(මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන්)
පන්නිපිටිය - බොරැල්ල මාර්ගයේ දෙපානම හන්දිය ආසන්නයේදී ඊයේ (22) රාත්‍රී 11.45ට පමණ පුද්ගලයකුට වෙඩිතබා ඝාතනය කර ඇතැයි මහරගම පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කොටහේන සුනේත්‍රාරාම මාවතේ පදිංචි ගමආරච්චිගේ මනෝජ් සුදර්ශන නැමැති (35) පුද්ගලයකු බව පොලිසිය කියයි.
මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියකින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාර 2ක් මියගිය පුද්ගලයාගේ පපු ප්‍රදේශයට වැදීමෙන් බොරැල්ල පන්නිපිටිය මාර්ගයේ දෙපානම හන්දිය ආසන්නයේ මාර්ගයේ වැටී මෙසේ මියගොස් ඇත.
වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය පුද්ගලයාගේ සිරුර ආසන්නයේ තිබී මිලිමීටර 9 වර්ගයේ ගිනි අවි සඳහා භාවිතා කරන හිස් පතරොම් කොපු 2ක්ද පොලිසිය සොයාගත් බව කියයි.
සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ කොට්ඨාශයේ අපරාධ ස්ථාන පරීක්ෂණායතන නිලධාරීන්ද පැමිණ නිරීක්ෂණ ආරම්භ කර ඇත.
සිද්ධිය වූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණයද සිදුකිරීමට නියමිතය.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. මහරගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය උපරිමෙන්ම සිදුවීම ගැන හැටදෙලක්ෂයට මාගේ ප්‍රණාමය....!
වග කිවයුතු අය දැන් මේ සිද්ධිය විග්රහ කරන්නේ මෙහෙමයි. 1. කලක සිට පැවැත එන ආරවුලක ප්‍රතිඵලයක්. 2.පාතාලයේ පිරිස් දෙකක් අතර ගැටුමක් 3. නන්නාඳුනන තුවක්කු කරුවෙක්......