නිමන්ති රණසිංහ
පොලොන්නරුව ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වා ජාතීවාදි හැඟීම් දනවන ප්‍රකාශ සිදුකළැයි කියන සිද්ධියට අදාළව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධ නඩුව ලබන අගෝස්තු 5 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (25) නියම කළාය.
බොදුබල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව අද (25) බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
එම සිද්ධියට අදාළව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර සිද්ධියට අදාළ නීති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවට අධිකරණයට කරුණු වාර්තා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජයකලාට වෙනම නීතියක්ද?
බුද්ධ ශාසනය විනාශකරන, මෙවැනි පුද්ගලයන්ට.. නඩු නැතුව දඬුවම් දුන්නත්, අපි ඊට එකඟයි...!!!
එතකොට .. මිනී මස් කෑවා කියලා ප්‍රසිද්ධ ස්ථානවල කියපු ඒ ගොල්ලන්ට ෂරියා නීතියද ?....මේක මහා පුදුම නීතියක්නේ?..
බෞද්ධයෙක් ලෙස ඉතාම කණගාටුවට පත්වෙනවා.... මේ හැසිරීම ගැන. ගිය ගිය තැන නඩු. කවුරු වෙනුවෙන්ද? රට, ආගම වෙනුවෙන් නෙවෙයි කාලකණ්ණි දේශපාලකයන් වෙනුවෙන්නේ බලන්නේ.. මහානායකවරු නිහඬයි....
අපේ හාමුදුරුවනේ මේකත් විශාල අපලයක් ගෙවෙනවා යයි සිතන්න. ඔබ වහන්සේ නිදහස්ව එන විට සිංහලයා රටේ සුළු ජාතිය වී අනෙක් අය මහජාතිය වී සිටීවි. ඒකට පාදඩ සිංහලයින් කැමතිය. සිංහලයා සිටියේත් වඩුග දෙමල රජෙක් යටතේනේ. එම නිසා මුසල්මානුවන් යටතේ ඉන්න කැමැතියිලු...