රුපියල් මිලියන 33.1ක් වටිනා රත්තරං තොගයක් අනවසරයෙන් ඉන්දියාවට රැගෙන යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකු මුම්බායි ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
කුඩා පිරිමි දරුවකුගේ ජැකට්ටුවේ සහ සපත්තුවල සඟවාගෙන රත්තරං තොගය ඉන්දියාවට ගෙන යෑමට එම කාන්තාවන් දෙදෙනා උත්සාහ කර ඇතැයි වාර්තා වේ.
සැකකාර කාන්තාවන් දෙදෙනාගෙන් එක් කාන්තාවක පිරිමි දරුවාගේ මව බව පැවසෙන අතර ඇය සිංගප්පූරුවේ සිට පැමිණ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව රත්තරං කැබලි 108ක් පිරිමි දරුවාගේ ජැකෙට්ටුවේ සහ සපත්තුවල තුළ තිබී සොයාගෙන තිබෙන අතර ඒවායේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 10.8ක් බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්විණි.
කාන්තාවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් පෙබරවාරි 28 වැනිදා දක්වා රිමාන්ඞ් කර ඇති අතර කුඩා දරුවා ළමා නිවාසයකට යොමු කර ඇත.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුම්බායි තියෙන්නේ ලංකාවේද මන්දා