්ත්‍රී කණ්ඩායමට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.
කෙසේ වෙතත් ඉදිරියේදී පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂනායකයන්ගේ රැුස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණිය යුතු බවට විපක්ෂනායකවරයා පවසා තිබේ.
එක්ස්ත ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩම් රැුස්වීම විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (5) පාර්ලිමේන්තු සංකීර්ණයේදී කමිටු ශාලා අංක 2 දී පැවැතිවිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද යෝජනාවක් ,මේ අය රටට ආදරයක් ඇති මහත්තුරු නොවෙයි .
අයි එයාට විතරක් විශ්වාස භංගයක් ගෙනෙන්නේ? රටට බිලියන ගණනක් පාඩු කල මුදල් ඇමතිට විශ්වාස භංගයක් නැතිද?
ඇයි එයාට විතරක් . ඔයාටත් විශ්වාසභංගයක් ගේන්නම ඕනේ.
හොඳ යෝජනාවක්. රටක අනාගතය ගැන හිතා තීරණ ගන්න මේ අයට පුලුවන්ද? රටක අනාගතේ බර දැනෙන්නේ දරු පවුල් කාරයොන්ටයි. අනිත් එක මෙයා ඡන්දෙකින් දිනලා නෙවෙයි නේද ආවේ?
ඔය කියන පිරිසිදු පුද්ගලයා ගුවන් බලපත්‍ර දෙකක් තියාගෙන බොරු තොරතුරු දීලා. තමුන්ගේ ඔක්කොටම ආණ්ඩුවේ ගෙවල් පොඩි ගානකට දුන්න එක ගැන විශ්වාස භංගයක් ගේනවා නම් නේද හොඳ.
මාකදුරේ මදුෂ්ගේ මළ ගෙදර ගිය මන්ත්‍රී තුමාටත් විශ්වාස භංගයක් ගෙනාවනම් නේද හොද?
අනික් අයට විශ්වාසභංගය ගේන්න ඉස්සරවෙලා, තමන්ටම විශ්වාසභංගයක් ගෙන්න ගන්න. මොන තරම් සුදු හුනු ගාගෙන චරිත සහතික ගන්න හැදුවත්, මිනිස්සු ඔයාගෙ හැටි දන්නව දෑන්. අපි ඔයාට විශ්වාසභංගයක් ගෙනත් ඉවරයි.
මේවා තමා නියම විහිළු.
විමල්, ඔය විශ්වාසභංග යෝජනාව ගෙන්න කලින් හරියට තහවුරු කරගන්න ඔයාගේ නායක රාජපක්ෂලා ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කරාවිද කියලා. මතකද මීට කලින් ගෙනාපු විශ්වාසභංග යෝජනාවලදී වෙච්ච දේ?
ඇයි පාස්පෝට් සහ ලියකියවිලි වලට සාවධ්‍ය තොරතුරු සැපයු උදවිය ?රටේ සිවිල් නීති කඩලා කාගේදෝ අනුහසින් බේරිලා ඉන්න උදවිය ? කිසිම රැකියාවක් ආදායමක් නැතිව ඉදලා ලක්ෂේට කොඩි දාපු උදවිය?
නිකන් බෙරිහන් දෙන්නත් කට්ටියක් අවශ්‍යයි. ඔවුන්ට අපේ බදු සල්ලිවලින් වැටුප් හා දීමනා ගෙවන්නෙත් අනිත් සේරම පහසුකම් සලසලා තියෙන්නෙත් ඒකටයි..