(නිමන්ති රණසිංහ)
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු සැකකරුවන් 6 දෙනාගේ නඩුව මැයි 13 වැනි දා සිට විභාගයට ගැනීමට කොළඹ ප්රධාන මහෙස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය අද (25) නියෝග කළාය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ අල් - හුසේන් කුමරු මෙරටට පැමිණි දින උද්ඝෝෂණයක් සිදු කරමින් මංමාවත් පනත උල්ලංඝණය කළැයි වීරවංශ මහතාට චෝදනා එල්ල වී තිබේ.
සිද්ධියට අදාළව ඇප මත සිටි පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා ඇතුළු සැකකරුවන් 6 දෙනා අද (25) අධිකරණයේ පෙනී සිටියේය.
පැමිණිල්ලේ පළමු සාක්කිය සඳහා සිතාසි නිකුත් කරමින් නඩුව මැයි මස 13 වැනි දා තෙක් කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැයි සිට විභාගය... දෙසැම්බර් වල ඡන්දෙ. ඉන් පසු නඩු ටික ඉවරයි
"පාර්ලිමේන්තුව වටකරලා .. පාර්ලිමේන්තුවට බෝම්බ ගහනවා " කියමින් රජයට තර්ජන කරපු.. නඩුව අහන්නේ කවදද ..? මේ දවස එනකන් අපි.. පුල පුලා බලාගෙන ඉන්නේ...
මේ අයගේ පැමිණිලි හරියට ඇහුවා නම් දැන් යහපාලනය ඇවිල්ලා අවුරුදු 4 කටත් වැඩියි. එහෙනම් මේ අය හොරාකාපු කෝටි ගණං මහජන මුදල්වලට අද මේ අය ඉන්නේ හිරගෙවල් වල. අපරාදේ මේ පැමිණිලි අහන්න වියදම් කරන සල්ලි...
මංමාවත් පනත උල්ලංඝණය කිරීමයි වරද... වරද කරපු අයගේ පෙරෙත්තයට නඩුව දාගත්තද මන්දා. ලැබිය හැකි දඬුවම කුමක්වුණත් ලැබෙන්නේ නැත්නම් ලබාගත හැකි ප්රසිද්ධිය විශාලයි.. දේශපාලනික වශයෙන් වාසිදායකයි...