සංඛ්‍යාලේඛන ඕඅයිසීගේ වැඩ තහනම්
නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ, පොලිස් දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරිවරයාගේ අත්සන් සහ නිළ මුද්‍රා ව්‍යාජ ලෙස යොදාගෙන මුල්‍ය ආයතන වලට ව්‍යාජ වාර්තා ඉදිරිපත් කර රුපියල් ලක්ෂ ගණනින් මුදල් චංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මුලස්ථාන සංඛ්‍යාලේඛන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන් ඩී බී අත්තනායක ගේ වැඩතහනම් කර ඇති බව ජාතික පොලිස් කොමිෂන් සභාව කියයි.