අල්ලස් චෝදනාවකට වැරදිකරු වු කලුතර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ලක්ෂ්මන් විදානපතිරණ මහතාට බරපතල වැඩ සහිත වසර 05 ක සිර දඬුවමක් අද (07) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියම කළේය.
වෙන්දේසි ඉඩමකට ප්‍රවේශ වන මාර්ගයක තිබු කුඹුරක් මැදින් මාර්ගයක් සකස් කර දීමට රුපියල් ලක්ෂ 30 ක අල්ලසක් ලබා ගැනීමට ගිය =සිද්ධියකට මීට වසර 05 කට පමණ පෙර හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබිණි.
හිටපු සභාපතිවරයා මෙම සිදුවීමෙන් පසු ඇප මත සිටි අතර ඔහු මේ වන විට කලුතර ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව සැකයකින් තොරව මෙම චෝදනා ඔප්පු වීම හේතුවෙන් ඔහුට මෙම දඬුවම නියම කෙරිණි.
ඒ අනුව විත්තිකරුට එරෙහිව ඉදිරිපත්ව තිබූ චෝදනා 04 කට ඔහු වරදකරු කළ විනිසුරුවරයා එක් චෝදනාවකට වසර 05 බැගින් වසර 20ක සිර දඬුවම් නියම කළේය. එය වසර 5 කින් ගෙවී යා යුතු බවට නියෝග කළේය.
එමෙන්ම විත්තිකරුට රුපියල් ලක්ෂ 30ක දඩයක් සහ පැමිණිලිකරුට රුපියල් ලක්ෂ 20ක වන්දියක් ගෙවිය යුතු බවටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
(36698)



( ඡායාරූප - ලහිරු හර්ෂණ )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාධ, වංචාකරන අයගේ ඡයාරූප මාධ්‍ය විසින් මෙන්න මේ අයුරින් ප්‍රසිද්ධියට පත්කල යුතුයි.
පළමුවෙනි පින්තුරයේ මෙයා බලාගෙන ඉන්නේ හරියට අපි මේ වරද කරලා වගෙයි.
ඒ පළාතේ ඡන්ද දායකයෝ නැවතත් මෙයාව පත් කරළ තියෙනවනේ.
නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් හට ප්‍රශංසා හිමි විය යුතුය. දූෂිත දේශපාලකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොබියව හා කැපවීමෙන් කටයුතු කිරීම පිළිබඳව.
කුම්බලාවෙක් අහුවෙලා කෝ තෝරු මෝරු නිදැල්ලේ ?
ගොඩාක් කාලෙකට පස්සේ හදවතට සතුටක් දැනුණා එක අපරාධකාරයෙකුට හරි නීතිය ක්‍රියාත්මක වුණ එක ගැන ගිහාන් කුලතුංග කියන්නේ ලංකාවේ ඉන්න නීතිගරුකම නිලධාරියෙක්. ඇත්තටම මේ හොරුන්ගෙන් ඡායාරූප සමග ප්‍රසිද්ධ කරන එක ගැන නම් ලංකාදීපයට ස්තූති.
අහන්න ආසා හිතෙන නඩු තීන්දුවක්. දකින්න ආසා හිතෙන දර්ශනයක්. හිරේ යායුතු අය එළියේ හිටියොත් සමාජයට කරදර නිසා එකින් එක නඩු මෙසේම විසදේවා !!!!
හොද තීන්දුවක්. හොරුන්ට දැඩි දඩුවම් නොදී මේ රට හදන්න බැහැ. හොරකම ඉහ වහ ගියේ දේශපාලකයින් ගෙ කෙරුවාව නිසා. මෙයත් ඔතනින් පාර්ලිමේන්තුට ඊලඟට ඇමතිකමකට ගිහින්.රට කන ගමන මේ වැලකුනේ.අධිකරණයට අපේ ප්‍රනාමය.
මේ පුද්ගලයා මේ වංචාව කරන්නේ කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිව සිටියදීය, අල්ලස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතටම අසුවනවා, නමුත් ඉන් පසුව ඇප ලබා ඔහු නැවතත් පසුගිය වර ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත්වනවා පොහොට්ටුවෙන්, එහිදී ඔහු අනෙකුත් අපේක්ෂකයින්ට ලං වෙන්නවත් බැරි ඡන්ද ප්‍රමාණයක් ලබා ඔහුගේ ඡන්ද කොට්ටාශයෙන් නැවතත් ප්‍රාදේශීය සභාවට පත්වනවා ජනතා ආශිර්වාදයෙන්. ප්රශ්නය නම් මේ පුද්ගලයා වංචාවකට අසු වී තිබෙද්දී ඔහු නාම යෝජනා ලබා ගැනීම හා ජනතාව විසින් නැවතත් පත් කිරීමයි. කෙසේ වෙතත් ගරු ගිහාන් කුලතුංග විනිසුරු තුමාට ගෞරවය හිමි විය යුතුයි රටට වින කරන මෙවන් පහත් මිනිසකුට දුන් තීන්දුව වෙනුවෙන්. නමුත් මෙම වසර පහට පසුව ඔහු නැවතත් අපේ ජනතා වරමින් නැවත දේශපාලනය කරනු ඇත ... ඛේදවාචකය ඇත්තේ එතනය.......