ලංගම බස් වර්ජනය අවසන් ශ්‍රී ලංගම ඩිපෝවල සේවකයින් විසින් ආරම්භ කළ වැඩවර්ජනය අද (4) පස්වරුවේ සිට අවසන් කිරිමට තීන්දු කළ බව ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් බන්දුල රත්නායක මහතා පවසයි. 04 September 2018
සයිටම් තීන්දුව විචේචනය කළැයි ගොනු කළ පෙත්සම කල්යයි මාළබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද නඩු තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අධිකරණයට අපාහාසයක් සිදු කරන ලදැයි කියමින් ගොනු කළ පෙත්සම් විභාගය ලබන ඔක්තෝබර් 18 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (4) තීන්දු කළේය. 04 September 2018
පාර්ලිමේන්තුවේදී දිනේෂ්ගෙන් කතානායකවරයාට චෝදනාවක් ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන උද්ඝෝෂණය සම්බන්ධයෙන් කිසිදු ආකාරයක පැමිණිල්ලක් පොලිසියට කර නැතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවැසීය. 04 September 2018
වැලිකඩ පොලිසියේ ඉල්ලීමත් අධිකරණයෙන් ඉවතට ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට (5) පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය සහ විරෝධතා පෙළපාළිය පාර්ලිමේන්තුව අවට රැස්වුවද එය සාමකාමිව සිදුකරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි වැලිකඩ පොලීසිය කළ ඉල්ලිමක් සැළකිල්ලට ගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නෙරංජලා ද සිල්වා මහත්මිය සාමකාමී රැස්වීමක් පැවැත්වීමට අධිකරණයේ නියෝග අවශ්‍ය නැති බැවින් එය සාමකාමීව සිදුකරන ලෙසට දැනුම් දුන්නාය. 04 September 2018
අරලියගහ මන්දිරය වැටලීම නවතන්න'යි කළ වාරණය ඉවතට ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට (05) පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය සහ විරෝධතා පෙළපාළියෙන් අරලියගහ මන්දිරය වැටලීම නවතන ලෙසට වාරණ නියෝගයක් ලබා දෙන්නැයි ඉල්ලා කොල්ලූපිටිය පොලිසිය කළ ඉල්ලීමක් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ප්‍රතික්ෂේප කළාය. 04 September 2018
ජපානයට ප්‍රබල සුළි කුණාටුවක් අවුරුදු 25කින් පසු ඇතිවුණු දරුණු සුළි කුණාටුවක් ජපාන දූපත් හරහා හමා යන බව වාර්තා වේ. 04 September 2018
ක්‍රීඩාංගන 5 ක වෙන්කිරීම් අවලංගුයි ජනබලය-කොළඹට විරෝධතාවය පැවැත්වීම සඳහා මුදල් ගෙවා වෙන්කර ගෙන තිබූ ක්‍රීඩාංගන පහක් කොළඹ මහනගර සභාව විසින් අද උදෑසන හදිසියේම අවලංගු කර තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (4) පැවසීය. 04 September 2018
පරිපාලන සේවා විභාග ප්‍රතිඵල ගැන විමර්ශනයක් ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ සීමිත තරග විභාගයේ ලිඛිත පරීක්ෂණයේ ප්‍රතිපල සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම්වරයාගේ නියෝගය මත විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. 04 September 2018
‘හෙට රැලියට එන්නේ පීඩාවට පත් සැබෑ ජනතාව නොවෙයි‘ ඒකාබද්ධ විපක්ෂය කොළඹදී හෙට (05) පවත්වන විරෝධතාවය සදහා සහභාගී වන්නේ රටේ පීඩාවට පත් සැබෑ මහජනතාවට වඩා කසිප්පු බත්පැකට් බළකායක් බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා පැවසීය. 04 September 2018
මාවෙයි සේනාධිරාජාගෙන් නෝක්කාඩුවක් යුද්ධයෙන් අවතැන් වූ දෙමළ ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා රුපියල් මිලියන 1640ක් වෙන්කළ යුතුව තිබුණත් ඒ සඳහා ලබාදී ඇත්තේ මිලියන 700 ක ප්රතිපාදනයක් පමණක් යැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පැවසීය. 04 September 2018
අරලියගහ මැඳුරේ මඟුල් ගෙදරට චතුර ලක්ෂ 22 ක බිලක් ගෙවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා අරලියගහ මන්දිරයේ සිය විවාහ උත්සවය පැවැත්වීම වෙනුවෙන් රුපියල් විසි එක් ලක්ෂ අසූ දහසක බිලක් ගෙවා ඇතැයි නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පැවසීය. 04 September 2018
පාර්ලිමේන්තුව ගිනියම් වී පැය දෙකෙන් නවතී හෙට පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවයට එරෙහිව ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (04) පාර්ලිමේන්තුවේ ඇති වු උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව අද පැය දෙක හමාරකට සීමා විය. 04 September 2018
කුරුදුවත්ත පොලිසියේ ඉල්ලීම අධිකරණයෙන් ඉවතට ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට (5) දින පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය සහ විරෝධතා පෙළපාළිය කුරුදුවත්ත මළලසේකර මාවතට ඇතුළු වී ජනාධිපති මන්දිරය අවට රැඳී සිටීමෙන් වළකින ලෙස ඉල්ලමින් කුරුදුවත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. 04 September 2018
කෘෂිකර්ම ගොඩනැඟිල්ලේ තෝම්බුව හොයන්න රැස්ව ඇත්තේ එක්වරයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන රාජගිරිය ගොඩනැගිල්ල හිමිකරුවන් සමඟ අත්සන් කර ඇති ගිවිසුම පිළිබඳව සෙවීමට පත් කළ කමිටුව රැස් වී ඇත්තේ එක්වරක් පමණකැයි අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් හෙළිකර සිටී. 04 September 2018
අවන්හලක් කොල්ල කෑමට පැමිණි අයෙක් අත්අඩංගුවට වත්තල මාබෝලේ ප්‍රදේශයේ දී පිස්තෝලයක් අතැතිව අවන්හලක් කොල්ලකෑමට පැමිණ සිටි කොල්ල කල්ලියක එක් සාමාජිකයකු පිස්තෝලයක් ද සමඟ ප්‍රදේශවාසීන් එක්ව අත්අඩංගුවට ගත් බව වත්තල පොලිසිය කියයි. 04 September 2018
විදුලි ඉංජිනේරුවෝ යළි වර්ජනයකට සැරසෙති විදුලි ඉංජිනේරුවෝ යළිත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙති. 04 September 2018
බ්ලුමැන්ඩල් කුණු කන්දේ ගින්නක් කොළඹ බ්ලුමැන්ඩල් කුණූ කන්දේ ගින්නක් මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන ඇතැයි කොටහේන පොලිසිය කියයි. 04 September 2018
ගැටුමකට මැදිවු බිළිඳා තුවාල ලබා රෝහලේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකට මැදිවූ වයස අවුරුදු එක හමාරක බිළිදෙකු හා ඔහුගේ මව බරපතල තුවාල ලබා අද (04) මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි. 04 September 2018
උතුරේත් ලංගම සේවකයෝ වැඩ වරති වැටුප් වැඩිකිරීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් උතුරු පළාතේ සේවය කරන ලංකා ගමනාගමන මණ්ඩල සේවකයින් අද (4) වැඩවර්ජනයක නිරතවූහ. 04 September 2018
අලි 7 දෙනාගේ මරණයට හේතුව දියේ ගිලී හුස්ම හිරවීමයි පෙරියාරු ගඟේ තුම්මෝදර ප්‍රදේශයේදී හමුවූ අලි 7 දෙනාගේ මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ වනජීවී පශු වෛද්‍ය නිලධාරීහු අලි මරණ වලට හේතුව දියේ ගිලී හුස්ම හිරවීම බවට නිගමනය කළහ. 04 September 2018
‘ඒකාබද්ධයේ රැලියට ලංගමයෙන් බස් අරගෙන නැහැ‘ ඒකාබද්ධ විපක්ෂය කොළඹදී හෙට (05) පවත්වන විරෝධතාව සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් එක් බස් රථයක් හෝ ලබාගෙන නොමැති බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය. 04 September 2018
පියාගේ මරණය සම්බන්ධයෙන් පුතා අත්අඩංගුවට සිය නිවසේ සිටියදී අභිරහස් ලෙස මිය ගොස් ඇති අයෙකුගේ මරණයක් සම්බන්ධයෙන් ඔහුගේ පුතෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 04 September 2018
සුපිරි මඟේ තිබී ලොරියකින් ජීවඅත්බෝම්බ දෙකක් සොයාගනී අතුරුගිරිය අධිවේගී මාර්ගයේ පාලම අසළ අද (4) අලුයම නවතා තිබූ ලොරියක් පරීක්ෂා කිරීමේදී එහි තිබූ විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ දෙකක් හා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 830ක් ද ඒ සමඟ පුද්ගලයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි. 04 September 2018
පාසල් දරුවෝ මඩුකන්ද වැවේ මසුන් බේරාගනිති ජලය නොමැති වීමෙන් මිය යාමට ආසන්නව සිටි මසුන් බේරා ජලය ඇති ළිං තුළට දැමීමේ ක්‍රියාවක නිරත වීමට වව්නියාව මඩුකන්ද ප්‍රදේශයේ තරුණ පාසල් සිසුන් පිරිසක් පසුගියදා කටයුතු කළේය. 04 September 2018
ප්‍රවාහන වෘත්තීය සමිති අනතුරු අඟවයි ඉල්ලීම් ඉටු කිරීමට ඇමැතිවරයා ලබාගත් කාලයේ දී වෘත්තිය සමිති රැවටීමට කටයුතු කළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී ඇත. 04 September 2018
ජනපති ලේකම් කාර්යාල මුර පොළේ ඕ.අයි.සී ගුටි කා මහනුවර රෝහලේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාල පොලිස් මුරපෙළේ ස්ථානාධිපති තනතුර දරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කඩුගන්නාව ඌරපොළ ප්‍රදේශයේදී පහරකෑමකට ලක්වී මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව කඩුගන්නාව පොලිසිය කියයි. 04 September 2018
අගමැතිගේ වාර්තාව ආවොත් පළාත් ඡන්දය ජනවාරි ස්ථිරයි ලබන වසරේ ජනවාරි මාසයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට මැතිවරණ කොමිසම ඊයේ රැස්වී තීන්දු කළ බව එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා “ලංකාදීප”යට පැවසීය. 04 September 2018
එමිල් රංජන්- රංගජීව යළි රිමාන්ඩ් වැලිකඩ සිරකරුවන් පිරිසක් ඝාතනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතා තවදුරටත් ලබන 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (04) නියෝග කර තිබේ. 04 September 2018
ඉන්දීය සංචාර ඇරියුම දිනේෂ් ප්‍රතික්ෂේප කරයි තමාගේ නායකත්වයෙන් යුත් මන්ත්‍රී කණ්ඩායමේ ඉන්දීය සංචාරයට එක්වන ලෙස කතානායක කරු ජයසූරිය මහතා කළ ආරාධනයක් ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇත. 04 September 2018
බිම්බෝම්බයක් ඉවත්කරන්න යද්දී පුපුරා යාමෙන් අයෙක් මරුට මුලතිව්, මාන්කුලම, මල්ලාවි මාර්ගය දෙපස තේක්කවත්ත ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරතව සිටියදී බිම්බෝම්බයක් පුපුරා යෑමෙන් පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා ඇති බව මාන්කුලම පොලීසිය පවසයි. 04 September 2018
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026