(සුමතිපාල දීයගහගේ සහ ඩී ජී සුගතපාල)
ගාල්ල ප්‍රධාන බාලිකා විදුහලක පළමු වැනි ශ්‍රේණියට දරුවෙකු ඇතුලු කර ගැනිම සදහා රුපියල් ලක්ෂයක අල්ලසක් ගැනීම සම්බන්ධයෙන් එම
බාලිකා විදුහලේ විදුහල්පතිනිය අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමේ නිලධාරින් විසින් අද (13) අත්අඩංගුවට ගෙන ඇත.
පළමුවන ශ්‍රේණියට දරුවෙකු ඇතුලු කර ගැනිමට රුපියල් ලක්ෂයක මුදලක් විදුහල්පතිනියගේ කාමරයේදී මවකගෙන් ගන්නා විට විදුහල්පතිනිය
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර විදුහල්පතිනිය වැඩිදුර පරීක්ෂණ සදහා ගාල්ල පොලිසියට භාරදීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ කීප දෙනෙකුත් එල්ලුවා නම් මේවා නැතිවෙලා හරි අඩු වෙලා හරි යාවී.
වැදගත් ගුරු වෘතියට මුවාවී එය කෙළසූ මෙම " ගැනියගේ " නම සදහන් කරනමෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
ජනවාරි මුල ඉඳන්ම අනිත් දෙමවුපියන්ගෙනුත් සෑහෙන ගාණකට විදලා ඇති. දැන් ගුරු වෘත්තියටත් නින්දාවක්
සිංහල ජාතිය කොහොමද මේ තරම්ම හොර ජාතියක් වුනේ?
ගාල්ලේ පාසලක මේ විදුහල්පතිනිය "අල්ලස් විද්‍යාව" පිලිබඳ ප්‍රයෝගික පාඨමාලාව එම පාසලේ දැරියන්ට උගන්වා තිබෙන බව පැහැදිලිව පේනවා!
අල්ලස් දුෂණ හොරකම මැරකම ඉහවහා ගිය රටක පැවැත්ම සීමා සහිතයි.
අපරාදේ මේ වගේ අය එල්ලන්නේ .. අතටම අහුවුණු වෙලේ වෙඩි තියන්න ඕන.... ජාතියක් විනාශ කරන දුෂිතයෝ පාර්ලිමේන්තුවේ හිටියත් එකයි .. ඉස්කෝලේ හිටියත් එකයි...
සතුටු නොවන්න පාඨකයිනි. මේ දැලේ බොහෝ විශාල හිල් ඇත. මේ වනතුරු කිසිම අල්ලස් ගත් විදුහල්පති වරයෙක් මේ නඩුවකින් හිරේ ගොස් නැත.