(තිලකරත්න දිසානායක සහ ටෝනි කරුණානායක)
මිනුවන්ගොඩ, නිල්පනාගොඩ ප්රදේශයේදී යතුරු පැදි දෙකක් ගැටී අනතුරක් සිදුවූ අවස්ථාවේදී අනතුරට පත් අනෙක් පුද්ගලයාට පිස්තෝලයක් එල්ල කර පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බව පොලිසිය පැවසීය.
කටුනායක පොලිස් ස්ථානයට අනුබද්ධව සේවය කරනු ලබන ප්රියංකර බණ්ඩාර අතපත්තු නමැති කොස්තාපල්වරයා මෙලෙස වැඩ තහනමට ලක් කොට ඇත.
නිල්පනාගොඩ ප්රදේශයේ සිට කටුනායක බලා යතුරු පැදියෙන් යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති අතර මෙහිදී ඔහු සතුව තිබූ පිස්තෝලය එල්ල කරමින් අනතුරට පත් අනෙක් පුද්ගලයාට සහ තවත් කිහිපදෙනෙකුට පහර පහර දුන් බවට මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි ඉදිරිපත් කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු පොලිස් නිලධාරියෙක් වුනේ කෙසේද?
මේක තමා අද සමහරක් පොලිස් නිලධාරීන් එක්ක තියෙන ප්රශ්නේ. පොලිසිය තුළ කොතරම් විනය හදන්නට හැදුවත්, සමහර පොලිස් නිලධාරීන් තමන් ජන්මයෙන් ගෙනාපු දේ පෙන්නන්ට හදනවා.
කොස්තාපල් කෙනෙකුටත් රාජකාරි ගිනි අවියක් ලෙස පිස්තෝලයක් ලැබෙනවද? එහෙම නොවේ නම් ඔහු පිස්තෝලයක් රැගෙන ගියේ පාර්ට් ටයිම් ජොබ් එකකට වෙන්න ඇති.
අලුත් නායකත්වයේ අනුහසින් උදම් වෙලා උඩ පනිනවා
ලබන සතියේ නැවත සේවයේ පිහිටවනවනේ ?
අනතුරක් වෙන්න පුළුවන් ඕනෙම වෙලාවක. මේ නිලධාරිය කොහොමද පහර දෙන්නේ. මත්කුඩු ජාවාරමුන්ට, මිනීමරුවන්ට දෙකට නැමෙන මේ වගේ පොලිස් නිලදාරීන් අහිංසකයන්ට පාට දමනවා. මට නම මතක නැහැ , ඒ උනාට ඒ DIG මහත්තය එදා කිඋවේ " පොලිසිය බල්ලට ගිහිල්ල නැහැ බල්ලෝ පොලිසියට ඇවිල්ලා " කියලා. ඒකම තමා මෙතනත් වෙලා තියෙන්නේ.
කොස්තාපල් ගිය දුර සදාචාර පොලිසිය? මේකේ ඉන්න බොහොමයක් අය මේ වගේ අය.
එකම පොලිසියේ ඉන්න දක්ෂ නිලධාරියෙක් රටේ නමගිය අපරාධකරුවන් රොත්තක් එකට අල්ලද්දී එම ආයතනයේම ඉන්න මේ වගේ හාල් කෑලි නම කනවා .. මොවුන්ව සේවයෙන් පහකරන්න ඕන , වැඩක් නැහැ මේ වගේ අයකිසිම ආයතනයකට