මින්නේරිය ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසයි මින්නේරිය ජාතික වනෝද්‍යානය තුළ පිහිටි වැවක මසුන් මරමින් සිටි පුද්ගලයකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියත් සමඟ වනජීවි නිලධරීන් සහ තවත් පිරිසක් අතර ඇති වු ගැටුමේ සිද්ධිය මුල් කරගනිමින් මින්නේරිය ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමීමට අද (27) තීරණය කර තිබේ. 27 August 2018
සිංගප්පූරු ගිවිසුමෙන් වැඩිම වාසි ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකා - සිංගප්පූරු වෙළඳ ගිවිසුම හරහා වැඩිම ප්රතිලාභ කඩිනමින්ම හිමිවන්නේ ශ්‍රී ලාංකීය ජනතාවට බව සිංගප්පූරු වෙළඳ සහ කර්මාන්ත අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි. 27 August 2018
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට සිතාසි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සැප්තැම්බර් 10 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස විශේෂ මහාධිකරණය විසින් සිතාසි නිකුත් කළේය. 27 August 2018
යාපහුව දියවර උළෙලට ආසනයේ එකම මන්ත්රීවන මට ඇරියුමක් නෑ වයඹට ජලය ගෙන ඒමේ දෙවැනි අදියර යටතේ පොල්පිතිගම පෙරේදා (24) පැවැති උත්සවයට ආසනයේ එකම මන්ත්‍රීවරයා වන තමාට ඇරියුම් නොකළ බවත්, එහි සිහිවටන පුවරුවලින් තමාගේ නම පවා ඉවත් කිරීමට ඇතැමුන් කටයුතු කර ඇති බවත් හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පැවසීය. 27 August 2018
ගෑස් මිල සූත්‍රය යළිත් ගෑස් සඳහා වන මිල සූත්‍රය නැවත හඳුන්වාදීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත. ලබන මස මැද භාගයේදී පමණ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන මෙම ගෑස් මිල සූත්‍රය සඳහා ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් කැමැත්ත පළ කර ඇතැයි පාරිභෝගික අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. 27 August 2018
පැරදුණු වාර්තාව හදන්න ගිය ලක්ෂ 212 වතුරේ පාර්ලිමේන්තුවෙන් ප්‍රතික්ෂේප කෙරුණු පළාත් සභා සීමා නිර්ණ වාර්තාව සකස් කිරීම සඳහා රුපියල් ලක්ෂ 212කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණයවී ඇත. 27 August 2018
අලුගොල්ලේ බස් අනතුරකින් දරුවෙක් මරුට - 26 ක් රෝහලේ බදුල්ල අලුගොල්ල මාර්ගයේ බෝධිය අසල දී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරැලී 12 හැවිරිදි දරුවකු මිය ගොස් ඇතැයි බදුල්ල පොලිසිය පවසයි. 27 August 2018
වසර තුනට අල්ලස් කොමිසමෙන් නඩු 268ක් - මැති ඇමැතිවරුන් 8කුත් ඒ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පසුගිය තෙවසරේ ලැබුණු පැමිණිලිවලට අදාළව නඩු 268ක් පවරා ඇතැයි එම කොමිෂන් සභාව සඳහන් කරයි. 26 August 2018
ධීවරයෝ මින්නේරිය වනජීවී කාර්යාලය වටලති මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිළධාරීන් අද (26) පස්වරුවේ මින්නේරිය වැවේ ධීවර කාර්මිකයකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විරෝධය දක්වමින් ධීවරයින් 100 කට අධික පිරිසක් මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවි කාර්යාලයට කඩා වැදී වනජීවී නිළධාරීන් දෙදෙනෙකු ඇතුළු හතර දෙනෙකුට පහර දී දේපොළවලටද අලාභ හානි කර ඇතැයි වනජීවි නිළධාරීහු කියති. 26 August 2018
බුද්ධ ධර්මය විකෘති කිරීම වළක්වාලීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ විග්‍රහයක් ඉල්ලයි බුදුරජාණන් වහන්සේට නිගා කිරීම, බුද්ධ ධර්මය විකෘති කිරීම හා පිළිගත් බෞද්ධ සංස්කෘතික සම්ප්‍රදායන් අවමානයට ලක්කිරීම ආදිය වළක්වාලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ විග්‍රහයක් ලබාගෙන එය බලාත්මක කිරීමට පියවර ගන්නැයි ඉල්ලා බුද්ධශාසන කාර්ය මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කර තිබේ. 26 August 2018
මාලිගාවත්තේ වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට මාලිගාවත්ත ජුම්මා හංදිය ලොන්ඩරිය අසල මාර්ගයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් කාන්තාවක මිය ගොස් තිබේ. 26 August 2018
‘සණස‘ 40 වැනි සැමරුම් උළෙල සණස ව්‍යාපාරයේ 40 සැමරුම් උළෙල සෞඛ්‍ය ,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවැත්විණි . 26 August 2018
වසර 5ට අධිවේගයේ ආදායම කෝටි 3082ක් ගෙවුණු වසර පහේ අධිවේගී මාර්ගයේ ධාවනය වූ වාහනවලින් රුපියල් කෝටි 3082ක ආදායමක් උපයා ඇතැයි අධිවේගී මාර්ග අධ්යක්ෂ, නඩත්තු හා මෙහෙයුම් කළමනාකරු එස් ඕපානායක මහතා පැවසීය. 26 August 2018
පෙළ පොත් මුද්‍රණය පෞද්ගලික අංශයට දීමෙන් කෝටි 4800 ක පාඩුවක් මෙවර පාසල් පෙළ පොත් මුද්‍රණ කටයුතු පෞද්ගලික මුද්‍රණාල වෙත ලබා දීමට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය නිසා රජයට රුපියල් මිලියන 4800 ක් පමණ අහිමි වී ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලිං මහතා පැවසීය. 26 August 2018
රථ ගාලේ පෝස්ටරයකින් ගාල්ල රෝහල කැළඹෙයි යම්කිසි පිරිසක් විසින් ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ වාහන ගාල් කරන ස්ථානයේ අලවනු ලැබ ඇති පෝස්ටරයක් නිසා වෛද්‍යවරුන්, කාර්ය මණ්ඩලය හා රෝගීන් නොසන්සුන්තාවට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි. 26 August 2018
ලංකාවේ මානවහිමිකම් ගැන විශේෂ වාර්තා දෙකක් මානවහිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ක්‍රියාකාරි කමිටු දෙකක් විසින් සැකසූ විශේෂ වාර්තා දෙකක් ලබන මාසයේදි ජීනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවට ඉදිරිපත් කරන බව තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී. 26 August 2018
ප්‍රතිසංස්කරණය කළ රන් වියන දළදා වහන්සේට පූජා කෙරේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රතිසංස්කරණය කරන ලද රන් වියන දළදා වහන්සේ වෙත පූජා කිරීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 26 August 2018
දළදා පෙරහරේ දිය කැපීමේ මංගල්‍යය මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මහා මංගල්‍යයයේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ (25) රාත්‍රී වීදි සංචාරය කෙරුණු අතර අද (26) අලුයම 1 පසු වී විනාඩි තුනට දිය කැපීමේ චාරිත්‍රය සිදු කළේය. 26 August 2018
‘අගමැති කමිටුවත් උප්පරවැට්ටියක්’ - ජවිපෙ කියයි පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ නිර්දේශ ලබාදීම සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කිරීමට නියමිත කමිටුව ද ඡන්ද කල්දැමීමේ උපක්‍රමයක් මිස විසඳුම් මගක් නොවේ යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි. 26 August 2018
විවාහ නොවී පවුල් කෑ යාපනයේ ජෝඩු 38 ක් රජයේ වියදමින් විවාහ දිවියට නීතියෙන් විවාහ නොවී එකට පවුල් කෑ යාපනයේ ජෝඩු 38ක් දින තුනක දී රජයේ වියදමින් විවාහ කරදීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කරන ලදී. 26 August 2018
ඇමැති මුස්තාෆා අස් විය යුතුයි - මැතිවරණ නිරීක්ෂකයෝ කියති පළාත් සභා සීමා නිර්ණය වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත්කිරීමට සහාය දැක් වූ පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා හෘද සාක්ෂියක් තිබේ නම් ඉල්ලා අස් විය යුතු යැයි මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි. 26 August 2018
ජනපතිගේ නේපාල සංචාරය 28- හිටපු ජනපතිත් ඉන්දියා සංචාරයක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අඟහරුවාදා (28) නේපාල සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිතය. 26 August 2018
විදුලි හොරුන්ට කෝටි 11 ක දඩ විදුලි හොරුන්ගෙන් පසුගිය වසර තුළදී (2017) දඩ ලෙස රුපියල් කෝටි 11 කට අධික මුදලක් අයකරගෙන ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ‘ලංකාදීප’යට පැවසීය. 26 August 2018
සබරගමු මහ සමන් දේවාලයේ කප් සිටුවීම 10 දා සබරගමු මහ සමන් දේවාලයේ දී සැප්තැම්බර් 10 වැනි දා කප් සිටුවීමේ චාරිත්‍ර ඉටුකිරීමෙන් පසු 2018 වාර්ෂික ඇසළ මහා පෙරහර කටයුතු ආරම්භය සිදුවන බවත් මෙවර ඇසළ මහා පෙරහර අති උත්කර්ෂවත්ව පැවත්වීමට කටයුතු සම්පාදනය වී ඇති බවත් සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ මිගාර ජයසුන්දර බණ්ඩාර මහතා පැවසුවේය. 26 August 2018
පාකිස්තානයේ ජනපති - අගමැති ඇතුළු සියලු රජයේ නිලධාරීන්ට පළමුවැනි පන්තියේ ගුවන් ගමන් තහනම් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ සියලු රජයේ නිලධාරීන් ගුවන් ගමන්වල යෙදීමේදී රජයේ මුදලින් පළමු පන්තයේ ගමන් තහනම් කිරීමට පකිස්ථාන නව ආණ්ඩුව තීරණය කර තිබේ. 26 August 2018
ජැක්සන් - සමනලී - මහේන්ද්‍ර - නදී සිග්නිස් සම්මාන ලබති සීග්නිස් උත්තමාචාර 2018 සිනමා සහ ටෙලි සම්මාන උළෙල ඊයේ (25) පස්වරුවේ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි. 26 August 2018
යතුරුපැදි -බස් අනතුරින් දෙන්නෙක් මරුට රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ පල්ලෙබැද්ද කොස්වැටිය වංගුවේ දී යතුරු පැදියක් බස් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් දෙදෙනාම මියගිය බව ගොඩකවෙල පොලීසිය පවසයි. 26 August 2018
ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම පහළ බැහැලා පසුගිය වසර කීපයක සිට ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල පෝෂක ප්‍රදේශයට වැසි නොලැබිම නිසා ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ට්ම අක්කර අඩි 51000 දක්වා පහත බැස තිබේ. 26 August 2018
අවසන් දළදා රන්දෝලි පෙරහර වීදි සරයි මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මහා මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර නිකිණි පෝදා වීදි සංචාරය කිරීම ඇරඹුණ අතර අති විශාල ජනතාවක් පෙරහර නැරඹීම සඳහා රැස් වී සිටියහ. 26 August 2018
ජනපති නිල මෙහෙවරේ සාමාජිකයෙක් යාපනයේදී මියයයි යාපනයේ පෞද්ගලික හෝටලයක නැවතී සිටි ජනපති නිල මෙහෙවරේ සාමාජිකයකු හදිසියේම මිය ගොස් ඇති බව යාපනය පොලීසිය කියයි. 26 August 2018
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026