උසස් තාක්ෂණ සිසුන් දෙදෙනා රිමාන්ඩ් ගාල්ල ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ පසුගිය 29 වැනි දා ඇතිවු ගැටුමේදී සිසුන් තිදෙනකුට පහරදී තුවාල සිදුකළැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද සිසුන් දෙදෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරිම සඳහා මේ මස 7 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.නිශාන්ත පිරිස් මහතා නියෝග කළේය. 05 September 2018
අන්ධ උපාධි අපේක්ෂිකාවට අතවර කළ මස්සිනා අත්අඩංගුවට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටින අන්ධ උපාධි අපේක්ෂිකාවකට අතවර කිරිම සම්බන්ධයෙන් එම සිසුවියගේ අක්කාගේ සැමියා වන 37 හැවිරිදි මස්සිනා අද (5) අත්අඩංගුවට ගත් බව නෙලුව පොලිසිය පවසයි. 05 September 2018
‘පොහොට්ටු කල්ලිය ජනතාව පළිහක් කරගෙන පටු අරමුණු ඉටුකර ගන්න හදනවා’ කොටි ත්රස්තවාදීන් ඔවුන්ගේ අවසාන කාලයේදී කළ අයුරින්ම පොහොට්ටු කල්ලිය ද ජනතාව පළිහක් කරගෙන තම පටු අරමුණු ඉටුකර ගැනීමේ දියාරු උත්සාහයක නිරතවන බව එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය හමුවකදී අද (5) පැවසීය. 05 September 2018
එජාප 72 වැනි සංවත්සරය හෙට එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සර මහෝත්සවය පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ දී හෙට (6) පෙරවරු 9ට පැවැත්වෙයි. 05 September 2018
විරෝධය දක්වන්න කොළඹ එද්දී පිරිසක් නිවාඩු දමා ගමට යති ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරනු ලබන විරෝධතාවයට සහභාගීවීම සඳහා දිවයිනේ ජනතාව සතර දෙසින් කොළඹ කරා ඇදෙමින් සිටින බව ඒ ඒ ප්‍රදේශවලින් වාර්තා වේ. 05 September 2018
ඇමරිකානු තානාපති කාර්යාලයෙන් අවවාදයක් ඒකාබද්ධ විපක්ෂය කොළඹදී පවත්වන විරෝධතාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු ජාතිකයන් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි. 05 September 2018
ආණ්ඩුව රට ඒකාධිපතිත්වයක් කරා ගෙන යනවා - මහින්ද වර්තමාන ආණ්ඩුව ප්රජාතන්ත්රවාදය අහෝසි කරමින් රට ඒකාධිපතිත්වයක් කරා ගෙනයමින් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 05 September 2018
සාගර විශ්ව විද්‍යාලයේ සේවකයෝ වර්ජනයක ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාල සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනයට සාගර විශ්ව විද්‍යාලයේ තංගල්ල ආයතනයේ සේවකයින් ද සහය දක්වමින් රාජකාරී කටයුතු වලින් ඉවත්වී තිබේ. 05 September 2018
‘උපයෝගීතා කොමිසම අනුමැතිය දුන් විදුලි බලාගාර ව්‍යාපෘති ක්‍රියාවට නංවා නෑ’ මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබාදී ඇති විදුලි බලාගාර ව්‍යාපෘති කිහිපයක් ම විදුලිබල මණ්ඩලය ක්‍රියාවට නංවා නැතැයි මහජන උපයෝගීතා කොමිසම පවසයි. 05 September 2018
ඩොලරය 163 පනී ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව අද (3) ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයේ අගය 163 සීමාව ඉක්මවා ගියේය. 05 September 2018
‘ජේබි‘ සුළි කුණාටුවෙන් ජපානයේ 10 ක් මරුට ජපානය හරහා හමාගිය ජේබි සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට 10දෙනකු මියගොස් ඇති අතර දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ. 05 September 2018
රන්ජන්ගේ නඩුවේ සාක්කි විභාගය දෙසැ. 11 දා සිට අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කි විභාගය දෙසැම්බර් 11 , 12 , සහ 13 දිනවල පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සිදුකිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. 05 September 2018
ජනබල මෙහෙයුමට යමින් තිබු බස් රියකට ප්‍රහාරයක් හාලිඇල බෝගහමඩිත්ත ප්‍රදේශයේ දී කොළඹ පැවත්වෙන ජනබල මෙහෙයුමට යමින් තිබූ පෞද්ගලික බස් රථයකට අංක තහඩු රහිත කැබ් රථයකින් පැමිණි මැර පිරිසක් විසින් අද (5) උදැසන පොලූ මුගුරුවලින් පහරදී ඇතැයි පොලීසිය පවසයි. 05 September 2018
‘ආවා’ කල්ලියේ ප්‍රබලයකු අත්අඩංගුවට යාපනය , මානිප්පායි හා කෝපායි පොලිස් බලප්‍රදේශ තුළ භීෂණය පතුරවමින් පුද්ගලයින්ට පහරදීම් හා දේපලවලට හානිකිරීම් සිදුකළ ‘ආවා’ කල්ලියේ ප්‍රබලයකු වන ‘ලංඩා’ නැමැත්තා ඉණුවිල් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මානිප්පායි පොලිසිය කියයි. 05 September 2018
සාමකාමීව උද්ඝෝෂණයේ නිරත වන අයට පොලිසියේ බලපෑමක් නෑ ඒකාබද්ධ විපක්ෂය හෙට (5) පවත්වන උද්ඝෝෂණය හෝ විරෝධතා ව්‍යාපාරය නැවැත්වීමට පොලිසිය කිසිදු ඉල්ලීමක් අධිකරණය හමුවට ඉදිරිපත් කර නොමැති බව රාජ්‍ය පරිපාලන, කලමනාකරණ, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (4) පැවසීය. 04 September 2018
පාර්ලිමේන්තුවට හෙට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණය පැවැත්වෙන හෙට (5) පාර්ලිමේන්තුවට පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ ආරක්ෂාවක් දීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තීරණය කර ඇත. 04 September 2018
කටුනායක ගුවන් තොටේ විද්‍යුත් ගේට්ටු 10ක් සවි කරන්න කැබිනට් අනුමැතිය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ විද්‍යුත් ගේට්ටු 10ක් සවි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි වාර්තාවේ. 04 September 2018
හිංසාකාරීව හැසිරීමට එරෙහිව කැබිනට් ඇමැතිවරු තදින් සිටිති ඒකාබද්ධ විපක්ෂය කොළඹදී හෙට (05) පවත්වන උද්ඝෝෂණයේදී හිංසාකාරී ලෙස හැසිරෙන්නේනම් පොලිසිය බලය පාවිච්චි කළයුතු බව ඇමැතිවරුන් කිහිපදෙනෙකු අද (04) පැවැති කැබිනට් රැස්වීමේදී දැඩිව ප්‍රකාශ කර ඇත. 04 September 2018
ඒකාබද්ධයේ පෙළපාළිය වළක්වන්න තලංගම පොලිසිය ඉල්ලු වාරණය ප්‍රතික්ෂේප වෙයි ඒකාබද්ධ විපක්ෂය හෙට (05) පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය සහ විරෝධතා පෙළපාලියේ උද්ඝෝෂකයින් විසින් පාර්ලිමේන්තු වට රවුමේ සිට පොල්දූව වටරවුම දක්වා ඇතුලූ වීම වලක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසට තංලගම පොලිසිය කළ ඉල්ලීමක් කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්න මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. 04 September 2018
දැදුරු ඔය ජලාශයන් වැව් වලට ජලය දෙන්න හැකිදැයි විදෙස් නියෝජිතයෝ සොයා බලති පුත්තලම දිස්ත්‍රික්කයේ දැනට වගා කටයුතු වලට නිසි පරිදි ජලය ලබා ගැනීමට නොහැකි ජලාශවලට දැදුරු ඔයේ ජලාශයෙන් ජලය ලබා ගෙන ඉගින්මිටිය ජලාශය, මහ උස්වැව යව වැව්වලට සහ රතඹලා ඔයෙන් විජය කටුපොත වැවට ජලය ලබා ගැනීමේ කටයුතු විදෙස් දූත පිරිසක් නිරීක්ෂණය කළේය. 04 September 2018
දිස්ත්‍රික්ක තුනකදී හෙට සුනාමි පෙරහුරුවක් සුනාමි ආපදා අවස්ථාවකට මුහුණදීම සඳහා කලාපීය රටවල් සූදානම් කරවීමේ අරමුණින් ලෝකයේ රටවල් 28ක පවත්වන සුනාමි ආපදා පෙරහුරු වැඩසටහන ශ්‍රී ලංකාවේ ද දිස්ත්‍රික්ක තුනක ග්‍රාම නිලධාරී වසම් 6 කදී හෙට (5) පෙරවරු 8.30ට පමණ පැවැත්වේ. 04 September 2018
පෙරියාරු ගඟේ එරී මිය ගිය 8 වැනි අලියාගේ සිරුරත් ගොඩගනී පොලොන්නරුව පූදුර් ගම්මානයට අසන්නව පෙරියාරු ගඟේ තුන්මොදර ප්‍රදේශයේ දියේ ගිලි මියගිය 8 වැනි වන අලියාත් අද (04) හමු වූ බව පොලොන්නරුව වනජිවි කාර්යාලයේ නිලධාරිහු පැවසූහ. 04 September 2018
ශ්‍රීලනිපයේ අයට ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට සහභාගී වෙන්න බැහැ ආණ්ඩුවේ පාර්ශ්වයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින්ට ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණයට සහභාගීවිය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, වාරිමාර්ග, ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය. 04 September 2018
‘බිලි පූජාවකට කොළඹ එන පිරිසගේ අරමුණ ඉටුවීමට දෙන්නේ නෑ’ බිලි පූජාවක් සඳහා කොළඹට එන නාමල් ඇතුළු පිරිසගේ අරමුණ ඉටුකර දීමට රජය සුදානම් නැතැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා පැවසීය. 04 September 2018
හොර සල්ලි අච්චු ගහන්න ගන්නා කඩදාසි තොගයක් සොයා ගනී ව්‍යාජ මුදල් අච්චු ගැසීමට යොදා ගන්නා බවට සැකකරන කළු පාටට හුරු කපන ලද කඩදාසි බන්ඩල් තොගයක් අඩංගු කුඩා සේප්පුවක් දුලම්මහර පාලු ඉඩමක තිබියදී අද (4) සොයා ගත් බව පිළියන්දළ පොලිසිය කියයි. 04 September 2018
‘ජනබලයට එන අයට ගමනාගමන පහසුකම් අත්හිටුවීම ප්රජාතන්ත්ර විරෝධීයි’ ඒකාබද්ධය මෙහෙයවීමෙන් කොළඹ නගරයේදී හෙට (5) පැවැත්වෙන ජන බලය උද්ඝෝෂණයට සහභාගිවීමට නියමිත ජනතාවගේ ගමනා ගමන පහසුකම් අත්හිටුවීමට රජය ගෙන ඇති ක්‍රියා මාර්ගය ප්රජාතන්ත්ර විරෝධී යැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවැසීය. 04 September 2018
මධූෂ්ගේ පියාගේ අවමඟුලට සල්ලි එවූ ආකාරය ගැන පරීක්ෂණයක් රිය අනතුරකින් මිය ගිය තම පියාගේ අවසන් කටයුතු ප්‍රභූවරයකුගේ අවමංගල්‍ය උත්සවයකට සමාන ආකාරයට සිදු කිරීමට පාතාල කල්ලි නායක මාකදුරේ මධූෂ් ඩුබායි සිට තම ඥාතීන්ට මුදල් එවන ලද ආකාරය සෙවීම සදහා ආරක්ෂක අංශ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. 04 September 2018
ජොන්ස්ටන් බන්ධනාගාර රියෙන් පාර්ලිමේන්තුවට රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින කුරුණැගල දිස්ත්‍රික් මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද මැතිසබයට අද (4) පැමිණියේය. 04 September 2018
‘‘ඒකාබද්ධයට උද්ඝෝෂණ කරන්න හැකිවී තිබෙන්නේ රජය ඇති කළ නිදහස නිසයි‘‘ ඒකාබද්ධ විපක්ෂයට කොළඹ නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වීමට හැකිවී තිබෙන්නේ යහපාලන රජය ඇති කළ ප්රජාතන්ත්රවාදී නිදහස නිසා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවැසීය. 04 September 2018
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026