(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
පුල්මුඩේ සිට කොළඹ බලා ධාවනය වු පෞද්ගලික බසයක් අද ( 9 දා ) දහවල් 10.30ට පමණ හලාවත දී නැවතු අවස්ථාවේ දි බසයට බලහත්කාරයෙන් ඇතුළු වු පිරිසක් එම බසයේ කොන්දොස්තරට අමානුෂික ලෙසින් පහර දී ඔහු අත තිබු ටිකට් නිකුත් කරණ යන්ත්‍රයට උදුරා පොලවේ ගසා විනාශ කර ඇති බව හලාවත පොලිසිය කියයි.
මේබවට පැමිණිල්ලක් කින්නියාවේ පදිංචි ප්රාන්ජිස් රෝෂාන් ( 24 ) නමැති කොන්දොස්තර පොලිසියට කර ඇති බවත් කියයි.
මීගමුව පොලිසිය මීගමුව හලාවත මාර්ග අංක 907 බස් කොන්දොස්තරවරයෙකුට පසුගිය 7 දා මීගමුවේ දි පහරදීමේ සිද්ධියක් මත එම මාර්ගයේ බස් සේවක වැඩ වර්ජනයක් මේ වන විට ක්‍රියාත්මකව පවතින අතර එම් විරෝධතාවට එක්ව සිටින කණ්ඩායමක් මෙම පහරදිම කර ඇති බවත් කියයි.
තමන් කින්නියාවට ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා බවත් පහර කැ අය පොලිසියට දන්වා පිටව ගොස් ඇති බවත් කියයි.
හලාවත පොලිසිය පරික්ෂණ සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් කොන්දන්ටනම් ගහලත් මදි
ඉතාම හොඳ වැඩක්. මගීන්ගේ ඉතුරු මුදල් දීම හිතාමතාම මගහරින මොවුන්ට මුළු සමාජයම එක්ව පහර දිය යුතුයි.
ඉහත කමෙන්ට් දැමු මෝඩ පිරිස වෙත අනුකම්පා කරමි. පොලිසියටවත් බස් සේවකයන්ටවත් කාටවත් පහරදීමේ අයිතියක් නැත. ලංකාව කවදා හැදේවිද?