(නිමන්ති රණසිංහ)
බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා හප්පා පලායාම සම්බන්ධ පැමිණිල්ල විවෘත අධිකරණයේ දී කැඳවූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නඩුවේ පාර්ශ්වකරුවන් හැර මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනා අධිකරණයෙන් පිටතට යවන ලෙස නියෝග කළේය.
පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ සැකකරුවන්ගේ නම් කියැවීමෙන් පසු සැකකරුවෝ විත්ති කූඩුවේ පෝලිම් කරනු ලැබූහ.
පැමිණිල්ල වෙනුවෙන් රථවාහන අංශ භාර නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ, පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ සහ පොලිස් අධිකාරී කේ ඒ ජේ කොඩිතුවක්කු යන මහත්වරු ඇතුළු පිරිසක් පෙනී සිටියහ. සැකකරුවන් වෙනුවෙන් නීතීඥවරු රැසක් පෙනී සිටියහ.
නඩුව කැඳවීමන් පසු නඩුවේ පාර්ශ්වකරුවන් හැර සෙසු සියලුම දෙනා අධිකරණයෙන් ඉවත් කරන ලෙස විනිසුරුවරයා නියෝග කළේය. ඉන් පසු මාධ්‍යවේදීන් ඇතුළු පිරිස ඉවත් කළ අතර අධිකරණ ශාලාවේ දොරවල් වසා පැමිණිලි විභාගය සිදු කෙරණි.


(ඡායාරූප - ලහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මොකද ඒ යටි කූට්ටු වැඩක්වත් සිද්ද වෙන්නද?
මීට පස්සේ ඔක්කොම නඩුවලදි කට්ටිය ඉවත් කරලා දාවි. මගේත් නඩුවක් තියෙනවා, කියලා බලන්න ඕනෑ. එ්ක නීතියක් නැති එකේ රඟ තමයි...
ගමේ කියමනක් තියනවනේ, නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ කියලා..
අධිකරණයේ විනිවිද භාවය පිළිබඳව ගැටළුවක් එනවා නේද?
හූ හූ..නීතීය රකිනවා තමයි...
රන්ජනුත් කියන්නේ මේ වගේ විනිසුරුවන් ගැන තමයි.
රන්ජන් කිවූ දෙයට ප්‍රබල සාක්කියක් මෙයින් සැපයේ අපහාස නොකලබව පැහැදිලිවේ
එකී විනිසුරුවරයා ට මාර්තු 1 සිට මාතරට ස්ථාන මාරුලු