වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයේ රේඛීය ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ.
නෙවිල් ප්‍රනාන්දු රෝහල ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල වැනි රජයේ රේඛීය ශික්ෂණ රෝහලක් ලෙස අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විතව පවත්වාගෙන යාමට නියමිතය.
ඒ අනුව කොළඹ නැඟෙනහිර මූලික රෝහලට (මුල්ලේරියාව රෝහලට) සමගාමීව කොළඹ නැඟෙනහිර ශික්ෂණ රෝහල ලෙස වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල පවත්වාගෙන යාමට අනුමැතිය ලැබී ඇත.
අධික ජන ඝනත්වයකින් යුත් නැඟෙනහිර කොළඹ, කඩුවෙල සහ මාලඹේ යන ජනාකීර්ණ ප්‍රදේශවල වෙසෙන ජනතාවට සෞඛ්‍ය සේවා සැපයීම අරමුණක් කරගනිමින් මෙම යෝජනාව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම කැබිනට් අනුමැතිය අනුමැතිය හිමිව ඇත.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතාම වටීනා තීරණයක් සහ අගය කළයුතු වැඩක්... මෙම තීරණය සමගම, කොළඹ ගිහින් වෙන රස්තියාදුව මග හරවා ගත හැකියි. සියලු අංග සම්පූර්ණ රෝහලක් මාලඹේ ප්‍රදේශයට අත්‍යාවශ්‍යයි.
GMOA එකෙන් අනුමැතිය ගත්තද? නැත්නම් ඕකටත් මොනවා කරාවිද දන්නේ දෙවියෝ තමයි.
මහජනතාවට සෙතක් වෙනවා නම් එච්චරයි!
කළ ගුණ සැලකීමක් හැටියට ඒ මනුස්සයගෙ නමවත් තියෙන්න අරින්න
ඔව් කරපු ප්‍රෝඩාවට, වංචාවට, අහිංසක ළමයින්ට නැති විශ්ව විද්‍යාලයක්, නැති උපාධියක් පෙන්නලා.., කරපු ප්‍රෝඩාවට නම විතරක් මදි...