කාර්මික දෝෂයක් හේතුවෙන් මන්ත්‍රීවරු 12 දෙනෙක් පාර්ලිමේන්තු විදුලි සෝපානයේ සිරවී සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතා අද (7) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා හදිසි ඇමතුමක් ලබාදීමෙන් පසුව ඔවුන් එළියට පැමිණ ඇත. විනාඩි 15 ක පමණ කාලයක් මන්ත්‍රීවරු 12 දෙනා විදුලි සෝපානය තුළ රැඳී සිට තිබේ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ද ඒ අතර සිට ඇත.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සභා වාරය අමතමින් විමල් වීරවංස මහතා මෙසේ ප්‍රකාශ කළේය.
විමල් - අපි පාර්ලිමේන්තුවේ ලිෆ්ට් එකේ හිරවෙලා හිටියා, හදිසි ඇමතුම් දීලත් විනාඩි 15ක් ගියා ඇරගන්න
කථානායක - මම කණගාටුවෙනවා ඒ ගැන, හොයල බලන්නම්
විමල් - කණගාටුවෙලා හරියන්නේ නැහැ තවඩින්ගෙන් හුස්ම ටික නැතිවෙනවා
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ එළියට ආවෙ. ඇතුළෙම ඉන්න තිබුණේ
රටට වින කරන අයට මේ දිනවල නරක දසාව. දිනේෂ් යනු රටේ හොඳ යෝජනා වලට විරුද්ධ කඩාකප්පල් කරුවෙකි. විමල් යනු දැඩි ජාතිවාදී සහ ආගම් වාදී සහ ඇමෙරිකන් විරෝධී සහ චීන ගැත්තෙකි. රට ආපස්සට යවන අය පරිස්සම් වනු.
දවසේ සතුටුදායකම පුවත.
හා හා .. කරපු පව් මතක් වෙන්න ඇති ....
ෂික්..... අපරාදේ එළියට ගත්තේ, සත පහක වැඩක් නැති රටටම බරක් වුණු මිනිස්සු..
ලිෆ්ට් එකේ ඇතුළේ කෑල්ලක් වත් ගලවන්න හැදුවද දාන්නේ නෑ. පාස්පොර්ට් සහ උප්පැන්න දෙක දෙක තියෙන මිනිහෙක් හිටපු නිසා කෝකටත් බලන එක හොදයි.
අපරාදේ එලියට ගත්තේ. මුන් හරියට දෙවිවරු වගේ කතා කරන්නේ, විනාඩි 15ක් කියන්නේ මහලොකු කාලයක් ද? අපරාදේ අපේ සල්ලි වලින් විදුලි සෝපාන දාලා තියෙන්නේ, පඩි පෙළවල් දැම්ම නම් ඉවරයි. තඩි බඩගෙඩි හරි අඩුකරගන්න තිබුණා.
අපරාදේ හදිසි සේවා අංකය කතාකරේ.... රටට තිබුණ පිලලයක් ඉවරකරන්න තිබුණා...
ගමේ කමයි, ශරීර සෞඛ්‍යයි හිතලා පඩිපෙළේ ගියානම් ඉවරයිනේ...
අපරාදේ
ඕක පාර්ලිමේන්තුවේ කියවන්න ඕනද. ඔය විනාඩි 15 ක් හිරවෙලා. මිනිස්සු රාජ්‍ය ආයතනවල රස්තියාදුවෙන හැටි දැක්කනම් විමල්ට කලන්තේ දායි. එතකොට ඒවා පාර්ලිමේන්තුවේ කියවන්න ඕන නැද්ද ? අඩුම ගැනේ බලයේ ඉදිද්දීවත් කලාද එහෙම ?
ෂික්..... අපරාදේ එළියට ගත්තේ, සත පහක වැඩක් නැති රටටම බරක් වුණු පිරිසක්
අනිවාර්යෙන් හෙට කියයි මේක බටහිර රටවල් වලින් කරපු කුමන්ත්‍රණයක් කියලා.....
අපරාදේ ඕක කඩා වැටුනේ නැනේ
අපරාදේ තව විනාඩි 10ක් ඇතුලේ ඉන්න තිබ්බේ......
මේ.. දේශපාලන මරලතෝනි ..ටික එතනම ඉවරවුනානම් නේද හොඳ .
බලය තිබුනට මොලය නෑ නේ .යකෝ විදුලි සෝපානයක යන්න පුළුවන් ප්‍රමාණයක් තියනවා . නියමිත බරක් තියනවා .10 ක් විතර ඕකට එකපාර නැග්ගහම උඩ යයි යෑ. ශ්‍රීලංකා පාර්ලිමේන්තුව කියන්නේ තට්ටු 3 ක් වත් නැතුව ඇති . පඩිපෙළෙන් යන්න බැරිමොකද? අනේ කඩන් වැටුණේ නෑනේ ඕක....
රොත්තම තියල කේබල් එක කපන්න තිබුණේ ...
මේක විමල්ට අනුව නම්, ඇමරිකන් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්.... ලෝක බැංකුව හවුල්ව... දිනේෂ්ට අනුව රනිල්, එල්ටීටීඊ හිතවතුන්ගේ දේශීයත්වය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්....
ඔක්කොමල ආණ්ඩුවට කඩේ යන අය... ඒ මිනිස්සු වත් නැත නම් රටේ විපක්ෂයක් නේ එහෙනම් මෙලකට ලංකාව විකුණලා.
ඔය ලිෆ්ට් එකට 225ම දාන්න බැරිද?
මම හිතුවෙම ලිෆ්ට් එක මේ අයත් එක්කම කඩා වැටිලා කියලයි. බලනකොට නිකම්ම නිකන් බ්ලොක් එකක්නේ.
පේනවා නේද ඉහල දාලා තියෙන අදහස් වලින් මිනිස්සු මොන තරම් දිනේෂ් සහ විමල් ගැන කොහොමද දකින්නේ කියලා.
ජගත් මහතාගේ කතාව මසුරන්. රටේ ජනතාව කන පරිප්පුවේ හැටියට ඔය විනාඩි 15 මොකක්ද. දෙයියෝ බුදුන් සිහිවෙන්න ඇති මෙයාලට. මොනා උනත් කිසිකෙනෙකුට කරදරයක් නොවෙන්න තමයි හැමවිටම පතන්නේ.
ඒක ඇතුලදී සැට් එකටම බය වෙන්න ඇති...
අපරාදේ බේරුන එක
පාර්ලිමේන්තු එන්න කලින් වගේ පඩිපෙල දිගේ ගමන් කලානම් ඔය වයසෙදි හැදෙන ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න පුළුවන්.
පෙරහුරුවකට සහභාගි වෙන්න ලැබුණු එක භාග්‍යයක්. ළඟදීම මිනිස්සු ඔය විදියට අල්ලලා හිරකරනවා රට බංකොලොත් කලාම.
මයික් කැඩුවා වගේ සෝපානයත් ක්‍රියාවිරහිත කරාද දන්නේ නෑ.
මගේ අදහස තමයි ,මෙම අවස්ථාවේදී මෙම සිද්දියට මුහුණ දුන් අයවලුන් අතුරින් වැඩි පිරිසක් අයවලුන් අන්තවාදී ,පක්ෂක්ග්රාහී පිරිසකි. එම නිසා ස්වභාවධර්මය විසින් මොවුන්ට දඩුවම් දී තිබේ.
මෙයාල ටික එහෙමම තියන්න තිබුන එලියට අාවත් වැඩක් නැහැනේ