(ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න)
ජනප්රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතාට පහරදී මෝටර් රථයට හානි කළ බවට සැකකරන පුද්ගලයකු අද(25) අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවුලපිටිය විල්වාසලවත්ත දෙවැනි පටුමග පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙකි.
දිවුලපිටිය පොලිස් වසමේ කළ විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් විසින් සංවිධානය කළ වැඩසටහනක විනිශ්චය මණ්ඩලයට සහභාගී වූ රූකාන්ත ගුණතිලක මහතාට පෙරේදා (23) රාත්රියේ පැවති තරගයෙන් ඉවත් වූ තරගකරුවකුගේ ආධාරකරුවන් පිරිසක් පහර දී, ඔහුගේ මෝටර් රථයටද හානි කර තිබිණි.
සැකකරු ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම වෙන්න ඕන. මොකද තමන්ගේ දක්ෂතාවය තියාගෙන, "සල්ලි වලට" අනුන්ගේ කැමැත්තට ගායකයෝ තෝරන්න. රූකඩ වෙන්න ගියාම ඔහොම වෙලා මදි... අනික පේනවනේ මේ රටේ කලාව, ගායකයෝ? යන්නේ කොහාටද කියලා සමහරු කොකේන් පාටිවල, තව තමන් ගායකයෙක්ය කියලා හිතාගෙන ඉන්න "රියලිටි පපඩම් නොහොත් පැපොල් ගස් (අරටු නැති) විනිශ්චය මණ්ඩල සාමාජිකයන්ට තඩිබානවා...!
මෙදා පොටේ කොන්ඩේ බූ ගෑවේ නැද්ද? "රියලිටි" කැඳහැලියේ රස ගුණ මේවායින් හොඳහැටි පෙන්නුම් කරනවා කියලයි කියන්න ඇත්තේ...
නාලිකාවල මේ වගේ වැඩ සටහන් වලදී පරාජයට පත්වූ කෙනාට නිවේදකයා දෙන මානසික ආතතිය ඉතාම පහත්. හෙට අනිද්දා තියෙන අවසන් තරගයෙන් පස්සේ තව මොනවා වෙයිද දන්නේ නැහැ
ඉස්සර හිටිය රූකාන්ත ගුණතිලක නෙමෙයි... දැන් ඉන්න රූකාන්ත ගොඩාක් වෙනස්වෙලා. ඉස්සර රූකාන්ත ගාව තිබ්බ, ආදරය, කරුණාව, දයාව, නිහතමානිකම, මුදලට වඩා මිනිස්කම අගයපු රූකාන්ත කෝ? අපි කැමති දැනට අවුරුදු 30 කට ඉස්සර හිටපු රූකාන්තට? මෙය කියවන්න හිතන්න... දේශපාලනේදී මෙය ඉතා වැදගත් වේවි...
සමහර රියලිටි වැඩසටහන්වල විනිසුරුවන් කොහෙන් සොයාගත්තාද හිතෙනවා. කිසිම චාරයක් නැති කතා කියමින් එතන ජෝකර්ලා වෙන්න හදනවා. මොන පළපුරුද්ද තිබ්බත් වැඩක් නැහැ ප්රසිද්ධ සභාවක ප්රකාශ කළයුතු දේවල් සහ කතා නොකළ යුතු දේවල් නොදන්නා උදවිය ඉන්නවා. එ්ක ළමා වැඩසටහනක විනිසුරු මඩුල්ලේ සිටියා. බාල් නැටුම්වලට ගැලපෙන ඇඳුම් ඇඳන්, නිතරම අතින් කොණ්ඩේ අතගාන තරුණ ගායිකාවක්... තව විනිසුරුවෙක් ඉන්නවා කට වාචාලකම ඉහ වහා ගිය... මට පුදුම ඒ කෙනා, කාන්තා කුඩ පාරක්වත් නොකාපු එක...
ඔය කියන චැනල් එකේ වැඩ නම් අන්තිම බාල වැඩ. හවසට පොඩි අයගේ කාටූන් දැක්කම මේවා ගැන හොයන්නේ නැද්ද කියලා හිතෙනවා.
වැරදි වැඩේට වැරදියි කියලා කියන්න තරම් හැකියාවක් ඇති මිනිසුන් අද ලංකාවේ ඉතාම දුර්ලභයි.
මන්ත්රීලාට නම් ගහන්නම ඕනේ.. හැබැයි මන්ත්රීලා ගුටිකන්නත් පුරුදු වෙන්න ඕනේ...
ඕකට හොඳම විසඳුම රූපවාහිනිය නිවසින් ඈත් කරන්න. අපේ ගෙදර පැත්ත පළාතේ රුපවාහිනියක් නෑ.. ඒ නිසා සාපේක්ෂව ප්රශ්න අඩුයි.
මේ මනුස්සයා අහිංසක කලාකරුවෙක්
ඉස්සර රූකාන්ත ගුණතිලකගේ සින්දු අහලා නටපු අය, දැන් එකපාරටම ඔහුව නින්දිත ලෙස විවේචනය කරනවා. මෙන්න මෙවැනි අයට තමයි දේශපාලන වහල්ලු කියලා අපි කියන්නේ.
කෝමේ රූකාන්ත වෙනුවෙන් ජීවිත පූජා කරන සයිස් එකෙන් කතා කරන මිනිස්සු...
පව්... අනේ අහිංසකයා..!!!
බමුණට නම් තියෙන්නේ අපේ රූකාන්ත සර් එක්ක පුද්ගකික තරහක්, නැත්නම් බැමිණි එක්ක ප්රශ්නයක්ද?
ඉස්සර අපි ගායකයන්ට සැලකුවේ දෙවිවරුන්ට වගේ... ජාතික වස්තු වගේ... දැන් ගොඩක් ගායකයන් කුඩු කාරයන් ගානට වැටිලා. තමුන්ගේ සින්දුවක් කියාගෙන ලියාගෙන පැත්තකට වෙලා ඉන්නේ නැතුව කබල් නාලිකාවල පොරවල් වෙන්න ගියාම ඔහොම වෙනවා.
කොහොමත් ටිකක් පණ්ඩිතයා... මෙය විශාරදයෙක් නෙමෙයි.
රසිකයන්ට ජීවයක් දෙන කලාකරුවෙකුට පහරදීම තරයේ හෙළාදකිනවා...
අපේකම කොහෙද? මට ඇති ප්රශ්නය එයයි. මොහුගේ දේශපාලන චාරිකාව එකක්. අනිත් කාරණා තවත් එකක්. මෙතන නිව්ස් එකේ හැටියට වෙලා තියෙන්නේ පැරදුනු හෝ ඉවත්වුණු පුද්ගලයාගේ සහසිකමක්. සමාවෙන්න මම ගායන තරු තරග බලන්නේ නැහැ. බැලුවේ ලංකාවේ තිබුන මුල්ම එක විතරමයි. එය ලංකාවට අලුත් අත්දැකීමක් නිසාවෙන්. මෙය කෙසේවත් අනුමත කරන්න බැහැ. වැරදි ඇති. නමුත් එය විවේචනය කරන්න කොතෙකුත් ඉතා හොද ක්රම ඇති වග මොවුන් නොදන්නවා විය නොහැකියි. නමුත් මෙතන සමහර අය අදහස් දමන්නේ දේශපාලනය මුල් කරගෙන. බලු වලිගෙ ඇද අරින්න බැහැ වගේ මොවුන්ගේ අදහස් වෙනස් කරන්න සක්කරයාටවත් බැරි වග මම අදිටන් කර ගෙන සිටින වගත් පැහැදිලිවම ප්රකාශ කරමි. ඔහු කලාව නව මාවතකට යොමු කල පුද්ගලයෙක් වගද අපට අමතක කල නොහැක. දේශපාලනයට නුසුදුසු පුද්ගලයන් මන්ත්රී/ඇමති වෙන රටේ, සංස්ථා වල සභාපතිකම් වලට නුසුදුසු පුද්ගලයන් සභාපතිකම් දරන රටේ ගායකයෙක් ගී තරු විනිශ්චය කරන එක විය නොහැකිද?