(නිමල කොඩිතුවක්කු)
රටේ ජනමාධ්‍ය නගා සිටුවීමටත් 2015 සිට දිනාගත්ත මාධ්‍ය නිදහස තවදුරටත් ආරක්ෂා කිරීමටත් කැපවෙන බව කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කොළඹදී පැවැසීය.
පරපුරෙන් ලද මාධ්‍ය සහ දේශපාලන උරුමය රැකුලක් කරගනිමින් මාධ්‍ය වේදීන්ගේ ගැටළු නිරාකරණය කරමින් මාධ්‍ය වෘත්තිය නගා සිටුවීමට තමන් උපරිමයෙන්ම කැපවෙන බවත් අමාත්‍යවරයා එහිදී පැවැසීය.
කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවස ඉදිරිපිටදී මාධ්‍ය හමුවේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මෙසේද කීය.
‘‘ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ කරගෙන යන ගමන් මා ගැන විශ්වාසය පළ කරමින් ජනමාධ්‍ය අමාත්‍යාංශය මට භාරදීම ගැන මම ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් මගේ ස්තූතිය පුද කරනවා.
ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්න මට මේ ලැබුණු අවස්ථාව භාග්‍යයක් ලෙස මම සලකනවා. කවුරුත් දන්නවා මාධ්‍යය අපේ ඇගේ තියෙනවා. මගේ සියා ඞී.ආර්.විජයවර්ධන මේ රටේ මාධ්‍යයටත් රටේ නිදහසටත් විශාල සේවයක් සහ කැපකිරීමක් කළා.
එක පැත්තකින් මාධ්‍ය තියෙනවා. අනික් පැත්තෙන් මවගේ පාර්ශ්වයෙන් දේශපාලනය තියෙනවා. ඒ නිසා මාධ්‍ය ඇමතිවරයා ලෙස පත්වීම සුදුසු ලකුණක් ලෙසයි මම දකින්නේ.
මේක පුංචි කාර්ය භාරයක් නෙමෙයි. රටේ ජනමාධ්‍ය නගා සිටුවීමටත් 2015 සිට අපි දිනාගත්ත මාධ්‍ය නිදහස තවදුරටත් ආරක්ෂා කරගෙන ඉදිරියට යන්නයි මගේ බලාපොරොත්තුව.
ඒ වගේම මාධ්‍යවේදීනුත් ආර්ථික ගැටළු ඇතුළු විවිධ ගැටළු වලට මුහුණ දෙනවා. එවැනි ගැටළු පිලිබඳ සාකච්චා කරලා මාධ්‍යවේදීන්ටත් වෘත්තියක් ලෙස ඉහළට යාමට අවශ්‍ය සහන ලබා දෙන්නත් මගේ බලාපොරොත්තුවක් තියෙනවා. රාජ්‍ය මාධ්‍ය ආයතන වල මතුව ඇති ගැටළුත් එම වෘත්තිය සමිති සමඟ සාකච්ඡා කරලා එම නිරාකරනය කරන්නත් මම බලාපොරොත්තු වෙනවා.
ඉදිරියේදී කරන්න විශාල වැඩකොටසක් තියෙනවා. මේ දවස්වල කටකතාවක් යනවා ඉදිරි අයවැයෙන් මාධ්‍යයට විශේෂ බද්ධක් පනවනවා කියලා. එහෙම කිසිම දෙයක් අපේ රජයෙන් පනවන්නේ නැහැ. ඒක කටකතාවක් විතරයි.
මේ ලැබුණු අභියෝගයට මුහුණ දීලා උපරිම සේවයක් කිරීම මගේ බලාපොරොත්තුවයි. ඒ වගේම හිටපු ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාටත් එතුමා කළ කැප කිරීම වෙනුවෙන් මගේ ස්තූතිය පුද කර සිටිනවා.
ඡායාරූප : රොමේෂ් ධනුෂ්ක සිල්වා





ඡායාරූප - ඩික්සන් වසන්ත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලේක්හවුස් ආයතනය රජයේ ආයතනයක්. එය 1970 වසර දක්වා ඔබලාගේ පාලනය යටතෙයි තිබුනේ. රජයට පවරා ගත්පසු ලේක්හවුස් ආයතනය එදා සිට අද දක්වා පවතින රජයේ හොර නැවක් වුවා පමණි. සත්‍ය එයයි. එම ආයතනය ණය බරින් නිදහස් කර අපක්ෂපාතී පුවත්පත් ආයතනයක් කරන ලෙසයි අපේ ඉල්ලීම ඔබතුමාට සුබ පැතුම්
සුබපැතුම් ඔබට!!! නිදහස් මාධ්‍යයක් ඇත්නම් හොඳයි. එක් එක් ආයතන තමන් කැමැති පක්ෂවලට බරයි. නිව්ස් අහන්නත් බැහැ. හේතුව දේශපාලනය ...
හොඳ තීරණයක්. ඔබට උණුසුම් සුබ පැතුම්!
මාධ්‍ය නිදහස කියන්නේ රටේ එක දේශපාලන පක්ෂයකට කඩේ යන එක නොවෙයි කියන එක සෑම මාධ්‍යයටම පැහැදිලි කරලා ස්වාධීනව වැඩ කරන්න කියන්න. රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ දෙතුන් පැත්තේම සත්‍යය දැන ගන්නටයි.
රටේ සියලුම පුවත් ආයතන සත්‍යයම ජනතාවට දිය යුතුයි. එක එකා, එක එක දේශපාලන මිනිස්සුන්ගේ කුණු හෝදන්න යන්න දෙන්න එපා. ඒවා පුද්ගලිකව කරගත්තට අපිට කමක් නෑ...