තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
කෝට්ටේ පදිංචි අද්මිරාල් වසන්ත කරන්නා ගොඩ මහතා විසින් ගොනු කරනු ලැබ ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපකි නිශාන්ත සිල්වා , එහි අධ්යක්ෂ ශානි අබේසේකර , පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු පස් දෙනෙකු නම් කර ඇත.
නීතීඥ සනත් විජේවර්ධන මහතා ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.
‘‘පෙත්සම්කරු ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු හමුදාපතිවරයෙකු වේ. නාවික හමුදාවේ ලූතිනන් කමාන්ඩර්වරයකු ඇතුළු පිරිසක් විසින් තරුණයින් පිරිසක් පැහැර ගත් බව 2009 මැයි 10 වන දින පෙත්සම්කරුට දැනගන්නට ලැබූ අතර ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙස නාවික හමුදා පොලිස් ප්‍රධානියාට උපදෙස් ලබා දුන්නේය. තත්ත්වය මෙසේ තිබියදී. 2010 සැප්තැම්බර් 13 වන දින ලූතිනන් කොමාන්ඩර් වෙළගෙදර නැමැති නිලධාරියා විසින් පෙත්සම්කරු ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව සාවද්‍ය තොරතුරු සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලදී.
මෙම ප්‍රකාශය අනුව පෙත්සම්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබා දුන්නේය. මේ අතර හිටපු රියර් අද්මිරාල්වරයෙකු වන ට්‍රැවිස් සින්නයියා මහතා විසින්ද පෙත්සම්කරුට එරෙහිව ව්‍යාජ තොරතුරු අඩංගු ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලදී. මෙම ප්‍රකාශ සාවද්‍ය බවට පෙත්සම්කරු විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් මඟින් දැනුම් දෙන ලදී.
පෙත්සම්කරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීපතමයෙකු බැවින් රහස් පොලීසිය මේ පිළිබඳ දැඩි උනන්දුවක් දක්වයි. මෙම තත්ත්වය තුළ පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බව පෙත්සම්කරු කියා සිටී.
එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද ,තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප්‍රකාශ කරන ලෙසද , වගඋත්තරකරුවන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන ලෙසද , මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"හොරාට කලින් කෙසෙල් කැන පැනලා" කියලා කවුදෝ කියනවා ඇහුණා. ජිනීවා මල බෙරේ ගහන්න දැන් හොඳ වෙලාව...
කෙතරම් රණවිරුවෙක් වුවත් නීතිය හැමටම වඩා ඉහළයි. බලය සහ කීර්තිය යන වරප්‍රසාද ලත් අයම තමයි මේ රටේ බරපතලම අපරාධ කරන්නේ. නියම රණවිරුවෙක් නම් සහ මේ චෝදනා තමාට අදාළ නැත්නම් ගරු අධිකරණයේදී ඒ බව පෙන්වන්න. වරදක් කළ බව පෙනෙන්නට වත් නැති කෙනෙක්ව කිසිම විනිසුරු කෙනෙක් අපරාධකරුවෙක් කරන්නේ නැහැ. නමුත් වැරදි කර ඇත්නම් තමයි බයවෙන්න ඕනේ...
අද ලංකාවේ වැරදිකරුවන් නිදහස් කරලා වැරදීමකින් කියලා නැවත වැරදිකරු කරන නඩුකාරයෝ ඉන්න රටක් ශ්‍රී ලංකාව, (රේගුවේ බීඩි කොළ කන්ටේනර්) ඔබලාට ඒවා පේන්නැද්ද? රට වෙනුවෙන් සටන්කළ රණවිරුවන්ට නින්දා කරන්න එපා පාහරයනි....
අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා මේ විදිහට අසිංසක මසුස්සයන්ටත් ඉල්ලන්න දෙන්න ඕනි.මේ ගොල්ලෝ දේශපාලකයෝ වගේ
ඇතැම් විට ආරක්ෂක අංශ වල සාමාජිකයින් නීති විරෝධී වැඩ වලට සම්බන්ධ වී ඇති අවස්ථා දැකගත හැක.
දැන් කොටින්ගේ බෝම්බ කොළඹ පිපිරෙන කොට හරි වැරදි නීති එදා බැලුවේ නැත්තේ ඇයි. රටේ සාමකාමී වාතාවරණය හේතු කරගෙන මෙසේ කිරීම වැරදී. උතුරේ කල්ලියක් මිනිස්සු කපා කොටා දැමීම ගෙවල් වාහන ගිනිතැබීම නැවැත්වීම තවම කරගන්න බැරි වෙලා තියෙනවා.