නිමන්ති රණසිංහ
බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති හප්පා පලා යෑම ගැන තොරතුරු පොලිසියට වාර්තා නොකළැයි අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇප නියම වූ හත් දෙනාගෙන් පස් දෙනකු හෙට තෙක් යළි රිමාන්ඩ් කර තිබේ.
අධිකරණයෙන් නියම කළ ඇප කොන්දේසි සපුරාලිය නොහැකි වීම නිසා එලෙස රිමාන්ඩ් කෙරුණු පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුතාද සිටී.
ඇප කොන්දේසි සැපිරී දෙදෙනකු මුදා හැර ඇතැයි පොලිසිය කියයි.
ඡායාරූප - ළහිරු හර්ෂණ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හප්පලා යන විදිය මොන තරම් කැතද
ස්ථානධිපති හැප්පු නිසා මේ විදියට 5දෙනෙක් රිමාන්ඩ් කෙරුවේ. අපිට වගේ වුණානම් අපේ දේවල් තමයි පිළිගන්න බැරි මේ සේරටම ඇප..
යකෝ මේ කාලකන්නින්ට වැරදි කරන්න පුළුවන් ප්‍රසිද්ධියේ.. නමුත් කල්දේරම් බත් කන්න යනකොට" සුන්දර මූසල මුහුණු " අමුඩ ලේන්සුවෙන් වහගෙන යනවා. කොන්ද පන නැහැ. අපට මොනරාව මතකයට නැගෙනවා. ඒ සතා හරිම සුන්දරව පිල් විදහා නටනවා. නමුත් ඒ සතාගේ වසුරු පැත්ත එළියේ..
ඔය ගොල්ලොත් එක්ක පාන්දර ජාමේ රෝන්දේ ගියා කියන අර ගැහැණු ළමයාගේ පොටෝ එකක්වත් දාන්නකෝ!
අර පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු සිද්ධියට සම්බන්ධ රජයේ දේපල විනාශ කරපු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුතාද?
මෙවැනි දේවල් මේ ජරා දේශපාලකයන්ගේ ගොබ්බ පුත්තු ඒ කාලෙත් කළා. අදත් කරනවා. හොරකම් කරපු සල්ලිවලින් යකා නටනවා මදිවට, නීතිගරුක මිනිස්සුත්, නිලධාරීන්ටද හානි කරනවා. වෙනත් රටක් නම් "හිට් ඇන් රන්" වරදකට රියදුරු බලපත්‍ර තහනම් කරලා , සමහර විට ජීවිතාන්තය දක්වා හිරේ යවනවා. එ්ත් අපේ රටේ ජරා දේශපාලකයෝ නීතිය උන්ට නමනවා. එල්ලන්න ඕනේ මුන්වයි ඇත්තටම.
මේ ගොල්ලන්ට සුදු සරම්, සුදු කමිස අන්දවන්න, ටක් ගාලා ඇප ලැබේවි...!!!
දෙන්නයි තියෙන්නේ කැරකිලා හිටින්න. අපි බලාගෙනයි ඉන්නේ. ඡන්දෙත් ළඟයිනේ..
කෝ බමුනා..
අපේ උසාවිය එක එක්කෙනාට එක එක විදිහට නඩු අහන එක නවත්තන්නේ කවදද
මොන උසාවිද. මේවගේ අය අපේ සමාජයට එපා එපා එපා..
ආතුරයන් පිරිසක් තොයිලයකට රැගෙන යනවා වගේ.
ඔය ඔක්කොම පොලිස්කාරයෙක් වාහනේට අහුවුණු නිසා. සාමාන්‍ය කෙනෙක් ඔය වෙලාවේ පාර හරහා යනකොට වාහනේට යට වුනානම් පොලිසිය තාම වාහනේ හොයනවා.
නොදරුවන් කල වරදට සමාව දෙන්න !
වහනය හංගපු තැන පෙන්වන්න කියල ගෙනිච්ච නම් වැඩේ හරි නඩුත් නැහැ නඩුව ඉවර වනවා
දැන් බලමු ස්වාධින පොලිස්සියෙන් හැප්පු කෙනාගේ බලපත්‍රය අවලංගු කරනවද කියලා අඩුම තරමේ මාස 6 කට .
උසාවියෙන් නේද අවලංගු කරන්න ඕනි ?
මොන විකාරද ? තව ටික දොහකින් ඇප අරගෙන ඇවිත් පරණ සෙල්ලමම පටන් ගනීවි