(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
තම ශරීරයේ කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය කිසිවක් නොමැති බව පෙන්වීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා අද (24) මාතර පිහිටි සිය නිවසේ දී වෛද්‍ය පරීක්ෂණයට පෙනී සිටියේය.
විශේෂයෙන් මාතර නගරයේ පෞද්ගලික රෝහලකට මුදල් ගෙවා අදාළ පරික්ෂණය සිදු කර ගැනීමට කටයුතු කර තිබිණි.
ඒ අනුව ගිලන් රථයකින් පැමිණි හෙදියක් ඇතුළු කාර්ය මණ්ඩලය බුද්ධික පතිරණ මහතාගේ රුධිර සාම්පලය ලබා ගන්නා ලදී.
පසුව ඔහු මුත්‍රා සාම්පලයක් ද තම හිස කෙස් වලින් කොටසක් ද කතුරකින් කපා එම අවස්ථාවේදීම ලබා දුන්නේය.
එම පරික්ෂණ වාර්තාව ඉදිරියේදී ලබා ගැනීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ප්රවනතාවයක්... බලමු කී දෙනෙක් මේ වැඩේ කරයිද කියලා?
ගිලන් රථයකින් යන්න තියන අසනීප තත්වය? හා එ්කත් යන්න ඇත්තේ අර පින් ගිලන් රථයෙන් වෙන්නැති. නැතිනම් රාජ්‍ය අනුග්‍රහයෙන්ද කියලා බලන්න. නම කෙටූ කෙසෙල් ගෙඩි කාලා වෙන්නැති. මානසික ලෙඩ්ඩු.
ගොන් රංජාගේ මෝඩ චූන් එකට පිස්සෝ වගේ ලේ චෙක් කරලා හරියන්නෙ නැහැ. අපට පිලිගන්න පුලුවන් එකම තැනකින් ඔක්කොම පිසසො ටික චෙක් කරා නම් ඉවරයි. මේක විකාරයක්... අපිට පිළිගන්න බැහැ. ජනතාව ඔය ගොන්පාට් වලට රැවටෙන්නේ නැහැ දැන්...
ලංකාවේ වෛද්‍ය වෘත්තිය ගැන විශ්වාසයක් නැහැ. එමනිසා සිංගප්පුරුවේ ඉස්පිරිතාලයකට යන්නන් නොකීවා පුදුමයි. කතාව දෝලාවෙන් ගමන හැරමිටියෙන්.
ඇමතිතුමාගේ මේ අදහස, රන්ජන් රාමනායක ඇමතිගේ නම් ලැයිස්තුවේ ඉදිරිපත් කර තිබෙන හැම මැති ඇමැතිවරුන්ම කරනවා නම් ඔවුන්ගේ "විනිවිද" භාවය මුළු රටටම පැහැදිලි කිරීමක් වෙනවා. ඔවුන් කෙරෙහි මහජන විශ්වාසය තව තවත් ඉහළ යනවා. ඒ වුනත් ගිලන් රථය සිය නිවසට ගෙන්වා ගැනීමට වඩා එයාගේ නිල රථයෙන්ම ලඟම තිබෙන රෝහලට ගොස් මේ පරීක්ෂණ කරවා ගත්තා නම් මීට වඩා හොඳ නැද්ද?
මත්ද්‍රව්‍ය පරීක්ෂණයට ලේ, මූත්‍රා සහ හිසකෙස් දෙන්න ඉදිරිපත් නොවන මැතිඇමැතිතුමන්ලාගේ ලැයිස්තුවක් සකස්කර ඉදිරිපත් කරන මෙන් ඉල්ලමු.
මොවුන්ට පිස්සු... එජාපයට ගියපු කළ...
මේ වෙලාවේ මත්ද්‍රව්‍ය කිසිවක් නොමැති බව පෙන්වීමේ තේරුම මොකද්ද? රුධිර සාම්පලය බැලිය යුත්තේ කල් ඇතුව දැනුම් දීමක් නොකර...
ඇයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව යොදා ගන්නේ නැත්තේ?. පුද්ගලික ලැබ්වලින් ඕන රිපෝර්ට් එකක් හදාගන්න පුළුවන්..
ඇත්තටම ලාමක ටින්ටින්ලා.. මෙයයි රන්ජයි සද්දේ විතරයි.
කෝ මුත්‍ර සාම්පල් ගන්න ෆොටෝ එක...?
ස්වේච්ඡාවෙන් පරීක්ෂණයට ඉදිරිපත්වෙනවා නම් ඔවුන්ට ගරහන්න එපා.. මෙතන ලොකුම අඩුපාඩුව සිදුවෙලා තිබෙන්නේ ජනාධිපති, අගමැති සහ කතානායක අතින්... ජනාධිපති ලෝකේ පුරාම යනවා.. කුඩුකාරයෝ අල්ලන්න කියකියා.. නමුත් අද මේ පාර්ලිමේන්තුවේ තිබෙන ප්රශ්නය සම්බන්ධව මුනිවත රකිනවා. අගමැති නිකම් කමිටුවක් පත්කරලා අත්දෙක පිහිදාගන්න හදනවා.. කමිටුව මත්ද්‍රව්‍ය පරීක්ෂණ කරන්නේ කට ඉඹලා බලලද? අඩුම තරමෙන් තම පක්ෂේ මන්ත්‍රීලටවත් මේ පරීක්ෂණය අනිවාර්ය කරලා නැහැ. කතානායක ලිඛිතව ඉල්ල ඉල්ලා ඉන්නවා.. එයාට පුළුවන් ජනපති, අගමැති එක්ක සාකච්ඡා කරලා පාර්ලිමේන්තු මන්ත්‍රීලා සියලු දෙනාම මේ පරීක්ෂණයට යොමු කරන්න...
කවුරු හරි මන්ත්‍රී කෙනෙක් කොකේන් භාවිතා කළැයි බවට තහවුරු වුණයි කියලා, මොකද්ද ඔවුන්ට නාම යෝජනා නොදී ඉන්නවද? ඉහළින්ම දිනවල කැබිනට් ඇමැතිත් වෙනවා. ඔවුන්ව දිනවන්නෙත් ජනතාවයි...
මෙයාගේ ගොන් පාට් හොඳයි දකුණු ඉන්දියාවට....කුඩු ගහන මෛන්ත්රීවරු ඕනකරම් පාර්ලිමේන්තුවේ ඕන තරම් ඉන්නවා..
අපේ රටට 100% ආදරය කරන නායකයෙක් ඉන්නවනම් ........!
ඇයි ,මානසික රෝගවලින් පෙලෙනවද කියලත් හැමදෙනාම බැලුවොත් රටට හොදය් නේද ? දැන් මේ කොකේන් කතාවට අත්තවශ්ය දේ අමතක වෙලා .
ජනතාවත් ක්‍රම ක්‍රමයෙන් මතට ඇබ්බැහිවෙනනිස තත්වය බරපතලයි
මේගොල්ලෝ කොහේ පුහුණු වූ නර්ස් ලාද. එක අතක ලේ ගන්න ගමන් තව කෙනෙක් කොණ්ඩෙත් ගලවන්නේ. මේ වෙලාවේම මුත්‍ර නොගත්ත එකයි පුදුමේ. එක වැඩක් ඉවර වෙලා නොව අනික කොරන්න. පරීක්ෂණ කොරන්නේ පෞද්ගලික ඉස්පිරිතාලෙකින් නිසා බිල ගෙවන්නේ අපිද? එකත් මේ ගමන්ම දන ගත්තොත් තමයි හොඳ.
සියලුම පරීෂණ සදහා (මානසික රෝග ද ඇතුළුව, කොකේන් හා මත් ද්‍රව්‍ය සදහා ) එකවර සියලුම පාර්ලිමේන්තු මැති ඇමතිවරු , පළාත් සබා, ප්‍රදෙසිය සබා මැති ඇමතිවරු යොමුකරනු.