දකුණු අප්‍රිකාවට එරෙහිව එරටේදී ම තරග 2 - 0 ක් ලෙස පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කරමින් එවන් දස්කමක් දැක්වූ පළමු ආසියාතික රට බවට ශ්‍රී ලංකාව පත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබපැතුම් පිරිනමයි.
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් තැබූ මෙම සුවිශේෂි සලකුණ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායක දිමුත් කරුණාරත්න ඇතුළු සියලු සාමාජිකයන්ට ජනාධිපතිවරයා සිය ස්තුතිය පළ කෙළේය.
නව ජවයකින් ඉදිරියට යමින් මාතෘ භූමිය වෙනුවෙන් තවත් මෙවන් සුවිශේෂ ජයග්‍රහණ ලබා ගැනීමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවායි ද ආශීර්වාද පළ කර සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ජනාධිපතිතුමාගේ නායකත්වය නිසා ලැබූ ජයග්‍රහණයක්... පැරදුණා නම් රනිල් නිසා ලැබූ පරාජයක් හිටන්..
ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගේ ප්‍රසංශාව සුබ පැතුම් මේ ජයග්‍රාහක ක්‍රිකට් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් තව තවත් ධනාත්මක ලෙස ප්‍රේරණය කරන්නක්ල ලෙස සිතමි. ඔවුන්ගේ තිබු අධිෂ්ඨානය ඔවුන් සිතු පරිදීම ජයගැනීම අපේ රටේ වියලි, මියයමින් තිබු ක්‍රිකට් ක්‍රීඩාවට මල් වැස්සක් මෙනි. මට හිතෙන හැටියට දැන් මේ අසීරු ජයග්‍රහණයට ක්‍රිකට් විනාශ කල දේශපාලකයින් පිරිසක් රජකරන ශ්‍රීලංකා ක්‍රිකට් පාලක ආයතනය හිමිකම් කීමට ඉඩ තිබේ. ඔවුන්ගෙන් මේ ක්‍රීඩකයින්ට මෙන්ම පුහුණකරුට සිදුවුණා යයි කියන අසාධාරණ වලට එරෙහිව නැගීසිටීමට ඇතිවුන චිත්ත ධෛර්යය නිසාම ඔවුන් මේ ජය ලැබූ බව දැන් මේ ලොවටම පැහැදිලියි. ඔවුන් පෙරලා අපේ රටට පැමිණි පසු ඔවුන්ට විරුද්ධව විනය චෝදනාවන් එල්ලකොට ඔවුන්ගේ ශක්තිය දිරිය විනාශ කිරීමට මේ අය උත්සාහ කලොත් දෙවියන්ගේ නාමයෙන් ඔබතුමා ඊට මැදිහත්වෙනු ඇතැයි සිතමි.
මේවා දිනුවෙත් අපේ ජනාධිපතිතුමාගේ මනා පරිපාලනය සහ මගපෙන්වීම නිසා
කාලෙකට පස්සේ අපේ කොල්ලෝ එහෙ දිනන කොට ක්‍රිකට් මණ්ඩලේ මෙහෙ පරදිනවා.
ඔබතුමා මේ ගැන කටයුතු කලොත් හොඳටම ඇති.
ඊ ළඟ පාර අර පරණ එක්කෙනා වගේ මෙයත් මැච් බලන්න ගිහින් මැච් පරදියි ද දන්නේ නැහැ.
ඊයේ ටීවී නාලිකාවක් පැවැත්වූ "ටෝක්" වැඩ සටහනට සහබාගිවු මුරලිදරන් මහතා හේතු සහිතව කීවේ ලංකාවේ ක්‍රිකට් නැවත ගොඩගන්න බැරි බවයි.
මේක ක්‍රීඩකයන්ගේ පුවහුණුකරැවන්ගේහැකලියාව නොවෙයි.... මෙතුමාගේ දූරදර්ශී මගපෙන්වීම.... රටේ නායකත්වයේ ලක්ෂණ නිසා ලැබූ ජයග්‍රහණයක්...
දේශපාලකයෝ සහ සූදුකාරයෝ හොට දැම්මේ නැති තරමට හොඳයි.
බුද්ධික? මන්ද බුද්ධික හේම නොවෙයි නේද?