(උපාලි ආනන්ද සහ පැතුම් දර්ශන)
පුරා විද්‍යා වටිනාකමක් ඇති ස්ථානයකට අනවසරයෙන් ඇතුලූවී එම පුරා විද්‍යා භූමියේ පිහිටි කිරලාගල දාගැබ මතට නැග ජායා රූප ලබා ගෙන එම ජායා රූප සමාජ ජාලා මාධ්‍යට මුදා හැර ආගමික ස්ථානයකට අපහාස සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන රිමාන්ඞ් කර සිටි අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් අට දෙනා එකී චෝදනාවන්ට කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් අධිකරණයේදී වරද පිළිගනු ලැබීය .
ඒ මෙම සිද්ධියට අදාල පැමිණිල්ල අද (5) කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීය.
වරදපිළිගැනීමෙන් අනතුරුව එම සාකකාර සිසුනට කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් මාලින්ද හර්ෂන ද අල්විස් මහතා මුදලින් දඩ සහ මුදලින් රජයේ ගාස්තු නියම කළේය.
ඒ අනුව පළමු චෝදනාවට සියලු සැකකාර සිසුනට වෙන් වෙන් වශයෙන් රුපියල් දහසක රජයේ ගාස්තුවක්ද දෙවන චෝදනාවට සියලු සැකකාර සිසුනට රුපියල් දහසක රජයේ ගාස්තුවක්ද තුන් වන චෝදනාවට සියලු සැකකාර සිසුනට වෙන වෙන් වශයෙන් මුදලින් රුපියල් පනස් දහස බැගින් ද දඩ මහේස්ත‍්‍රාත්වරයා නියම කෙරිණ .
මෙසේ දඩ නියම වූයේ පිරි මොහොඞ් ස්මයිල් අබිදුල් සලාම් මොහොමදු අබ්දුල් ආතික් මොහොමඞ් මොහොමදු ජලීල් මොහොබදු හිදියන් මොහොමඞ් ඊබ‍්‍රහිම් සයිපන් මොහොමඞ් රිෆාෂ් මොහොමඞ් අබුදුල් අසීස් දිෂාන් සහ කරීම් මොහාබදු සබ්රීස් යන අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් අට දෙනෙකුටය මෙම සැකකාර සිසුන් හොරොව්පොතාන පොලිසිය මගින් අත් අඩංගුවට ගනු ලැබූවේ ඉකුත් ජනවාරි මස 23 දා වන අතර ඔවුන් කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර රිමාන්ඞ් බාරයට පත් කලේ ජනවාරි මස 24 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිසුන් නිසා බරපතල දඩුවමක් නොදීපු එක හොද දෙයක්, කොහොම නමුත් මේවා දෙමව්පියන්ගේ වැරදි දරුවන්ට යහමග කියා නොදීම.
අනේ මන්දා. විශ්වවිද්‍යාල සිසුන් නම් සියලුම දේවල් දන්නා නිසා යහමග දෙමව්පියන් විසින් කෙසේ කියා දෙන්න ද?
දඩ දීල විතරක් නවත්තන්න එපා. අමතක නොවෙන්න දෙන්න පුළුවන් උපරිම දඩුවම් දෙන්න. මේ වගේ මෝඩ අය නිසා තමයි සිංහල සහෝදරයො අපිත් එක්ක වෛරයෙන් ඉන්නෙ. මේ වගේ අය අපේ ජාතියටම කැළලක්.
ලංකාවේ විශ්වවිද්‍යාලයක්, සියලුම සිසුන් එක ජාතියකට අයත් වන්නේ කොහොමද? මොරටුව, පේරාදෙණිය ඉන්නේ සිංහල සිසුන් පමණද? ප්‍රතිශතය වැඩිද? එසේම, අරාබි සහ ඉස්ලාම් ආගම සඳහා උපාධි දෙන බව දන්නවද?
අබ්දුල් සහෝදරයා, ඔබට මගේ ගෞරවය.. ඔබතුමා වගේ හිතන අන්‍ය ජාතිකයන් ගොඩාක් අඩුයි ලංකාවේ. අපි හැම ආගම වල සංස්කෘතිය වටහාගන්න ඕන .... මොකද අපි සේරම ලාංකිකයෝ....
අබ්දුල්, ජයසේකර, අනගි අදහස් දැක්වීමක්. කුලල් කාගෙන වැඩක් නැහැ. අපි ලාංකිකයෝ හැටියට හිතන්න ඕනේ. අන්තවාදී නොවී මෙහෙම හැමෝම සිතනවානම් ප්‍රශ්නයක් නිරාකරණය කරන්න කෙතරම් පහසුද? ජාති ආගම් නැතුව වරදට දඩුවම් දිය යුතුමයි.
පාසල් අධ්‍යාපනයේ වරද!
තමාට පෙර රට එකම රටක් එකම ජාතියක්, අත්වැල් බැඳගෙන යමු ඉදිරියටම