නීතී විරෝධිව ධිවර කටයුතුවල නියැලෙන ධීවරයින් හට ජීවිත කාලයටම ධීවර බලපත්‍රය අහෝසි කිරීමට අද (20) ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය තීරණය කර ඇත.
ධිවර කටයුතු සදහා යාත්‍රා පැදවීමේ බලපත්‍ර ලබාගෙන එමගින් නීති විරෝධී කටයුතු වල නිරත වන සියළු ධිවර යාත්‍රා නියමුවන්ට සිය ජිවිත කාලය තුළ නැවත යාත්‍රා පැදවිය නොහැකි ලෙස එම බලපත්‍ර අත් හිටුවේ.
මෙම තහනම ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය නීති සහ රෙගුලාසි කඩිනමින් පැනවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ධීවර කටයුතු රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් ධිවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබේ.
බහුදින ධීවර යාත්‍රා නියමුවන් සිය යාත්‍රා නීතී විරෝධි අන්දමින් ධිවර කර්මාන්තයේ යෙදවීම බරපතල ගැටලුවක් බවට පත් ව ඇතැයි ද ඊට එරෙහිව ක්‍රියා මාර්ගයක් ගන්න්නැයිද ලැබී තිබු පැමිණිලි අනුව මෙම පියවර ගෙන තිබේ.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති විරෝධී වැඩ කරන දේශපාලකයන්ගේ ලැයිස්තුව සදහටම නැති කරන්න පටන් ගන්නේ කවදද?
අපේ ධීවරයන්ට තමා ඔක්කොම නීති.., අර ඉන්දියාවෙන් එන අය කරන්නේ තහනම් පන්නන ක්‍රම නොවේද? කෝ ඒ අයට තහනමක්... එවුන් අදත් එනවා හෙටත් එනවා. අපි ටික දෙනෙක් අල්ලනවා.. ආයේ අතාරිනවා. කෝ ඒ අයගේ ජිවිත තහනම....
ධීවරයෝ තමයි අපේ රටට ගෙනෙන තරමක්.. අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය අරගෙන එන්නේ... අන්න ඒ නිසා මේ ධීවර කර්මාන්තය සදහටම තහනම් කරලා දාන තරමටම හොඳයි කියලා අපිට හිතෙනවා..
ධීවරයින්ගේ පමණක් නොව බලපත්‍ර ලබා කාර්යන් කරන වෘතීන්වල යෙදෙන සියලුම දෙනා නීතිවිරෝධීව කටයුතු කලොත් බලපත්‍රය සදහටම තහනම් කරන්න.
රට වටාම මුහුද ඒ උණාට සැමන් ටින් එකක මිල ඇහුවහම මුහුදේ පනින්න ඕනේ...