පොලිස් යතුරු පැදියකින් යමින් සිටියදී  බම්බලපිටිය ප්‍රදේශයේ දී බොරැල්ල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා  ඩිෆෙන්ඩර් රියක හප්පා බරපතල තුවාල සිදුකර පලාගිය සිද්ධියට  අදාළව  එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ  පුත්‍රයෙකු  අද (25) අත්අඩංගුවට ගෙන ඇතැයි  බම්බලපිටිය පොලීසිය කියයි.

ඔහු ඇතුළු  තවත් සිව් දෙනකුද  අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

අනතුර සිදු වු අවස්ථාවේදී ඩිපෙන්ඩර් රියේ හිඳ  එම  අනතුර දැනුම් නොදීම    සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ පොලිසියේ ස්ථානාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවැසීය.

මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ බම්බලපිටිය පොලිසිය අනතුර සිදු වූ අවට සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීමේන් හෙළි වු කරුණු මත මේ පිළිබඳව විමර්ශන අරඹා මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණි.  

 

(36698)