IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


බංකොලොත් රට හැදුව වගේ රටේ නීතියත් හදනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

බංකොලොත් කර තිබූ රට ආර්ථික වශයෙන් ස්ථාවර කළා සේම නීතියේ ආධිපත්‍යය තහවුරු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අල්ලස දූෂණ වංචාවට සම්බන්ධ වූවන් සම්බන්ධයෙන් විමර්ශන කරන විට සමහර අයට රිදෙනවා.තමන්ට රිදෙන කොට අති දක්ෂ විමර්ශන නිලධාරීන්ට පහර ගහනවා. පොලිස් දෙපාර්තමේන්තුව මොන තත්ත්වෙකට ඇදලා දාලා තිබුණාද කියා මේ රටේ ජනතාව දන්නවා.අප පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලනයෙන් නිදහස් කර තිබෙනවා.පොලිසියේ මාරුවීම් ආදී සියල්ල වන්නේ පොලිස් කොමිසම හරහායි.පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කරන්නේ කාර්ය සාධනය මතයි.පොලිස් දෙපාර්තමේන්තුව දැන් දක්ෂ ලෙස සක්‍රීයව කටයුතු කරනවා.මිලියන 624 ක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පසුගිය අයවැයෙන් වෙන් වී තිබුණා.එයින් මිලියන 480ක් මේ වන විට වියදම් කර තියෙනවා.අපි ගත්ත මුදල් පූර්ණ උපයෝජනයෙන් යොදවා තියෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

 



අදහස් (4)

බංකොලොත් රට හැදුව වගේ රටේ නීතියත් හදනවා

කෞෂි Tuesday, 18 November 2025 03:42 PM

දැන්නම් මරු කියවනවා කියලයි පේන්නේ. ඕන පචයක් කියව කියවා ඉන්න, රැල්ල හැරිලා ඉවරයි.

:       2       22

මහසෙන් Tuesday, 18 November 2025 04:30 PM

දවසේ ගානේ මෙහෙම හිනස්සවන්න එපා මනුස්සයෝ...

:       2       13

සමන් විමල් Tuesday, 18 November 2025 04:37 PM

කයිතන්ලා රට තවත් අගාධයකට ඇදගෙන යනගමන්. 294 ට තිබුණු රුපියල 309 යි.

:       2       12

GAMA VARESE Tuesday, 18 November 2025 04:55 PM

මොවුන් දැන් කතා කරන්නේ මොලය උඩ වාඩි වෙලා.. හොඳට තිබුණු රට බංකොළොත් කළා කිව්වොත් නිවැරැදියි.

:       3       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 61 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 898 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2525 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site