(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මූලික කරගනිමින් පිහිටුවීමට යෝජිත පුළුල් දේශපාලන සන්ධානයේ කටයුතු කඩිනම් කිරීමට එම පක්ෂ දෙක හා ඊට සම්බන්ධ සෙසු පක්ෂ තීරණය කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුගේ ප්‍රධානත්වයෙන් සහ දේශපාලන පක්ෂ කිහිපයක නායකයින්ගේ සහභාගිත්වයෙන් ජනාධිපති නිල නිවසේදී ඉකුත් සිකුරාදා (22) රාත්‍රීයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.
දිනේෂ් ගුණවර්ධන ,වාසුදේව නානායක්කාර, එස්.බී.දිසානායක , ඩලස් අලහප්පෙරුම ,ඩග්ලස් දේවානන්ද , විමල් වීරවංශ , මහින්ද අමරවීර, උදය ගම්මන්පිල, තිලංග සුමතිපාල,මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස,ටිරාන් අලස්,ලක්ෂ්මන් වසන්ත පෙරේරා,මුර්තු සිවලිංගම් සහ රාජා කොල්ලුරේ යන මහත්වරුන් ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයන් පිරිසක් එම සාකච්ඡාවට සහභාගි වූහ.
පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ආණ්ඩුවට බලකරමින් ශ්‍රී ලනිපය , පොදුජන පෙරමුණ හා ඊට සම්බන්ධ පක්ෂ එක්ව රටපුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමටත් නව දේශපාලන හා සන්ධානයක අව්‍යශතාව පිළිබඳව ජනාතාව දැනුවත් කිරීමටත් එම සාකච්ඡාවේදී තීරණය වූ ඊට සම්බන්ධ වූ නියෝජිතයන් සඳහන් කළේය.
සන්ධානය පිහිටුවීමට නියෝජිත ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර එකඟතා ඇති කර ගැනීම කඩිනම් කිරීමටත් , පුළුල් දේශපාලන සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමටත් එහිදී කමිටු කිහිපයක්ද පත් කර ගැනුන බව සඳහන් කළේය.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාත් ළඟදී හමුවී මේ පිළිබඳව වැඩිදුර සාකච්ඡා කරනු ඇතැයි ද හෙතෙම කීවේය.
ඉකුත් සිකුරාදා රාත්‍රී 7.15ට පමණ ආරම්භ වු එම සාකච්ඡාව රාත්‍රී 10.00 පමණ වන තෙක් පැවැති බවද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලැයිස්තුවේ තියෙන නම් වලින් කීදෙනෙක් ගැනද "අවංක" කියන වචනය යොදාගෙන කතා කරන්නට පුළුවන්? පොදු ජන පෙරමුණේ නිර්මාතෘ සහ ඔතන නම තියෙන කෙනෙක් අතරේ පහුගියදා බරපතල වාග් සංග්‍රාමයක් සිදුවුණු බවත් ඒ වෙලාවේ ඔය කියන "නිර්මාතෘ" කිසි කලෙකත් ජනාධිපතිවරණයකට නම් ඉදිරිපත් වෙන්නේ නැති බව පැවසු බවත් පත්තරේ තියෙනවා දැක්කා. පොල්ලෙල්ලක් හරි දමල දිනුවාට පස්සේ අවශ්‍ය දේ කරගන්න හැටි අපි දන්නවා කියලලු එතෙන්දි ප්‍රකාශ කලේ...
මෙවුන් එක්වීමෙන් රටේ දැවෙන ප්‍රශ්න වලට ඔවුන් ගෙනෙන් විසදුම් මොනවාද
සංධානය පිහිටුවීම කඩනම්... හැබැයි අපේක්ෂක තෝරනකොට තමයි මන්ඩලේ කචල්...
එතකොට දෙසැම්බර් 9 වැනිදාට පොහොට්ටුවේ ජනාධිපතිතුමා වැඩ පටන් ගනියි නේද?
ජනාධිපති අපේක්ෂකයා වශයෙන් මහින්ද මහත්මයාට ව්‍යවස්ථාව අනුකූලව ඉදිරිපත් වෙන්න බැරි නිසා ජනාධිපති තුමා දමන්න.. එතුමා පසුගිය ජනාධිපතිවරණයට කලින් දීපු මැතිවරණ පොරොන්දු සියල්ල ඉටු කළ නිසාත්, එතුමා කියපුදේ කළ නිසාත්, කලදේ කියු නිසාත් කට මැත දොඩවන්නේ නැති නිසාත්, බොරු කියන්නේ නැති නිසාත් රටේ ජනතාව එතුමාට ඡන්දය දේවි..
මේ දුෂිත පෙරමුණු වල තොරතුරු ගෙනෙන ඔබලාට පෙබරවාරි 19 ද පැවැත්වුණු ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුවේ තොරතුරු නොගැනීම පුදුමයක්.
ඔය ..මොන සන්ධාන පිහිටුවාගෙන ආවත්... රාජපක්ෂලා ඉන්න පක්ෂයකට අපි ඡන්දය දෙන්නේ නැහැ .. 2015 වේදී , අපි මෙයාලව ගෙදර ඇරියේ කුඩු , එතනෝල් , කැසිනෝ , සුදුවෑන් , රතුපස් ..නිසා නේද? මේවා අපිට තාම අමතක වෙලා නැහැ .. ! එහෙම වුනොත් මේ සැරේ " ජනතා විමුක්ති පෙරමුණට " තමයි අපේ ඡන්දය දෙන්න සිද්ද වෙන්නේ...?
මෙතන ඉන්න ඇතැම් අය ඡන්දේ දිනන්න කලින් නම් හොදයි දිනුවට පස්සෙනම් වද්ද ගන්න එපා ඔබතුමා අමාරුවේ