IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


ජාතික ආරක්ෂාවට ඕන ඉඩම් හමුදාව සතුව තිබිය යුතුයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජාතික ආරක්ෂාවට වැදගත් බිම් කොටස් ආරක්ෂක හමුදා සතුව තබා ගැනීම ප්‍රමුඛතාව විය යුතු බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"රටේ ආර්ථිකය ආරක්ෂාවට කොතරම් වැදගත් ද කියා ආණ්ඩුවට සැලකිල්ලක් තිබේ යැයි පෙනෙන්නේ නැහැ.මේ ආණ්ඩුව රටේ ආරක්ෂාව ගැන ක්‍රියා කරන්නේ නොගැඹුරු මුහුදේ ඇවිදිනවා වගේ.මැතිවරණ පොරොන්දු මත පදනම්ව රටේ ජාතික ආරක්ෂාව පැත්තකට තියලා ඔවුන් කටයුතු කරමින් ඉන්නවා.රටේ සමස්ත ජනතාව මේ යුද්ධයෙන් බට කෑවා. යුද්ධය ඉවරයි කියා අපට කියන්න බෑ. යුද්ධය අප නොහිතන වෙලාවක ඇති වෙන්නත් පුළුවන්.අපි ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමු කර කටයුතු කළ යුතුව තියෙනවා.උතුරේ නැගෙනහිර මෙන්ම කොළඹ ජාතික ආරක්ෂාව පිළිබඳ කටයුතු කරන්නේ කොහොමද කියලා අප සැලකිලිමත් වෙන්න ඕන.උතුරේ බරපතල ඉඩම් ප්‍රශ්නයක් තියෙනවා.පෞද්ගලික ආරක්ෂාවට වඩා ජාතික ආරක්ෂාව ගැන හිතලා මේ ඉඩම් පිළිබඳ තීන්දු තීරණ ගත යුතුයි. ආරක්ෂක මරමස්ථාන වල තිබෙන ඉඩම් නැවත ඉඩම් හිමියන්ට ලබා දිය යුතුද නැතිනම් ඒ ඉඩම් වෙනුවට විකල්ප ඉඩම් ලබා දෙනවාද කියා සිතිය යුතුයි.එහෙම නැතිනම් ඉඩම් වෙනුවට වන්දි දෙන්න පුළුවන් යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

 



අදහස් (1)

ජාතික ආරක්ෂාවට ඕන ඉඩම් හමුදාව සතුව තිබිය යුතුයි

බංකු, බංකු Tuesday, 18 November 2025 04:44 PM

ඔයාට පාන්ද, අපි වැඩ කරන්නේ අපිට පඩි ගෙවන කොටි ඩෑෂ්පොරෝවට ඕනෑ හැටියට...

:       5       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 61 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 898 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2525 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site