ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 06 වැනිදා පාර්ලිමේන්තුවේදී මානවහිමිකම් කොමිෂන් සභාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල ප්‍රකාශ කරන බව මානවහිමිකම් කොමිෂන් සභාව ලිපියක් මගින් ජනාධිපතිවරයාට දන්වා තිබේ.
මානවහිමිකම් කොමිෂන් සභාවේ ප්‍රමාදය නිසා මාලි රාජ්‍යයේ ස්ථානගත කර සිටි භට පිරිස් නැවත ලංකාවට ගෙන ඒමට ප්‍රමාද වූයේ යැයි ජනාධිපතිවරයාගේ ප්‍රකාශය කිසිසේම නිවැරදි නොවන බවත් , එම ප්‍රකාශය දැඩි සේ ප්‍රතික්ෂේප කරන බවත් එහි දක්වා ඇත.
එමෙන්ම එම නිලධාරීන්ගේ ජීවිත අහිමිවීම පිළිබඳව මානවහිමිකම් කොමිෂන් සභාව වෙත පැවරීමෙන් ඔවුන් ඉමහත් කම්පනයට පත්ව ඇතැයිද එහි සඳහන්ය.
එවැනි සිදුවීම් රැසක් පිළිබඳව තොරතුරු ඇතුළත් කර ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් මානවහිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිවරයාට මෙම ලිපිය යොමු කර ඇත.
‘ඉදිරියේදී ලංකාවේ මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේදී අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් දඩුවම් පාලනය කිරීමට උත්සාහ නොකරන ලෙස ලංකාවේ මානවහිමිකම් වෙනුවෙන් පෙනී සිටින ආයතනවලින් කරුණාවෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එදින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අතර මාලි රාජ්‍යයේ සාම සාධක හමුදාවේ රාජකාරී නියැලෙමින් සිටි රණවිරුවන් මිය යාමේ සිද්ධි වුයේද ඔවුන් ගෙන්වා ගැනීමට මානවහිමිකම් කොමිෂන් සභාවේ නිසි අයුරින් ක්‍රියා නොකළ නිසා යැයිද ජනාධිපතිවරයා සඳහන් කර තිබිණි.‘
(36698)
මානව හිමිකම් කොමිෂන් සභාව කරුණු පැහැදිලිකරමින් ජනාධිපතිවරයාට යැවු සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඔච්චර ගනන් ගන්න එපා. තමන්ගේ නොහැකියාව කාගේ හරි පිට වරද පටවන කෙනෙක්...
ජනාධිපති දැන් බලන්නේ කොක්කෙන් හරි, කෙක්කෙන් හරි ඊළඟ පාර ගොඩයන්න විදිහක් තියනවද කියලා. විධායක රහ දැනුණාම පිස්සුවගේ තමයි...
අනිකුත් ආයතනවලටත් ආදර්ශයට ගත හැකි ඉතාමත් හොඳ පැහැදිලි කිරීමේ ලිපියක්...
පොහොට්ටුවත් දැන් වෙනම ඡන්දෙට යන නිසා ඊළඟ ඡන්දෙට ගොඩයන්න විදිහක් තියනවද කියලා අනාථවෙලා ඉන්නේ. බල තණ්හාව අාවම කියවන්නේ විකාර...
රටක මානව හිමිකම් ගැන සෙවීම හොඳ වැඩක්.... ඒත්, එම රටේ, පාතාලයන් කුඩ්ඩන් වැනි මහා මිනීමරුවන් රට වනසා බොහොම අමාරුවෙන් අත්අඩංගුවට ගත්තාට පසු ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම රටේ සිටින සාමකාමී ජනතාවට කරනා මහා අපරාධයක් නොවේද? එතකොට සාමකාමී බහුතර පිරිසගේ මානව හිමිකම් කැඩෙනවා නේද? පිටරටවල් නොදන්නා අපගේ දේ ගැන ක්‍රියා කිරීමට ඔවුන් උපදෙස් දීම දෝෂ සහිත නොවේද? මහා දාමරිකයන්, මිනීමරුවන් රට කළඹන පුවත් මවද්දී රහස් පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ බොහෝ වෙහෙස වී කොටුකර ගන්නා ජනතාවගේ මානව හිමිකම් වනසන මැරයන් හට ලැබෙන මානව හිමිකමෙන් රටේ සාමකාමී ජනතාවගේ මානව හිමිකම් අහිමි නොවේද? ආරක්ෂක අංශවල ධෛර්යය මෙහිදී හීන නොවන්නේද? ඔවුන් වෙනුවෙන් වැටුප් ගෙවන ජනතා මුදල් නාස්තියක් මේ නිසා වෙනවා නේද? ගමේ අසරණ පියදාසට නොමැති මානව හිමිකම් පාතාලයාට ලැබීම සාධාරණද? එවිට පාතාලයා වරදට බියවන්නේ නැහැනේද?
ආදරණිය ජනපතිතුමනි, ඔබතුමා මේ දාලා තියන සටහන් ගැන දුක්වෙන්න එපා. පිඟන් හොදනකොට පිඟන් බිඳෙනවා. ඔබතුමාට පහුගිය කාලයේ හුඟක් අසාධාරණ වුණා. දැන් ඒවා තේරුම් අරගන ඔයාට ඡන්දේ දීපු ජනතාව වෙනුවෙන් අතිශයින් දුෂ්කර ගමනක් යන්න හදනකොට ඔබතුමා රූකඩයක් කරන්න හදපු කට්ටියට හුඟක් රිදෙනවා. ආයේ ඔබතුමා ඡන්දෙට එනවද? නැද්ද? අපි දන්නේ නෑ. නමුත් ජනතාව ඔබට දීපු ජොබ් එක හරියට කරලා ටිකකලක් ගෙදර ගියත් අායෙත් ඔවුන්ට ඔබතුමා ඕනෑවෙනවා. එතකොට ඉබේම ඔයා ආයෙත් ජනපති... හොඳම උදාහරණය මහින්ද මහත්තය හා ගෝඨාභය මහත්තයා. ඔබතුමා හිටියා වගේම ඔවුන් සමග හොඳින් ඉන්න, ඒ අය ගුණ දන්නවා කියලා අපි හිතනවා. ඔබතුමාට ජය..!
මානව හිමිකම් කොමිෂමේ ස්වාධීනත්වය රැකගැනීමට දැරූ මෙම උත්සහය අනෙකුත් රාජ්‍ය ආයතනවලට මෙන්ම කොමිෂන් සභාවලටද ආදර්ශයක්... කොමිෂන් සභා හා රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය අඩපන නම් එයට විසඳුමක් විධායකට ලබාදිය නොහැකි නම් විධායකය කෙරෙහි ඇති ජනතා අපේක්ෂාවද පළුදු විය හැකිය.
මානව හිමිකම' කොමිසමේ' ප්‍රධානියා කුමන උත්තරයක් දුන්නත් සාමසාධක කටයුතුවලට යන අයගේ නිෂ්කාශනයන් මේ තරම් පමාද වීම හෝ ප්‍රමාද කිරීම පිළිගත නොහැකිය. මෙම කොමිසමේ සිටින දෙමළ ජාතික කාන්තාවක් බාධාකරන බව ප්‍රසිද්ධ රහසක්. ඒබැවින් පම්පෝරි නැතිව මෙම කටයුතු ඉටුකළානම් රටටත්, නිලධාරීන්ගේ අනාගතයටත් හැමෝටමත් අැඟට ගුනයි. නැත්නම්' මෙයට වගකිවයුතු අයට වැහි නැති හෙන ගහනවා.