(රංජන් කස්තුරි)
විද්‍යාත්මක පරීක්ෂණයකින් තොරව ඇතැම් පිරිස් කිරිපිටි සම්බන්ධයෙන් කරන ප්‍රකාශ ශ්‍රී ලංකා රසායනික විද්‍යා ආයතන ප්‍රතික්ෂේප කරන බව එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය කීර්ති අත්තනායක මහතා පැවැසීය.
කිරිපිටි සම්බන්ධයෙන් විද්‍යාත්මක පරීක්ෂණයක් කිරීමට මෙරට තිබෙන බලයලත් ආයතන තුන වන්නේ රජයේ රස පරීක්ෂක, කාර්මික තාක්ෂණ ආයතනය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පමණක් බවද එම ආයතනවලින් කිරිපිටි සම්බන්ධයෙන් අහිතකර වාර්තාවක් නිකුත් වී නැතැයිද ඔහු කීය.
රසායනික පරීක්ෂාවක් කරන සියලුම පර්යේෂකයින් රසායනික විද්‍යා ආයතනයේ සාමාජිකත්වය දරන්නන් වන අතර මෙවැනි පරීක්ෂණයක් පිළිබඳව විද්‍යාත්මක පදනම ඉදිරිපත් කළ හැකි ශ්‍රී ලංකාවේ එකම ආයතනය ශ්‍රී රසායනික විද්‍යා ආයතනය වන බවද ඔහු පැවැසීය.
මෙම රාජ්‍ය ආයතන නිකුත් කරන වාර්තා කිසිඳු විද්‍යාත්මක පදනමකින් අභියෝගයට ලක්නොකර හුදු වෙනත් කරුණු මත පදනම්ව අභියෝගයට ලක් කිරීම සදාචාරාත්මක නැති බවද ආචාර්ය අත්තනායක මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රසායනික විද්‍යා ආයතනයට තියනවද අවශ්‍ය තාක්ෂනය මේ පිළිබඳව පරීක්ෂා කරන්න. එහෙම නැත්නම්, පිළිගත් විදේශීය ස්වාධීන ආයතනයක් මගින් පරික්ෂා කර වාර්තා ඔබ සතුව පවතීද? එහෙම නැත්නම් හොඳම දේ ඔබතුමා සුදු හුණු නොගා ඉන්න එක ! මේ චෝදනාව ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන් ! එ්ත් තාර්කිකව බලන ඕනෑම කෙනෙකුට හිතෙන්නේ මේ චෝදනා වල යම් සත්‍යතාවක් පවතින බවකි.
ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ නිලධාරීන් ඕවා පරික්ෂා කිරීම අනිවාර්යයෙන් අකුරටම කරනවා.. ප්‍රමිතියට නැත්නම් රට පටවන්න දෙන්නේ නැහැ. තොග විනාශ කරනවා... එහෙ නිලධාරීන් ලංකාවේ වගේ පගාවට වැඩ කරන්නේ නැහැ. කිරිපිටි ප්‍රමිතියට නැත්නම් ඕව බොන මිනිස්සු ලෙඩ වෙන්න ඕනේ... ලංකාවේ 90% භාවිත කරන්නේ පිටිකළ කිරි...
අනිත් අය සිදුකරන ප්‍රකාශ මේ අයට පිළිගත නොහැකි නම්, ඇයි මේ ආයතනයට වෙළෙඳපලේ ඇති ආනයනික කිරිපිටි සාම්පල් ඔවුන් විසින්ම ලබාගෙන, පරීක්ෂණ සිදුකොට ඔවුන්ගේම ප්‍රකාශයක් නිකුත් කරන්නට බැරි?
ෂුවර් එකටම බුද්ධික පතිරණ හයිලන්ඩ් පැලවත්ත කම්පැනිවලින් ගානක් ගන්න ඇති.. යකෝ පොඩ්ඩක් හරි මොලේ තියෙන කෙනෙක්ට තේරෙනවා ඔය වගේ ඌරුතෙල් ෆාම්තෙල් කලවම් කරලා මොනවා හරි කරනවා නං ඒවා කරන්නේ ලංකාවේ මිසක් ඇන්කර් වගේ අන්තර්ජාතික කීර්තියක් තියෙන කොම්පැනිවල නෙමෙයි කියලා.. ලංකාවේ ඉන්න ගොන් වාහෙලා කිසිම තර්ක බුද්ධියක් නැති මොට්ටයින්.. ෆොන්ටේරා සමාගම කිරි දෙන්නේ ලංකාවට විතරයිද? ඇමෙරිකාව, කැනඩාව ඇතුළු ලෝකේ ගොඩක් රටවල මේ නිෂ්පාදන යවනවා. එතකොට ඒ රටවලින් පරීක්ෂණ කරන් නැද්ද?
කිරි පානය කිරීමෙන් ලැබෙන්නේ කැල්සිඅම් පමණි , එය ජලයෙන් ලබා ගත හැක .... අපි ජනතා ව දැනුවත් කරමු .
මෙතන කෑගහන අය දන්නවද මොන වර්ගයේ කිරිපිටි තත්වයෙන් උසස් ඒව කියලද. අයුතු ලාභ ලබා ගන්න කිරි වලට එක එක දේවල් කවලම් කරන ගොවියො ලංකාවෙ ඉන්නෙ. ඒ වගේම සමහර ලංකාවෙ සමහර කොම්පැණිත් ඕව සල්ලි දීලා ගන්නවා.
මුදල් වලට කල නොහැකි දෙයක් නොමැති රටේ විද්‍යාත්මක පරීක්ෂණ ගැන නම් කතා කරලා වැඩක් නෑ. මට නම් කාලයක ඉඳලා කිරි පිටි සම්බන්ධයෙන් විශාල සැකයක් තිබුනා. වැඩිය ඕන නෑ, කිරි පිටිවලින් කිරි එකක් හදලා බිවුවහම දිවේ මේදය තට්ටුවක් රැඳෙනවා, කටින් දුගඳ හමන එක වැඩි වෙනවා, දිවට අප්‍රිය රසයක් දැනෙනෙවා. මෙවම ඇති කිරි පිටිවල යම් යම් රසායනික අඩංගු බවට හඳුනාගන්න. එල කිරි බීවම මේ කිසි දෙයක් නෑ. දිවට කටට හොඳට කිරි රස දැනෙනෙවා.
ආනයනික කිරිපිටි පමණක් නොවෙයි. ආනයනික සීනි පිළිබඳවත් සොයා බැලිය යුතුයි. අනිවාර්යෙන්ම සීනි වලත් ඔය වැනි රසායනික අඩංගුයි. සමහර සීනි හැඳි ගණන් දැම්මත් පැණි රස එන්නේ නෑ. ලංකාව වගේ කාලකන්නි රටකට නම් මේවා ලොකු දේවල් නෙවෙයි.
කොහොම කිව්වත් කිරි කියන්නේ ළදරු ආහාරයක් මිසක වැඩිහිටි ආහාරයක් නෙවේ. කිසිම සතෙක් ලොකු වුණාම කිරි බොන්නේ නැහැ. මේ කිරි බීම නිසා තමයි පොඩ්ඩක් බිම වැටුණත් අස්ථි පුපුරන්නේ...
ඔක්කොටම කලින් මේ දවසේ පැටවූ වගේ බිහිවෙන නළු නිලියෝ, ක්‍රීඩකයෝ කරන වෙළඳ දැන්වීම් වලින් පරිස්සම් වෙන්න ඉගෙන ගන්න ඕනේ සහ ඔවුන් විසින් ඔවුන්ට ආදරය කරන රටවැසියන්ව මුලා කිරීම ගැන ඔවුන්ට කිසිම දුකක් නැති බව නම් සිකුරුයි. දරුවන්ට පොවන කිරිවල ඇඩ් වල ඉන්න අය කිරි ගැන දැනගෙනද සල්ලි නිසාද කතා කරන්නේ. විවිධ බෙහෙත් වර්ග ප්‍රචාරය කරනවා කිසිම සොයා බැලීමක් නැතිව. ඔවුන්ගේ ප්‍රචාරණය නිසා රැවටෙන්නේ ඔවුන්ටම ආදරය කරන ප්‍රේක්ෂකයන් වීම ගැන ඔවුන් සිතන්නේ නැත