නීති විරෝධීව අලි ඇතුන් 39ක් විකුණලා නීති විරෝධී ලෙස අලි ඇතුන් 39 දෙනෙක් ඉකුත් රජය සමයේ අලි රොෂාන් විසින් අල්ලා විකුණා ඇතැයි තිරසර සංවර්ධන වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය. 07 September 2018
කොමිසම සහ පොලිස්පති අතර ගැටලුව විසඳාගන්න දින 14ක් කල් දෙයි ජාතික පොලිස් කොමිෂන් සභාව හා පොලිස්පතිවරයා අතර මතුව ඇති ගැටළු දින 14ක් ඇතුළත නිරාකරණය කරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දැනුම්වත් කරන ලෙස අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පොලිස් කොමිසමටත් පොලිස්පතිවරයාටත් දැනුම් දුන්නේය. 07 September 2018
සයිටම් - මුල්ලේරියාව ඒකාබද්ධ රෝහලක් මාලඹේ සයිටම් රෝහල හා මුල්ලේරියාවේ රජයේ රෝහල ඒකාබද්ධ කර නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලක් ඇති කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය. 07 September 2018
සිංගප්පූරු ගිවිසුමට විරෝධය පා ජවිපෙ පත්‍රිකා බෙදයි ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර වෙළඳ ගිවිසුමට විරෝධය දක්වා ජනතා විමුක්ති පෙරමුණ විසින් ජනතාව දැනුවත් කිරිමට අත්පත්‍රිකා බෙදා දීමක් අද (7) පිටකොටුව බෝධිය අසල දී සිදුකෙරිණි . 07 September 2018
‘රටේ ආරක්ෂාව ගැන කිසි පැහැදීමක් නෑ’ රටේ ආරක්ෂක කටයුතු සිදුවන අන්දම පිළිබඳ තමන්ගේ කිසිම පැහැදීමක් නැතැයි තිරසර සංවර්ධන වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය. 07 September 2018
බොර දියේ මාළු බාති මේ දිනවල ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි පවතින අධික වියලි කාලගුණක තත්ත්වය ජනතාවට මෙන්ම ජීවීන්ටද දැඩිව දැනෙන්නට පටන් ගෙන තිබේ. 07 September 2018
බිලියන 200 ක් පාඩු ලැබූ ශ්‍රී ලන්කන් ගැන තීරණයක් නොගත්තොත් ආර්ථිකය කඩා වැටෙනවා ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2008 වසරේ සිට 2018 වසර දක්වා කාලයේදී රුපියල් බිලියන 200ක පාඩුවක් ලබා ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තීන්දුවක් නොගතහොත් ඉදිරියේදී ආර්ථිකය කඩාවැටීමට හේතු විය හැකි බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ලංකාදීපයට පැවසීය. 07 September 2018
ස්වාධීන වෛද්‍ය සභාවක් පිහිටුවන්න යයි ස්වාධීන වෛද්‍ය සභාවක් ඉදිරියේදී පිහිටුවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවැසීය. 07 September 2018
‘විශ්ව විද්‍යාල දරුවන්ගේ අනාගතය විනාශ කරන්න දෙන්න බෑ’ මේ රටේ අනාගතය බාර ගැනීමට සිටින විශ්ව විද්‍යාල වලට යන දරුවන්ගේ අනාගතය තවදුරටත් විනාශ කිරීමට ඉඩ දිය නොහැකි යැයි ද නවකවදය සම්බන්ධයෙන් දැඩි දඬුවම් දිය හැකි නීතිය තිබුණත් මෙතෙක් එය ක්‍රියාත්මක නොකළ නමුත් ඒ පනත යටතේ නඩු පවරන ලෙස උපදෙස් දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (7) පොලොන්නරුවේ හිඟුරක්ගොඩ දී ප්‍රකාශ කළේය. 07 September 2018
‘නව ව්‍යවස්ථාවෙන් බෞද්ධ ආගමට හිමි ස්ථානයේ වෙනසක් නෑ‘ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමි තැනෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය. 07 September 2018
උසස් පෙළ ඇගයීම් වෙනුවෙන් පාසල් 4 ක් වසයි අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවැනි අදියරේ ඇගයීම් කටයුතු සඳහා යොදාගන්නා පාසල් හතරක් මේ මස 11 වැනි දා සිට 24 වැනි දා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 07 September 2018
නව ව්‍යවස්ථාවේ දළ කෙටුම්පත ළගදීම පාර්ලිමේන්තුවට නව ආණ්ඩුකම ව්‍යවස්ථාවේ දළ කෙටුම්පත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානායක අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 September 2018
කිරි පැකට් ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි කිරි පැකට් පිළිබඳ ප්‍රශ්නයකට කොළඹ දිස්ත්‍රික් එජාප මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු අතර සිදු වු බහින් බස් වීමකින් අද (07) පස්වරුවේදී මැතිසබය උණුසුම් විය. 07 September 2018
වෛද්‍ය චන්න ජයසුමනගෙන් ඔක්ස්ෆර්ඩ් පාඨ ග්රන්ථයට පරිච්ඡේදයක් වෛද්‍ය විද්‍යාව පිළිබඳ ඔක්ස්ෆර්ඩ් පාඨ ග්‍රන්ථයකට පරිච්ජේදයක් සැපයීමට රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ භිෂග්වේදය පිළිබඳ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතාට අවස්ථාව ලැබී ඇත. 07 September 2018
පාක්වීදීයේ ගොඩනැගිල්ලක ගින්නක් කොළඹ පාක් වීදියේ ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක් අසළ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි. 07 September 2018
කූට ලේඛන සකස් කළැයි වනජීවී දෙපාර්තමේන්තුවේ දෙදෙනෙක් අත්අඩංගුවට කූඨ ලේඛන සකස් කර බලපත්‍ර රහිත අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළව වනජීවි දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ විෂය භාරව කටයුතු කළ ලිපිකාරිනියක වූ පි‍්‍රයංකා සංජීවනි සහ වනජීවි දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ (නීති) පැස්කුවන් ෆොන්සේකාලාගේ උපාලි පත්මසිරි යන දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. 07 September 2018
ගෝඨාභයගේ නඩුව විශේෂ මහාධිකරණයට තංගල්ල වීරකැටිය මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිත කළැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හත් දෙනෙකුට එරෙහි සිද්ධියේ මුල් නඩු වාර්තාව විශේෂ මහාධිකරණය වෙත යවා ඇති බැවින් මෙම අධිකරණයේ නඩු කටයුතු අවසන් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා දැනුම් දුන්නේය. 07 September 2018
විස්ස නීතියට පටහැනියැයි ගම්මන්පිලගෙන් පෙත්සමක් ජනතා විමුක්ති පෙරමුණේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසින් ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතීයට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (07) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය. 07 September 2018
හිරුණිකාගේ විදෙස් බලපත්‍රය නිදහස් කරයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය අද (7) කොළඹ මහාධිකරණය විසින් නිදහස් කරන ලදී. 07 September 2018
ඒකාබද්ධ යුද අභ්‍යාසයට ඉන්දීය නෞකා තුනක් ත්‍රි‘මලේ වරායට ශ්‍රී ලංකා නාවික හමුදාව හා ඉන්දීය නාවික හමුදාව අතර ආරම්භ වීමට නියමිත ඒකාබද්ධ යුද අභ්‍යාසය සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් යුද නෞකා තුනක් අද (7) ත්‍රිකුණාමල වරායට සේන්දු වුහ. 07 September 2018
සිව් හැවිරිදි දැරියකට අතවර කළ මුරකරුවෙක් වසර හතක් හිරේට පෙර පාසල නිමවී සිය මව පැමිණෙන තුරු බලා සිටි සිව් හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවකට වරදකරු වු දේවස්ථානයක මුරකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා වසර 07 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (07) නියම කළේය. 07 September 2018
විග්නේෂ්වරන් 18 දාත් අධිකරණයට කැඳවයි අභියාචනාධිකරණය තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා , එම පළාත් සභාවේ අමාත්‍යවරුන් වන ආනන්දි සසිදරන් සහ සි.සිවනේසන් යන අයට ලබන 18 වැනිදා නැවත අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා අද (07) නියෝග කළේය. 07 September 2018
ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් නව තානාපතිනියක් ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ නව ඇමෙරිකා තානාපතිනිය වශයෙන් ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පත් කර ඇතැයි කොළඹ ඇමෙරිකා තානාපති කාර්යාලය සදහන් කරයි. 07 September 2018
සේරුනුවර තිට්ටන් තෙට්ටි වැලි මංකඩේ බෝට්ටු 35 කට ගිනි තියයි සේරුනුවර පොලිස් වසමට අයත් නීලපොල පිහිටි තිට්ටන් තෙට්ටි වැලි මංකඩේ වැලි ගොඩ දැමීම සඳහා භාවිතා කළ බෝට්ටු 35කට අද (7) අලුයම කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර ඇතැයි පොලිසිය කියයි. 07 September 2018
විග්නේෂ්වරන් අභියාචනාධිකරණය හමුවට අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා උතුරු පළාත් මහ ඇමැති සී වී. විග්නේෂ්වරන් මහතා අද (07) අභියාචනාධිකරණයට පැමිණ තිබේ. 07 September 2018
ආණමඩුව අනතුරකින් පාපැදිකරුවෙක් මරුට පුත්තලම - ආණමඩුව මාර්ගයේ කොට්ටුකච්චිය - විහාරගම ප්‍රදේශයේ දී සිදුවී ඇති අනතුරකින් පා පැදිකරුවෙකු මිය ගොස් ඇති බව පුත්තලම පොලීසිය කියයි. 07 September 2018
ඇරැව්වලදී පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කරලා මහරගම ඇරැව්වල විහාරස්ථානයක් ඉදිරිපිට අද (07) අලුයම නාඳුනන පුද්ගලයෙකු තියුණු ආයුධවලින් කපා ඝාතනය කර ඇතැයි මහරගම පොලිසිය කියයි. අත් දෙක මැණික් කටුවෙන් වෙන්වන සේ කපා ඇතැයි පොලීසිය සඳහන් කරයි. 07 September 2018
‘අලි රොෂාන්’ අත්අඩංගුවට ව්‍යාජ බලපත්‍රයක් මගින් අලියකු ළඟතබා ගත් බව කියන අලි රොෂාන් නැමැත්තා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 07 September 2018
වියළි කාලගුණය නිසා විල්පත්තුවේ විල්ලු රැසක් සිඳී යයි පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ විල්ලු විශාල ප්‍රමාණයක ජලය සිඳී යාමත් සමඟ මේ වන විට ඉදිකර ඇති කෘත්‍රිම පොකුණු සඳහා බවුසර් යොදා ගනිමින් ජලය දැමීමට කටයුතු කර ඇති බව උද්‍යාන පාලක චමත් ලක්ෂමන් පෙරේරා මහතා පවසයි. 06 September 2018
එජාපයේ ඊළඟ පරපුර ගොඩනගමින් සිටින බව අගමැති කියයි එක්සත් ජාතික පක්ෂයේ ඊළඟ නායක පරපුර මේ වන විට ගොඩනගමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (6) පැවැසීය. 06 September 2018
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026