තවත් ඇතෙක් මැරිලා ගල්ගමුව ප්‍රදේශයේ තවත් දළ ඇතෙක් අභිරහස් ලෙස මියගොස් සිටියදී අද හමු විය. 22 July 2025
අයවැය සහන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි සේවකයන්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (22) විශේෂ බහුතරයකින් සම්මත කර ගැනිණ. 22 July 2025
ජගත් විතාන පාර්ලිමේන්තුවේදී සංවේදී වෙයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් විතාන මහතා අත්අඩංගුවට පත් සිය පුතා මතක් කර පාර්ලිමේන්තුවේදී අද සංවේදී විය. 22 July 2025
‘ගෝඨාගෝගමට’ ගැහුවාට දේශබන්දු සැකකරුවෙක් කරයි ‘ගෝඨාගෝගමට’ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සැකකරුවකු ලෙස නම් කරන ලෙස උපදෙස් දෙමින් නීතිපතිවරයා විසින් නිකුත් කරන ලද ලිපිය බලරහිත කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. 22 July 2025
ධම්මදස්සී අනුනාහිමි දේහය අස්ගිරි විහාරයට ශ්‍යාමෝපාලි මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක කුරුණෑගල ඇත්කඳ රජ මහා විහාරය සහ කටුගස්තොට ගොහාගොඩ ලියන්ගස්තැන්න පුරාණ විහාරය යන විහාරයන්වල විහාරාධිපති අපවත් වී වදාළ ආණමඩුවේ ධම්මදස්සි අනුනායක හිමියන්ගේ දේහය අස්ගිරි මහ විහාරයේ තැන්පත් කර තැබීම සඳහා වැඩම කරනු ලැබූහ. 22 July 2025
මේ ආණ්ඩුවේ කකුලෙන් අදින්නෙ ඩොනල්ඩ් ට්‍රම්ප් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ආණ්ඩුවේ අකුලෙන් ඇද්දට අපට කරන්න දෙයක් නැතැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේ දී පැවැසීය. 22 July 2025
තීරු බද්ද අඩු කරගන්න තව දුරටත් සාකච්ඡා ඇමෙරිකාව ’’අන්‍යෝන්‍ය බදු’’ ක්‍රමය යටතේ පසුගිය 12 වැනිදා මෙරටට පැනවූ සියයට 30 තීරු බද්ද අඩු කරගැනීම සඳහා පැවැත්වෙන මාර්ගගත සාකච්ඡාවල දෙවැනි අදියර හෙට (23) පැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 22 July 2025
අස්වැසුම අභියාචනා කාලය දීර්ඝ කරයි අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ දෙවැනි අදියරට අදාළව අභියාචනා සහ විරෝධතා භාර ගැනීමේ කාල සීමාව දීර්ඝ කළ බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමිනක් පවසයි 22 July 2025
සංචාරක අධිකාරියෙන් පොරොන්දුවක් නීති විරෝධී ලෙස සංචාරක මාර්ග උපදේශනයේ යෙදෙන සංචාරක මාර්ග උපදේශකයන්ට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගන්නා බවට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (22) පොරොන්දු විය. 22 July 2025
ඖෂධ හිඟයට වගකීමෙන් යුතු විසඳුමක් ඉල්ලයි රජය රෝහල්වල පවතින ඖෂධ සහ උපකරණ හිඟයට පිළියමක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛනයෙන් ප්‍රායෝගික ගැටලු රැසක් මතුවන බවත් එම ගැටලු සහ අදාළ චක්‍රලේඛනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා සමග කඩිනමින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 22 July 2025
තව අවුරුද්දකින් ආණ්ඩුවටයි අපටයි නරක අත්දැකීමක් තව අවුරුද්දක් යන විට ආණ්ඩුවට වගේම අපටත් නරක අත්දැකීම්වලට මුහුණ දීමට තිබෙන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 July 2025
ආණ්ඩුවට වැඩියම ආදරේ විපක්ෂය හැදෙන්න ඕන විදිය ගැන විපක්ෂය අපට දිගටම උපදෙස් දෙනවා. විපක්ෂය තරම් මේ දවස්වල අපට ආදරේ වෙන කිසිවකුත් නැතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 July 2025
පොඩි මිනිහාගේ කී ආණ්ඩුව අද හාම්පුතුන්ගේ ආණ්ඩුවක් වෙලා පොඩි මිනිහාගේ කී ආණ්ඩුව අද හාම්පුතුන්ගේ ආණ්ඩුවක් බවට පත්වී තිබෙන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පෙ.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 July 2025
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවාදය අනිද්දා යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් අනිද්දා (24) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (22) තීරණය කළේය. 22 July 2025
කොළඹ - ගමේ පාසල් දෙකක් ජනපති කාර්යාලයට කොළඹ මහානාම විද්‍යාලයේ සහ පොළොන්නරුව දම්මින්න මහා විද්‍යාලයේ සිසුසිසුවියෝ අද ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියහ. 22 July 2025
විදුලි පනත විවාදය කල් යයි පාර්ලිමේන්තුවේදී අනිද්දා 24 පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ එදින නොපවත්වා වෙනත් දිනයක පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 22 July 2025
පෞද්ගලික අංශයට වැඩි කළ වැටුප දැන් අනිවාර්යෙන් ගෙවිය යුතුයි පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම පාර්ලිමේන්තු පණතක් ලෙස සම්මත කරන බැවින් සියලු ආයතන එම වැටුප් වැඩිවීම අනිවාර්යයෙන්ම ලබාදිය යුතු බව විදේශ කටයුතු ,විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය. 22 July 2025
අයි.එම්.එෆ් පස් වන වාරිකයත් නිදහස් කළා මූල්‍ය අරමුදලේ සමාලෝචන හතරක් අවසන් වී පස්වන වාරිකය මේ වන විට නිදහස් කර තිබෙන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 July 2025
අල්ලස්ගත් හිටපු ඇමැති ලේකම් අත්අඩංගුවට කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 22 July 2025
‘‘මම වාහනේ ගත්තේ ප්‍රබල ඇමැති කෙනෙක්ගෙන්’’ මම මේ වාහනේ ගත්තේ හිටපු ප්‍රබල ඇමති කෙනෙක්ගෙන්.දැන් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. අද මගේ පුතා හිරබත් කනවා.පුතාගේ දරුවෝ දෙන්නා මගෙන් තාත්තා ඉල්ලනවා යැයි කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් විතාන මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 July 2025
ඉනාමළුව රක්ෂිත මැද අලි ගොඩක් මරලා දඹුල්ල ඉනාමළුව රජයේ රක්ෂිතය තුල මීට මාසයකට පමණ ඉහතදී මිය යන්නට ඇති බවට සැක කරන ඇතකුගේ සහ අලින් පස් දෙනකුගේ මළ සිරුරු තැන තැන තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති. 22 July 2025
රක්වාන රත්නාලෝකය නැටුමෙන් බැබලෙයි 2025 සමස්ත ලංකා පාසල් නර්තන තරගාවයේදි මිශ්‍ර සමූහ කණිෂ්ඨ අංශයේ දිවයිනේ තෙවන ස්ථානය දිනා ගැනිමට රක්වාන රත්නාලෝක මහා විද්‍යාලයේ නර්ථන කණ්ඩායම සමත් විය. 22 July 2025
පාස්කු ප්‍රහාරයේ විමර්ශන නොමග යැවූවැයි අයි.පී අත්අඩංගුවට පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන් විසින් වව්නතිව් පොලිසියේ නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියේ විරම්ශන කටයුතු නොමග යැවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ත්‍රස්තවාදිය වැළැක්වීමේ පනත යටතේ වාන්ඇල පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකු ඊයේ (21) අත්අඩංගුවට ගෙන පැය 72 ක කාලයක් රඳවාගෙන විමර්ශන කරන බව අපරාධ පරීක්ෂණ දෙපාතර්මෙන්තුව පවසයි. 22 July 2025
දේපොළ සම්බන්ධ වෘත්තිකයන්ට ආයතනයක් ශ්‍රී ලංකා තථ්‍ය දේපළ වෘත්තිකයන්ගේ ආයතනය ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 July 2025
සිවිල් ගුවන් සේවා නියෝග පාර්ලිමේන්තුවට සිවිල් ගුවන් සේවා (ගගන යාත්‍රාංගන පහසුකම් සඳහා ගාස්තු පැනවීම) නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 July 2025
කෘත්‍රිම බුද්ධියට සිංගප්පූරු සහය කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය සඳහා සිංගප්පූරුවේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ වැඩසටහනේ සහයෝගය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 July 2025
විදුලි සේවකයෝ විරෝධතාවක ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු විදුලිබල කේෂත්රයට ප්‍රතිසංස්කරණ ගෙන එමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව විදුලිබල පනතට විරෝධය දක්වමින් විදුලිබල සේවකයන් විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාල ඉදිරිපිට දැන් පවත්වන විරෝධතාව හේතුවෙන් කොටුව දෙසට තීරුව අවහිරවී වාහන තදබදයක් ඇතිවී තිබේ. 22 July 2025
මැලේසියාව එක්ක කෘෂිකර්ම පර්යේෂණ ගිවිසුමක් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව සහ මැලේසියාවේ කෘෂිකාර්මික පර්යේෂණ හා සංවර්ධන ආයතනය අතර ක්‍රියාකාරී සැලැස්මක් අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 July 2025
ක්‍රීඩාවේ දූෂණ නවත්තන නියෝග පාර්ලිමේන්තුවට ක්‍රීඩා පනතේ 31 වන වගන්තිය සමඟ කියවිය යුතු 41 වන වගන්තිය යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 July 2025
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026