(නිමන්ති රණසිංහ)
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේදී රජයට අලාභයක් සිදුවන ආකාරයට කටයුතු කළැයි කියන සිද්ධියේ තවත් සැකකරුවන් සිටීනම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද රහස් පොලිසියට නියෝග කළාය.
අද පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ දී අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන සැකකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.
මෙම නඩුවේ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සිටින බව සැකකරුවන්ගේ නීතීඥවරු අධිකරණයට දැනුම් දුන්හ. එය සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය තවත් සැකකරුවන් සිටීනම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංගප්පුරුවේ පේන්න ඉන්න මහා හොරාව ඉස්සෙල්ලා අල්ලන්න. බොරුවට අඳුරේ අතපත ගාන්නේ නැතුව....
ටයිකෝට් දාගත්තු ජෝකර් කෙනෙක් නම් කට්ටි පැන පැන ඉන්නවා. මිනිස්සුන්ට අමතකයි කියලා හිතේ ඇති...
බැඳුම්කර සිද්ධියේ අවශ්‍යම කෙනාව අල්ලන්න කොමිසමකුත් දානවා කියලා නේද කීවේ? ඡන්දෙට කලින් කරන හත්ඉලව්වක් කලොත් හොඳයි. නැත්නම් කන්න දුන්න අත එහෙම පිටින්ම හපාකන්න ලැබෙන එකක්ම නැහැ...
පුදුම විදියට හොරු අල්ලන්නේ. සිද්දියක් වුනාම එය සම්පුර්ණ කරන්න ඕන. අඩුම ගානේ හොරු ටිකවත් අල්ලන්න ඕන නඩු අහනකම් එහෙම නැහැ. අව්රුද්දට සැරයක් දෙකක් එක හොරෙක් අල්ලන්නේ. අනිත් කෙනා අල්ලන්න යනකොට රටින් පැනලා. ඒ වෙනකොට රටේ නායකයාගේ බලයත් ඉවරයි. ඊළගට එන කෙනා පොරොන්දු දෙනවා ගිරිය කඩාගෙන බලය ගන්න ඕන නිසා. මම ආව ගමන් හොරු අල්ලනවා කියල ඊටත් වැඩිය ලොකු හොරකමක් කරනවා.
මෝඩ වැඩ මේ වෙලාවේ කොහොමද අලුත් නායකයෙක් හොයන්නේ. ඔන්න ඕවා අල්ලලා දාන්න
මේවට කොහෙන් හිනා වෙන්නද මම නම් දන්නේ නැහැ... පිස්සුද නැතිනම් හැටිද?